Monday, July 29, 2013

◄ සැබෑ මිතුරා ►

එක්තරා ධනවත් තරුණයෙකුට මිතුරන් 1000 ක් සිටියා. තරුණයා සතුදේ මේ යහළුවන් සමග බෙදා හදාගන්න ඔහු පුරුදුව සිටියා. ඒපිළිබඳව ඔහුගේ මව සිටියේ කනස්සල්ලෙන්. දිනක් මෙය නවතා දමන ලෙස ඇය ඔහුගෙන් ඉල්ලීමක් කලා.

Sunday, July 28, 2013

කන්‍යාභාවය විකිණූ කැතරිනා නිරුවතත් විකුණයි

කන්‍යාභාවය විකිණූ කැතරිනා නිරුවතත් විකුණයි
catarina-pl-450පහුගිය අවුරුද්දෙ සැප්තැම්බර් මාසයේදී තමන්ගේ කන්‍යාභාවය ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණූ බ්‍රසීල ජාතික කෙල්ලක් ගැන ලෝකය පුරාම ප්‍රචලිත වුණා.
ඇය බ්‍රසීල ජාතික ශිෂ්‍යාවක වන කැතරිනා මිග්ලියෝරිනි.
ඇගේ කන්‍යාභාවයට ඩොලර් 780,000ක ලංසුවක් තබන්නට ජපන් ජාතිකයෙක් සමත් වුණේ තවත් තරග කරුවන් 14ක් පරාජයට පත් කරමින්..
මෙහි ඇති විශේෂත්වය කන්‍යාභාවය විකිණීම නොවේ..

ලොකයේ වැඩිම මුදලකට කන්‍යාභාවය අලෙවිවු අවස්ථාව එය නිසයි. ඒ කියන්නේ මීට පෙරත් තමන්ගේ කනාභාවය විකිණූ කෙල්ලන් ඉඳල තියෙනවා..

කන්‍යාභාවය විකිනීමෙන් පසුව ඇය නියමිත පරිදි ඇගේ කන්‍යාභාවය අර කිව්ව ජපන් ජාතිකයාට ලබා දෙන්නට ඇතැයි හිතමු.. මන්ද ඒ ගනුදෙනුව ගැන් ඊට පස්සේ කිසිම හාවක් හුවක් නැති නිසාය..
කැතරිනාට දැන් මොකද වෙලා තියෙන්නේ කියාල හොයල බැලුවාම ඇගේ අලුත් විස්තරයක් දැන ගාන්නට ලැබුණා ඡායාරූප ගොඩකුත් එක්ක.. මන් හිතන්නේ මේ ගැන මීට පෙර සිංහලෙන් ලියවිලා නැතුවත් ඇති..
තමන්ගේ කන්‍යාභාවයට අති විශාල මිලක් නියම කර ගත් කැතිරිනා තමන්ගේ නිරුවත් ශරීරයටත් විශාල අගයක් ලබා දෙන්න සමත් වෙලා.. ඈ ඇගේ සම්පූර්ණ නිරුවත් ඡායාරූප පෙළක් ලෝ ප්‍රකට නිරුවත් ඡායරූප සඟරාව වන PLAY BOY සඟරාවේ බ්‍රසීලියානු සංස්කරණයට ලබාදීල තියෙනවා.. පසුගිය ජනවාරි කලාපයේ මෙම ශෘංගාරත්මක ඡායාරූප එකතුව පළ කරල තියෙන්නේ ලොකු ගනුදෙනුවකට කියලා පැවැසුනත් ගාන කීයද කියලා දැන ගන්නට නැහැ.

ගැහැනියගේ කන්‍යාභාවයට නිරුවතට මෙතරම් මිළක් නියම වන්නේ ඇයි කියන එක විවාදාත්මක කාරනයක්..එක එක අය එක එක විදිහට මේ කාරණයට උත්තර බදිනව.. මට සරළවම කියන්න තියෙන්නේ මේක පිරිමින්ගේ upset එකක් කියල විතරයි.

කැතරිනාට තමන්ගේ කන්‍යාභාවයට ,නිරුවත් ශරීරයට ඉහළ වටිනාකමක් ලබා ගන්නට පුලුවන් උනත් අපේ රටේ ප්‍රශ්නය කන්‍යාභාවය තමන්ගේ අයිතියක් කියල කිසිම ගැහැනියකට කියන්න බැරි තරමට තත්වය ඛේදජනක වීමයි..

රන්දි කි‍ඳෙල්පිටිය

තෝරාගත් Play Boy brazil - images කිහිපයක් මේ ..(සංස්කරණය කරන ලදී. 16+ නම් මැනවි..ඒත් තමුන්ගේ හිරි ඔතප් බිඳේ යැයි සිතෙන්නේ නම් නොබලනු.. ඊට අපගේ වගකීමක් නැත)



catarina-pl-9


catarina-pl-6
catarina-pl-3

catarina-pl-4
catarina-pl-5

 

කෝටි 10කට කන්‍යාභාවය විකිණූවා කිව් කැතරිනා තවමත් කන්‍යාවක්‌ !

