මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ පානදුර මාදුපිටියේ පදිංචි සිව්දරු පියෙකි. මෙම පියා විසින් දියණියට විටින් විට නොයෙක් අසභ්‍ය චිත්‍රපටි හා සඟරා පෙන්වමින් දියණිය විටින් විට දූෂණයට පත් කර ඇතිබව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධන් මෙම දියණිය පොලිසියට පවසා ඇත්තේ දැන් ඇයට වයස අවුරුදු 13 ක් බවත් ඇගේ මව විදේශගතව ඇති බවත් අනිකුත් සොයුරියන් තිදෙනා බලාගත්තේ මෙම දියණිය හා ඇගේ ආච්චි අම්මා බවත්ය. තවද ආච්චි අම්මා නිවසේ නොමැති අවස්ථාවල තම පියා තමා සමග ලිංගිකව හැසිරෙන බවද ඇය පොලිසියට පවසා ඇතැයි පොලිසිය කියයි. පොලිසියට ලැබුණු රහසිගත තොරතුරකට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි. පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගැනීමේ දී මෙම සැකකරුගේ නිවසේ තිබී උපත් පාලන කොපු 7 ක් හා අසභ්‍ය සඟරා කිහිපයක්ද සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.
මෙලෙස දූෂණයට ලක්වූ දැරිය පානදුර කේතුමති රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර සිද්ධිය සම්බන්ධයෙන් පානදුර අපරාධ අංශයේ ස්ථානාධිපති ඉන්ද්‍රජිත් මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරින් වැඩිදුර පරික්ෂණ සිදුකරනු ලබයි.
එම්.පී.මනෝජ් කුරේ - මොරටුවlakbima