ඇය ඔහුට ඇගේ පන මෙන් ආදරය කලාය.ඔවුන් ජීවත වූයේ ඔව්න්ගේම ලෝකයක් තනාගෙනය.ඔවුන්ගේ මෙම ආදරය උසස් පෙල ආරම්භ වීමත් සමග තවත් දලු ලා වැඩැන්නට විය.ඔවුන් දිනක් ඔව්න්ගේ අදරයේ සිමාවෙන් වලින් ඕබ්බට පැන ගියේය.දිනක් පන්තියේ ගුරුවරයාට පන්තියට පැමිනීමට නොහැකි වුවේය..එදින මොව්න් දෙදනා පන්ති අවසන් වේලාව පැමිනෙන තුරු ලැගුම්හලක ගතකලේ තම ජිවිතයේ සුන්දරම හෝරාවන් කිහිපය එය යයි සිතමිනි.එම හෝරාවන් අතරතුර පෙම්වතාගේ දුරකතනයෙන් ඇගේ පින්තුර කිහිපයක් ගත්තේ ඇයගෙ අනුදැනුමද ඇතිවය.ඔව්න් දෙදෙනාගේ සිතේ ආදරය මිස වෙන කිසිවක් නොවිය.. දින සති ගෙවි ගියේය.ඔව්න්ගේ බැදීම් තවත් වැඩි විය. දින සති ගෙවි ගියේය.ඔව්න්ගේ බැදීම් තවත් වැඩි
විය.ඔව්න් නිතර නිතර ඒසේ මුන ගැසුනේය.තව තවත් පින්තුර හා විඩියෝ ඔහුගේ දුරකතනයේ සටහන් විය.එක දිනක් ඔහුගේ දුරකතනය බිම වැටී ක්‍රියවිරහිත වීම හෙතුවෙන් ඔහු එය දුරකතන වෙලදසැලකට
ගෙනගොස් දෝෂය නිවරදි කරගැනීමට ලබාදී අවේය.වෙලදසැලෙහි සිටි අයියා එය ගෙනගොස් දොෂය නිවැරදි කර ටිකක් දුරකතනය පරික්ෂා කිරිමේදී ඔහුගේ ඇස් වලට මෙම ජායාරුප හසුවුයේය.. මොහු එම ජායරුප හා වීඩීයෝ සියල්ලම ඔහුගේ දුරකතනයට ලබාගත්තේ තාක්ෂණයේ දියුනුවේ ආදාරයෙනි.පෙම්වතා දුරකතනය රැගෙන ගෙදර ගියේ තම පෙම්වතිය සමග මලක් 2ක් කැඩිමටය..වේලදසැලෙහි අයියා ගෙදර ගියේ ජායාරුප හරි ආකාරයට බලා ගැනිමටය..
ඔහු ගෙදර ගොස් සියල්ල බලා අනුන්ගේ සතුටින් ඔහුද යම් සතුටක් ලබුවා පමනක් නොව තම මිතුරන්ටද ඒව පෙන්වුයේ ඛෙදාහදා ගැනීම තනිවම බුක්ති විදිනවාට වඩා වටින නිස වෙන්නට පුලුවන.මෙසේ කලය ගත වුනේය.ඔහු හා ඇය මේ කිසිවක් සිහිනෙකින්වත් සිතා සිටියේ නැත.තාක්ෂණයේ දියුණුවටද පින්සිද්ධ වන්නට ජයාරූප සහ වීඩීයෝ රටපුරා හා අන්තර්ජතිකවද විසීරී ගියේය.ටිකෙන් ටික ඇය පරේ යනවිට කොල්ලන් විහිලු කිරිමටද,පස්සෙ ඒමටද පටන්ගත්තේය.එහෙත් ඒවා ඇය එතරම් ගනන්ගත්තේ නැත.
එහේත් හදිසියේ ඇගේ අයියා නිවසට පැමින යාකා නටන්නට විය.ඔහු ඇයට තම දුරකතනයෙන් දමා ගසා කියුවේ ලබලපන් උඛෙ හපන්කම්ල කියාය. ඇයට කිසිත් අදහාගත නොහැකිව දුරකතනය දෙස බැලුවේය.එහි තිබුනේ ඇයගේ පෙම්වතා විසින් ලබගත් ජායරුපය.ඇගේ මවද මෙ කලබලය ඇසි දිවවිත් දුරකතනය උදුරා බැලුවේය.අම්මාට මතක එපමනය.මව සිහිසුන්ව වැටුනාය.මවට සිහිය එන විට ඇයගේ ආදරනීය දියනිය මෙලොව සමුගෙනය.ඇයගේ පෙම්වතාද ඇය සියදිවිනසාගැනිම නිසා සියදිවිනසගෙන ඇත.ඔවුන්ගේ අදරය පිවිතුරුය.එසේනම් සිදු වුයේ කුමක්ද?