        
Catarina-Migliorini-27713තමන්ගේ කන්‍යාභාවය ලොව වැඩිම මුදලකට විකුණා දැමු තරුණිය ලෙසා පසුගිය කාලයේ මහත් ආන්දෝඅලනයක් ඇතිකළ  කැතරිනා මිග්ලිඕරිනි නම් බ්‍රසීල ජාතික තරුණිය  තමන් ‍රැවැටීමකට ගොදුරු වූ බව පසුගියදා හෙළි කර තිබුණි. එසේම ඇය තවමත් කන්‍යාවියක් බවත් ඇය පැවැසුවාය.

කැතරිනා මිග්ලිඕරිනි (Catarina migliorini) නමැති  තමන්ගේ පවිත්‍රත්වයේ සම්පත වන කන්‍යාභාවය රුපිල් දස කෝටියකට නොහොත් ඩොලර් 780,000 ට ජපනකු වෙනුවෙන් අලෙවි කළ බව කියැවිනි.

 මෙම පුවත පළ වී මාස අටකට පසු, පසුගිය සතියේ යළිත් වරක්‌ කන්‍යාභාවය විකුණූ එම දැරිය ගැන අලුත්ම පුවතක්‌ ලන්ඩනයේ "ඩේලි මේල්" පුවත්පතින් අපට අසන්නට ලැබිණි. කිසියම් පිරිසකට රැවටී මෙම දැරිය තම කන්‍යාභාවය නැති කරගෙන ඇති බව එම පුවතින් වැඩිදුරටත් කියැවිණි. සමස්‌ත ලෝක ජනතාවම විශ්මයට පත් කළ එම කතාවේ අලුත්ම තොරතුරු ඔබට දැන ගැනීම සඳහා මෙසේ සටහන් කරමු.


ජස්‌ටින් සිස්‌ලේ (Justin siselly) ඕස්‌ට්‍රේලියානු ජාතික චිත්‍රපට නිෂ්පාදකවරයෙකි. ඔහු "වර්ජින්ස්‌ වෝන්ටඩ්" (Virgins Wanted) නොහොත් 'කන්‍යාවන් ඕනෑ' නමින් චිත්‍රපටයක වැඩ පසුගියදා ආරම්භ කළේය. මෙම චිත්‍රපටයට හැබෑ ලිංගික සංවාස ජවනිකාවක්‌ ඇතුළත් කිරීමට නිෂ්පාදක ජස්‌ටින් සිස්‌ලේට අවශ්‍ය විය. ඒ සඳහා ඔහු අන්තර්ජාලය ඔස්‌සේ කන්‍යාවකගේ කන්‍යාභාවය අලෙවි කිරීමේ වෙන්දේසියක්‌ ආරම්භ කළේය. එතැනින් නොනැවතුන ජස්‌ටින් සිස්‌ලේ ඔස්‌ට්‍රේලියාවේ සිඩ්නි සහ මෙල්බර්න් නගරවල ද විශාල දැන්වීම් පුවරු ප්‍රදර්ශන කරමින් "කන්‍යාවන් උවමනායි" කියා සිටියේය. අන්තර්ජාලයේ පළ වී තිබුණ මෙම වෙන්දේසියේ තොරතුරු දුටු බ්‍රසීලයේ භෞතික විද්‍යාව හදාරන ශිෂ්‍යාවක වන කැතරිනා මිග්ලිඕරිනි තමන්ගේ කන්‍යාභාවය වෙන්දේසියේ විකිණීමට කැමැත්ත පළ කර සිටියාය.

මෙම වෙන්දේසියේදී කැතරිනාගේ කන්‍යාභාවය විකිණී ඇත්තේ ඩොලර් 780000 ට නොහොත් අපේ මුදලින් රුපියල් දස කෝටි දාහතර ලක්‍ෂයකටය. විසිහැවිරිදි කැතරිනාගේ කන්‍යාභාවය ලබා ගැනීම සඳහා මෙම වෙන්දේසියේදී ලන්සු පහළොවක්‌ ඉදිරිපත් වූ අතර ඇය අලෙවි වී ඇත්තේ පහළොස්‌වැනි ලන්සුවටය. ඇය මිලදී ගෙන ඇත්තේ ජපනෙකි. "නට්‌සු" නමින් පෙනී සිටි මෙම ජපනා ඔහුගේ නියම නමින් පෙනී නොසිටියේය.

Catarina-Migliorini-27713-1
මෙම වෙන්දේසියෙන් පසු චිත්‍රපට නිෂ්පාදක ජස්‌ටින් සිස්‌ලේ කියා සිටියේ ඔස්‌ට්‍රේලියාව බලා පිටත්ව යන ගුවන් යානයකදී මෙම කන්‍යාව, ඇයව මිලදී ගත් පුද්ගලයාට භාර දෙන බවය. ඇයගේ කන්‍යාභාවය සිඳීමට පෙර හා පසුව වන සිද්ධීන් ඉතා රහසිගත ස්‌ථානයකදී ඇය මුණගැසී දැන ගන්නා බව ද නිෂ්පාදක ජස්‌ටින් කියා සිටියේය.

මේ අතර තම කන්‍යාභාවය විකිණීමේ ගනුදෙනුව ගැන 'Huffington Post' නමැති පුවත්පතට ප්‍රකාශයක්‌ කරන කැත්රිනා
"ජස්‌ටින් සිස්‌ලේ මාව මුලා කළා. මම ඔවුන්ට රැවටුණා මං හිතනවා සිස්‌ලේ මාව පමණක්‌ නොවෙයි තවත් බොහෝ දෙනෙක්‌ රවට්‌ටලා තියෙනවා කියල...." යැයි කියා ඇත. මෙම කන්‍යාභාව ගනුදෙනුව ගැන වැඩිදුරටත් කරුණු දක්‌වන කැතරිනා, මෙම වෙන්දේසිය සංවිධානය කළ චිත්‍රපට නිෂ්පාදක ජස්‌ටින් සිස්‌ලේ තමන්ට දෙනවා යෑයි කී මුදලෙන් (ඩොලර් හත්ලක්‍ෂ අසූ දහ) සතයක්‌වත් මේ දක්‌වා ලැබී නැතැයි ද කියා සිටියි.


කන්‍යාභාවය විකිණීමේ ගනුදෙනුවට තමා කැමැති වුවත් තමන් තවමත් කන්‍යාවක්‌ බව කැතරිනා වැඩිදුරටත් සඳහන් කරයි. තමන් කන්‍යාභාවය විකිණීමට කැමැති වූයේ එක්‌ පරමාර්ථයක්‌ මුල් කරගෙන යැයි කියන කැතරිනා මෙම මුදල් තමන්ට ලැබුණේ නම් නිවසක්‌ නැති දුගී පවුල් කීපයකට නිවාස කීපයක්‌ තනාදීමට තමන් සැලසුම් කර තිබුණේ යෑයිද කැතරිනා වැඩිදුරටත් කියා සිටියි.

කැතරිනා තම කන්‍යාභාවය වෙන්දේසියේ අලෙවි කිරීමට ඉදිරිපත් වූයේ හොඳ පරමාර්ථයකින් වුවත් මුළු ලෝකයාම ඇය දෙස බැලුවේ වපර ඇසකිනි. මුළු ලෝකයාගේම අපවාදය ඇය වෙත එල්ල වූයේ ඉන් පසුවය. වෙසඟනකට හැර වෙන කෙනකුට මෙවැනි දෙයක්‌ කළ නොහැකි බව ඔවුහු චෝදනාකර සිටියහ. ඇත්ත වශයෙන්ම ඇය වෙසඟනකැයි ඔවුහු වැඩිදුරටත් කියා සිටියහ.

Catarina-Migliorini-auctions-off-virginity-again
මෙම වෙන්දේසිය නිසා තමන් ලෝක අපවාදයකට ලක්‌වී සිටින බව දන්නේ යෑයි 'Folha' නමැති පුවත්පතට ප්‍රකාශයක්‌ කරමින් කියා සිටි කැතරිනා තමන් එවැනි ගැහැනියක්‌ නොවේ යැයිද කියා සිටියාය.
"මේ වෙන්දේසිය ඒ අයගේ බිස්‌නස්‌ එකක්‌. මෙයට ඉදිරිපත් වීමෙන් මට ලෝකය පුරා කරක්‌ ගැසීමටත් චිත්‍රපටයක රඟපෑමටත් ලැබෙනවා.... එපමණක්‌ නොවෙයි.. චිත්‍රපටයේ රඟපාල මට වෙනම මුදලක්‌ හොයා ගන්නත් පුළුවන්කම තිබුණා" ඇය 'Folha' පුවත්පතට කියා සිටියාය.

මෙම වෙන්දේසියෙන් පසු තමන්ගේ කන්‍යාභාවය මිලදී ගත් "නට්‌සු"නමැති ජපන් කාරයා හමුවීම සඳහා සිඩ්නි නගරයේ අවන්හලකට ගිය බව කියන කැත්රිනා එහිදී තමන්ට මුණ ගැසුණේ කැත පුද්ගලයකු බව ද චිත්‍රපට නිෂ්පාදක ජස්‌ටින් සඳහන් කළ රූප ලක්‍ෂණ ඔහුට නොතිබුණේ යැයි කියා සිටියාය. "මේ නිසා නට්‌සු සහ තමන් අතර කිසිම ලිංගික සංවාසයක්‌ නොවූ බව ද ඇය වැඩිදුරටත් කියා සිටියාය.