සිදුවුයේ ඔවුන්ගේ සිමාවෙන් එහාට යාමද?
සිදුවුයේ වෙලදසැලේ අයියා අහින්සක ජිවිත විනාශ කල එකද?
සිදුවුයේ තාක්ෂණයේ දුයුණුවේ ආනිසන්සද?
නැත මම සිතනා පරිදි සිදුවුයේ..
අදරයෙන් හැදු දරුවන් දෙදෙනෙකු අහින්සක දෙමාපියන්,සහෝදර සහෝදරියන්ට අහිමවීම
ඔව්න් ඉගෙනුම ලැබූ පාසල්වල කීර්තිනාමය බිදවැටීම
රටට යහපත් පුරවැසියන් දෙදෙනකු නැතිවීමත්ය.
එය සිදුවුයේ කලින් සදහන් කල හෙතු නිසාය..
දැන් අපිට ඒ පිලිබදව කලහැකි කිසිවක් නොමැත.එහෙත් අපිට කලහැකි දෙයක් ඇත.එනම්..
අම්මේ තාත්තේ - ඔබේ දරුවන් පිලිබදව හොද සැලකීමෙන් ජීවත් වෙන්න.ඔව්න් පිලිබදව හොද අවධානයක් දෙන්න.ඔව්න් සමග සුහදසීලිව ඉන්න.ඔව්න්ට හොද නරක කියා දෙන්න.
ඔහු / ඇය - ආදරේ කරන්න, ආදරේ විදින්න, ඒත් සීමාවෙන් එහාට යන්න ඒපා.ඒම යනවනම් දෙමපියන් ගැනත් හිතන්න.ආදරේ කරනකෙනාගෙ ජායරූපයක් තියගන්න.ඒත් ඒ ජයාරුපය ඔයාගේ අදරේට ගැලපෙන,අදරේ කරන කෙනාට කිසි හානියක් නොවෙන 1ක් වෙන්න වගබල ගන්න..
අයියේ / අක්කේ- මේ වගේ වෙලවකදී කලබල වෙන්න එපා.මේ වගෙ වෙලවකදි ඔයල එයලා ලගින් ඉන්න ඕන. නැතිනම් එයාල තනි වෙනවා.කලබල නොවි මේ වවෙලවෙදි වැඩ කරන්න,ඔයාලට පුලුවන් එයලට හොදනරක කියල දෙන්න..
මේ කථාවේ වෙලදසැලෙ ඉන්න අයියල වගේ අය - ඔයාලා මොනදේ කරත් ඊට කලින් ටිකක් හිතන්න වෙන්න පුලුවන් දේ ගැන.ඒ වගේ දෙයක් දැක්කොත් බලන 1 සදාරනයි කියමුකො.ඒ මිනිස්සුන්ගේ හැටි කියමුකෝ.ඒත් අයියේ මේ දේ ඔයගේ නදගිට,අක්කට හරි දුවෙකුට හරි උනොත්..? මොනද ඔයාටත් හිතේන්නේ?
දෙයක් උනාම කෑගහනවට වඩා වෙන්න කලින් වලක්වන 1 හොදයි කියලයි හිතන්නේ.ආයේ මේ වගේ දේවල් වෙන 1 වලක්වන්න හිත්ක් තියෙනම් හරි කැමැත්තක් තියෙනම් හරි අනිත් අයටත් මේක බලන්න ීය්රු කරන්න.. අද වෙන කෙනෙකුට උන දේ හෙට ඔයාට,ඔයාගේ අක්කට,නදගිට,දුවට,නෑදෑයෙකුට,යාළුවෙකුට උනත් වෙන්න පුලුවන්.ඒනිස සාමාජය දැනුවත් කරන්න අපි සමග එකතු වෙමු..
උපුටා ගැනීම rusithuwam බොලොගෙයනි