මෙම වෙන්දේසියේදී චිත්‍රපට නිෂ්පාදක ජස්‌ටින් සිස්‌ලේ තමන්ට දීමට පොරොන්දු වූ මුදලෙන් සතයක්‌වත් නොගෙවූ බව කියන කැතිරිනා. තමන් නට්‌සු හමුවීම සඳහා ඔස්‌ට්‍රේලියාවට ගිය ගමන් වියදම්වත් නොදුන් බව කියා සිටියාය.." මොහු ප්‍රොඩාකාරයෙක්‌... මොහු මේ වෙන්දේසිය සංවිධානය කරල තිබුණේ ඔහුගේ චිත්‍රපටයට ප්‍රචාරයක්‌ ලබා ගැනීමේ අරමුණින් බව දැන් පැහැදිලිය. මගේ කන්‍යාභාවය අලෙවි කිරීමේ මුවාවෙන් ජස්‌ටින් ඔහුගේ චිත්‍රපටයට හොඳ ප්‍රචාරයක්‌ ලබා ගත්තා. අනිත් කාරණය තමයි මාව අලෙවි කළ ජපන්කාරයා "නට්‌සු" නමැති පුද්ගලයෙක්‌ මාව මිලදී ගත් බව චිත්‍රපට නිෂ්පාදක ජස්‌ටින් කියතත් එහෙම කෙනෙක්‌ සිටියේ නැති බව දැන් මට පැහැදිලියි". මෙම වෙන්දේසිය නිසා කැතරිනා මිග්ලිඕරිනි නමැති භෞතික විද්‍යාව හදාරන ශිෂ්‍යාවට ලෝක ප්‍රසිද්ධියක්‌ ලැබුණ බව ඇත්තකි. මෙම වෙන්දේසිය නිසා තමන් වංචාකාරයන් පිරිසකට අසු වූ බව ඇය වැඩිදුරටත් කියා සිටියාය.
( noc)

මෙතැනින් බලන්න >>
කන්‍යාභාවය විකිණූ කැතරිනා නිරුවතත් විකුණයි

Tuesday, July 16, 2013

ඔවුන්ගේ අදරය පිවිතුරුය.එසේනම් සිදු වුයේ කුමක්ද?

                                      ඇය ඔහුට ඇගේ පන මෙන් ආදරය කලාය.ඔවුන් ජීවත වූයේ ඔව්න්ගේම ලෝකයක් තනාගෙනය.ඔවුන්ගේ මෙම ආදරය උසස් පෙල ආරම්භ වීමත් සමග තවත් දලු ලා වැඩැන්නට විය.ඔවුන් දිනක් ඔව්න්ගේ අදරයේ සිමාවෙන් වලින් ඕබ්බට පැන ගියේය.දිනක් පන්තියේ ගුරුවරයාට පන්තියට පැමිනීමට නොහැකි වුවේය..එදින මොව්න් දෙදනා පන්ති අවසන් වේලාව පැමිනෙන තුරු ලැගුම්හලක ගතකලේ තම ජිවිතයේ සුන්දරම හෝරාවන් කිහිපය එය යයි සිතමිනි.එම හෝරාවන් අතරතුර පෙම්වතාගේ දුරකතනයෙන් ඇගේ පින්තුර කිහිපයක් ගත්තේ ඇයගෙ අනුදැනුමද ඇතිවය.ඔව්න් දෙදෙනාගේ සිතේ ආදරය මිස වෙන කිසිවක් නොවිය.. දින සති ගෙවි ගියේය.ඔව්න්ගේ බැදීම් තවත් වැඩි විය. දින සති ගෙවි ගියේය.ඔව්න්ගේ බැදීම් තවත් වැඩි

විය.ඔව්න් නිතර නිතර ඒසේ මුන ගැසුනේය.තව තවත් පින්තුර හා විඩියෝ ඔහුගේ දුරකතනයේ සටහන් විය.එක දිනක් ඔහුගේ දුරකතනය බිම වැටී ක්‍රියවිරහිත වීම හෙතුවෙන් ඔහු එය දුරකතන වෙලදසැලකට

ගෙනගොස් දෝෂය නිවරදි කරගැනීමට ලබාදී අවේය.වෙලදසැලෙහි සිටි අයියා එය ගෙනගොස් දොෂය නිවැරදි කර ටිකක් දුරකතනය පරික්ෂා කිරිමේදී ඔහුගේ ඇස් වලට මෙම ජායාරුප හසුවුයේය.. මොහු එම ජායරුප හා වීඩීයෝ සියල්ලම ඔහුගේ දුරකතනයට ලබාගත්තේ තාක්ෂණයේ දියුනුවේ ආදාරයෙනි.පෙම්වතා දුරකතනය ‍රැගෙන ගෙදර ගියේ තම පෙම්වතිය සමග මලක් 2ක් කැඩිමටය..වේලදසැලෙහි අයියා ගෙදර ගියේ ජායාරුප හරි ආකාරයට බලා ගැනිමටය..

ඔහු ගෙදර ගොස් සියල්ල බලා අනුන්ගේ සතුටින් ඔහුද යම් සතුටක් ලබුවා පමනක් නොව තම මිතුරන්ටද ඒව පෙන්වුයේ ඛෙදාහදා ගැනීම තනිවම බුක්ති විදිනවාට වඩා වටින නිස වෙන්නට පුලුවන.මෙසේ කලය ගත වුනේය.ඔහු හා ඇය මේ කිසිවක් සිහිනෙකින්වත් සිතා සිටියේ නැත.තාක්ෂණයේ දියුණුවටද පින්සිද්ධ වන්නට ජයාරූප සහ වීඩීයෝ රටපුරා හා අන්තර්ජතිකවද විසීරී ගියේය.ටිකෙන් ටික ඇය පරේ යනවිට කොල්ලන් විහිලු කිරිමටද,පස්සෙ ඒමටද පටන්ගත්තේය.එහෙත් ඒවා ඇය එතරම් ගනන්ගත්තේ නැත.

එහේත් හදිසියේ ඇගේ අයියා නිවසට පැමින යාකා නටන්නට විය.ඔහු ඇයට තම දුරකතනයෙන් දමා ගසා කියුවේ ලබලපන් උඛෙ හපන්කම්ල කියාය. ඇයට කිසිත් අදහාගත නොහැකිව දුරකතනය දෙස බැලුවේය.එහි තිබුනේ ඇයගේ පෙම්වතා විසින් ලබගත් ජායරුපය.ඇගේ මවද මෙ කලබලය ඇසි දිවවිත් දුරකතනය උදුරා බැලුවේය.අම්මාට මතක එපමනය.මව සිහිසුන්ව වැ‍ටුනාය.මවට සිහිය එන විට ඇයගේ ආදරනීය දියනිය මෙලොව සමුගෙනය.ඇයගේ පෙම්වතාද ඇය සියදිවිනසාගැනිම නිසා සියදිවිනසගෙන ඇත.ඔවුන්ගේ අදරය පිවිතුරුය.එසේනම් සිදු වුයේ කුමක්ද?

සිදුවුයේ ඔවුන්ගේ සිමාවෙන් එහාට යාමද?

සිදුවුයේ වෙලදසැලේ අයියා අහින්සක ජිවිත විනාශ කල එකද?

සිදුවුයේ තාක්ෂණයේ දුයුණුවේ ආනිසන්සද?

නැත මම සිතනා පරිදි සිදුවුයේ..

අදරයෙන් හැදු දරුවන් දෙදෙනෙකු අහින්සක දෙමාපියන්,සහෝදර සහෝදරියන්ට අහිමවීම

ඔව්න් ඉගෙනුම ලැබූ පාසල්වල කීර්තිනාමය බිදවැටීම

රටට යහපත් පුරවැසියන් දෙදෙනකු නැතිවීමත්ය.

එය සිදුවුයේ කලින් සදහන් කල හෙතු නිසාය..

දැන් අපිට ඒ පිලිබදව කලහැකි කිසිවක් නොමැත.එහෙත් අපිට කලහැකි දෙයක් ඇත.එනම්..

අම්මේ තාත්තේ - ඔබේ දරුවන් පිලිබදව හොද සැලකීමෙන් ජීවත් වෙන්න.ඔව්න් පිලිබදව හොද අවධානයක් දෙන්න.ඔව්න් සමග සුහදසීලිව ඉන්න.ඔව්න්ට හොද නරක කියා දෙන්න.

ඔහු / ඇය - ආදරේ කරන්න, ආදරේ විදින්න, ඒත් සීමාවෙන් එහාට යන්න ඒපා.ඒම යනවනම් දෙමපියන් ගැනත් හිතන්න.ආදරේ කරනකෙනාගෙ ජායරූපයක් තියගන්න.ඒත් ඒ ජයාරුපය ඔයාගේ අදරේට ගැලපෙන,අදරේ කරන කෙනාට කිසි හානියක් නොවෙන 1ක් වෙන්න වගබල ගන්න..

අයියේ / අක්කේ- මේ වගේ වෙලවකදී කලබල වෙන්න එපා.මේ වගෙ වෙලවකදි ඔයල එයලා ලගින් ඉන්න ඕන. නැතිනම් එයාල තනි වෙනවා.කලබල නොවි මේ වවෙලවෙදි වැඩ කරන්න,ඔයාලට පුලුවන් එයලට හොදනරක කියල දෙන්න..

මේ කථාවේ වෙලදසැලෙ ඉන්න අයියල වගේ අය - ඔයාලා මොනදේ කරත් ඊට කලින් ටිකක් හිතන්න වෙන්න පුලුවන් දේ ගැන.ඒ වගේ දෙයක් දැක්කොත් බලන 1 සදාරනයි කියමුකො.ඒ මිනිස්සුන්ගේ හැටි කියමුකෝ.ඒත් අයියේ මේ දේ ඔයගේ නදගිට,අක්කට හරි දුවෙකුට හරි උනොත්..? මොනද ඔයාටත් හිතේන්නේ?

දෙයක් උනාම කෑගහනවට වඩා වෙන්න කලින් වලක්වන 1 හොදයි කියලයි හිතන්නේ.ආයේ මේ වගේ දේවල් වෙන 1 වලක්වන්න හිත්ක් තියෙනම් හරි කැමැත්තක් තියෙනම් හරි අනිත් අයටත් මේක බලන්න ීය්රු කරන්න.. අද වෙන කෙනෙකුට උන දේ හෙට ඔයාට,ඔයාගේ අක්කට,නදගිට,දුවට,නෑදෑයෙකුට,යාළුවෙකුට උනත් වෙන්න පුලුවන්.ඒනිස සාමාජය දැනුවත් කරන්න අපි සමග එකතු වෙමු..

උපුටා ගැනීම rusithuwam  බොලොගෙයනි

Tuesday, July 2, 2013

මාස 06 ත් මාස 12 ත් අතර දරුවන්ට සරම්ප එන්නත වහා ලබා දෙන්න (vaccination for sri lanka )

 


kondayaරටපුරා කුඩා දරුවන් අතර මේ වනවිට සරම්ප රෝගය වසංගතයක් ලෙස පැතිර යාමට පටන් ගෙන ඇති බැවින් මාස 06 ත් මාස 12 ත් අතර දරුවන්ට සරම්ප එන්නත වහා ලබා දීමට සෞඛ්‍ය අමාත්‍ය තීරණය කර තිබේ. රෝගයට ගොදුරු වූ දරුවන් 500 කට අධික පිරිසක් මේ වනවිට හමු වී ඇති බැවින් ඔවුන්ගෙන් කීප දෙනෙකුගේ රෝග තත්ත්වය නියුමෝනියා දක්වා වර්ධනය වී ඇති බවත් ඔවුන්ට ප්‍රතිකාර ලබා දී සුවපත් කළ බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කළේය.

නියුමෝනියා තත්ත්වය වැඩි වර්ධනය වුවහොත් කන් බිහිරී වීම, මොළයට හානි වීම, පාචනය, අන්ධවීම වැනි දරුණු තත්ත්වයන් පවා ඇති විය හැකි බව අද (01) වසංගත රෝග විද්‍යා අංශයේ පැවැති මාධ්‍ය හමුවකදී හෙළිදරව් විය.

ඒ අනුව දිවයින පුරා සිටින වයස මාස 06 ත් 12 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන දරුවන්ට සරම්ප එන්නත ලබා දීම ජුලි 05 වන දින උදේ 9.00 සිට සවස 4.00 දක්වා කාලය තුළ සියළුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලදී ආරම්භ කරන බව වෛද්‍ය මහීපාල මහතා කීය.

ජුලි 05 වන දින එන්නත ලබා ගැනීමට නොහැකි වන දරුවන්ට ජුලි 6, 13, 20, 27, යන දිනවලදී ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලදී එම එන්නත ලබා ගත හැකිය.

දරුවාට වයස අවුරුද්ද සම්පූර්ණ වීමේදී සරම්ප එන්නත ලබා දීම මෙතෙක් සිදු කළද මෙම එන්නත් මාත්‍රාව ලබා දෙන්නේ දැනට රට පුරා පැතිර යන සරම්ප වසංගත තත්ත්වයෙන් දරුවන් ආරක්ෂා කර ගැනීමේ අදිටනින් බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

ශ්‍රියානි විජේසිංහlakbima

Saturday, June 29, 2013

ලැබෙන්න ඉන්න දරුවා පුතෙක්ද දුවෙක්ද කියා සෙව්වාට ෂාරුක් ඛාන් අධිකරණය හමුවට

 

                        පසුගිය දිනවල ෂාරුක් ඛාන් සිදුවීම් දෙකක් සම්බන්ධයෙන් ලොව පුරා කතාබහට ලක් වූ අතර ඒ දෙකම පුද්ගලික සිදුවීම්. ඉන් එකක් සුබවාදී සිදුවීමක් වන අතර අනෙක ෂාරුක්ට අධිකරණයට යන්න සිද්ධවෙන ආකාරයේ සිදුවීමක්. මේ ගැන ඇතුළුව මෙවර ෂාරුක්ගේ අලුත්ම තොරතුරු කියවමු.
පසුගිය දිනයක කරන ලද
සමීක්ෂණයකින් ඉන්දියාවේ ජනප්‍රියම තාත්තා වන්නට ෂාරුක්ට අවස්ථාව ලැබුණා. නමුත් ඉන් ටික දිනකට පසු ෂාරුක්ට අධිකරණය ඉදිරියේ පෙනී shahrukh-khanසිටින ලෙස නොතීසි ලැබුණෙත් මේ පිය පදවිය නිසාම තමයි. ෂාරුක් හා ඔහුගේ බිරිය ගෞරී ගර්භාෂය කුලියට ගැනීමේ පදනම      මත කාන්තාවක් යොදවාගෙන තවත් දරුවෙකු ලබාගන්න මේ දිනවල සූදානම් වෙනවා. මේ දරුවා පුතෙක්ද නැතිනම් දුවෙක්ද කියලා ස්කෑන් පරීක්ෂණයකින් සොයාගන්න උත්සාහ කළ වරදට තමයි ෂාරුක්ට අධිකරණය ඉදිරියේ පෙනී ඉන්න සිදුවෙලා තියෙන්නේ.
ඉන්දියාවේ නීතියට අනුව දරුවෙකු ඉපදෙන්න පෙර ඔවුන්ගේ ලිංගිකත්වය සොයාබැලීම නීති විරෝධියි. ඊට හේතුව ඉන්දියාවේ බොහෝ දෙනෙක් ඉපදෙන්න ඉන්න දරුවා ගැහැනු දරුවෙකු නම් එම දරුගැබ ගබ්සා කරන්න හුරුව සිටීම නිසයි. ගැහැනු ළමයින් විවාහ කරදීමේදී ඉන්දියාවේ දෙමවුපියන්ට දෑවැදි සෙවීම විශාල ප්‍රශ්නයක් නිසයි එසේ කරන්නේ.
ඉහත ස්කෑන් පරීක්ෂණයට අනුව තමන්ට ලැබෙන්නේ පිරිමි දරුවෙකු බව ඛාන් යුවළ දැනගෙන තිබෙනවා. මෙහිදී මෙවර ඔවුන් පිරිමි දරුවෙකුම ලබාගන්න උත්සාහ දැරූ බවට ආරංචි පැතිරීමත් සමග ඉන්දීය වෛද්‍ය සංගමය පවා ඒ ක්‍රියාව හෙළා දකිමින් කියා තිබෙන්නේ ෂාරුක් වැනි තරුණ පරපුර පරමාදර්ශී චරිතයක් කොට සලකන අයෙකු මෙවැනි දෙයක් කිරීම වඩාත් ඉන්දියානු සමාජයට අයහපතක් බවයි. ඔවුන් එසේ කර තිබෙනවා නම් නීතියේ හැටියට උපරිම දඬුවම් පැමිණවිය යුතු බවත් වෛද්‍ය සංගමය ඉල්ලා තිබෙනවා. දැනට ෂාරුක් හා ගෞරීට දුවක් හා පුතෙකු ඉන්නවා. ෂාරුක්ගේ බිරිය ගෞරීට දැන් වයස අවුරුදු හතළිස් දෙකක් නිසා තවදුරටත් ගැබ්ගැනීම ඇයගේ මෙන්ම දරුවාගේ සෞඛ්‍යටත් අයහපත් නිසායි ඔවුන් මේ ආකාරයට වෙනත් කාන්තාවකගේ ගැබ කුලියට ගෙන දරුවෙකු ලබාගන්න උත්සාහ කරන්නේ. දැන් මේ දෙදෙනාගේ විවාහ ජීවිතයට අවුරුදු විසි එකක් වෙනවා.
ෂාරුක් රඟපාන අලුත්ම චිත්‍රපටය චෙන්නෙයි එක්ස්ප්‍රස් ලබන අගෝස්තු මාසයේදී තිරගතවීමට නියමිත අතර හැපි නිව් ඉයර් චිත්‍රපටයත් මේ වසරේදීම තිරගත වනු ඇති. චෙන්නෙයි එක්ස්ප්‍රස් ෂාරුක්ගේම නිෂ්පාදනයක්. පසුගියදා ෂාරුක් උරහිසේ ශල්‍යකර්මයකටත් මුහුණ දුන්නා. සාමාන්‍යයෙන් තම රසික, රසිකාවියන්ට ඉතා ලැදි ෂාරුක් ඔවුන්ව වැළඳගැනීමට නොපැකිළෙන නමුත් මේ ශල්‍යකර්මයෙන් පසු එසේ නොකරන ලෙස ෂාරුක් හමුවට එන රසික පිරිසෙන් ඔහු අසල රැඳී සිටින හිතවතුන් හා ආරක්ෂක නිලධාරීන් ඉල්ලා සිටිනවාලු.
ඇමෙරිකානු ඩොලර් මිලියන හයසියයක වත්කමක් ඇතැයි සැලකෙන ෂාරුක් ඛාන්ව වරක් ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් ටයිම්ස් පුවත්පත හැඳින්වූයේ “ලොව ප්‍රකටම සිනමා නළුවා” ලෙසටයි. ඇමෙරිකාවේම නිව්ස්වීක් සඟරාව ඔහු ලොව ප්‍රබලතම පුද්ගලයින් පනස්දෙනා අතරට නම්කොට තිබුණා

 
Lakbima

█ █ ආදර කතාවක් █ █ █ True Love Story





මම විවාහ උන දවසේ මම මගේ බිරිදව මගේ අත් දෙකෙන් ඔසවාගෙනයි අපේ නිවසට ආවේ. අපේ මංගල රථය අපේ නිවස ඉදිරියේ නතර කලාට පස්සේ මගේ යහලුවන් ගේ බල කිරීමට නිවස දක්වා ඇයව අත් දෙකෙන් ඔසවාගෙන යන්න සිද්ධ උනා.ඒ දවස් වල ඇය ගොඩක් ......
ලස්සනයි ඒ වගේම ගොඩක් ලැජ්ජයි.

ඒ වසර 10කට පෙර අතීතේ. අපි දෙන්නාගේ විවාහ ජීවිතේ මුල් අවදිය පිරිසිදු වතුර වීදුරුවක් වගේ බොහෝම ලස්සනවත් නිස්කලංකවත් ගෙවිලා ගියා. අපිට ලස්සන පුතෙක් ලැබුනා,මම රැකියාව අත් හැරලා මගේම ව්‍යාපාරයක් ආරම්භ කලා.ව්‍යාපාරය දියුණු වුනා. මගේ අතේ යහමින් මුදල් ගැවසුනා.මගේ බිරිද සේවය කලේ රජයේ ආයතනයක,අපි දෙන්නා හැමදාම උදේ එකටයි රැකියාවට පිටත් වුනේ. අපේ එකම පුතා අධ්‍යාපනය ලැබුවේ නගරයේ හොද පාසලක නේවාසිකව.පිටත ඉදන් බලන කෙනෙකුට පෙනුනේ අපි දෙන්නා ගොඩක් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරනවා වගේ. ඒත් අපි දෙන්නා අතර බැදීම ටික ටික අඩු වෙන බවක් මට තේරුණා.

ඈන් මගේ ජීවිතේට ආවේ මේ දවස් වල..

ඒ පැහැබර කාලගුණයක් තිබුන දවසක්. මම හිටියේ සදළුතලයට වෙලා.මේ මම ඈන් වෙනුවෙන් මිලදී ගත් තට්ටු නිවාසය....මගේ පිටුපසින් පැමිනි ඈන් මාව වැලදගත්‍තා.අපි දෙන්නා මුන ගැසුනාම ඇය මට ලබා දෙන මහත් වූ ආදරයට සහ ඇගේ ලස්සන සිරුරට මම මේ වෙනකොට වශී වෙලා හිටියේ. මම මගේ බිරිදට කරන්නේ ලොකු වරදක් බව මට තේරුනත් එය නවත්වන්න මට හැකියාවක් තිබුනේ නෑ.මේ වෙනකොට මගේ බිරිදගෙන් දික්කසාදය ලබා ගන්න බව. මම තීරණය කරලා ඉවරයි.කාලයකට ඉහත මම හිතන්නවත් කැමති වුනේ නැති 'දික්කසාදය' කියන දේ දැන් මට පෙනුනේ මගේ වර්තමාන ජීවිතෙන් මාව ගලවලා ඈන් මගේ ලගට ගේන මගේ ගැලවුම්කාරයෙක් වගේ.

නමුත් මට ලොකු ප්‍රශ්ණයක් තිබුනා. ඒ වෙන කිසිවක් නෙවේ මේ දේ මගේ බිරිදට දැනුම් දෙන්නේ කොහොමද කියලා.කොච්චර මෘදු විදියට මේ දේ මම බිරිදට කිව්වත් එයා ඒකෙන් ගොඩක් සිත් වේදනාවට පත් වෙන බව මම දැනගෙන හිටියා.අවංකවම කිව්වොත් ඇය පිරිමියෙකුට ලබන්න පුලුවන් ඉතාම හොද බිරිදක්.උදේ පාන්දර මම නිදාගෙන ඉන්නකොට ඇය තනියම උදේ ආහාරය සකසනවා, හැමදාම හවස වැඩ අවසන් කරලා ගෙදර ඇවිත් මම රූපවාහිනිය ඉස්සරහට වෙලා ඉන්නකොට ඇය රාත්‍රී ආහාරය සකසනවා, ඇය කවදාවත් අනවශ්‍ය දේට මුදල් වියදම් කලේ නෑ,හැමදෙයක්ම කරන්න කලින් මගේ මතය විමසන්නට ඇය පුරුදු වී සිටියා,අපේ පුතාගේ කටයුතු ගැන ගොඩක් සොයලා බැලුවේ ඇයයි.අවංකවම බිරිදක් වශයෙන් මට ඇගේ කිසිම අඩුපාඩුවක් පෙනුනේ නෑ.

දවසක් මම උදේ ආහරය ගන්න මොහොතේ විහිලුවට වගේ ඇගෙන් ඇහුවා"හිතන්න අපි දික්කසාද වෙනවා කියලා...ඔයා මොකද ඊට පස්සේ කරන්නේ?" කියලා.
ඇය පිලිතුරක් දුන්නේ නෑ,කෑම කන එකත් නවත්තලා මගේ දිහා තත්පර කීපයක් බලාගෙන හිටියා. දික්කසාදය කියන දේ ගැන ඇගේ සිතේ අහලකවත් නැති බව මම එයින් තේරුම් ගත්තා

ඊට පස්සේ දවසක බිරිද මගේ කාර්යාලයට ආවා. ඒ වෙනකොට ඈන් කාර්යාලයේ හිටියේ නෑ. මගේ සේවකයෝ ඇය දිහා බැලුවේ අනුකම්පා සහගතව,ඔවුන් ඇයත් සමග කතා කිරීමේදී යමක් ඇගෙන් වසන් කරන්න උත්සාහ දරන බව පෙනුනා. මේ වෙනකොට කාර්යාලයේ සියලුම සේවකයෝ මගෙත් ඈන්ගෙත් සම්බන්ධය ගැන දැනගෙනයි හිටියේ.මම හිතන්නේ සේවකයන්ගේ හැසිරීමෙන් ඇයට යම් ඉගියක් ලැබෙන්න ඇති. ඇය ඔවුන් සමග හිනා වෙලා කතාකලත් ඇගේ දෑස් වල ලොකු වේදනාවක් ඇති බව මම දුටුවා.

එදින සවස ඈන් කාර් යාලයට ආවා.

"ඔයා බෙකීගෙන් දික්කසාද වෙන්න ඉක්මනට.ඊට පස්සේ අපි දෙන්නට එකට ජීවත් වෙන්න පුලුවනි" ඇය දෑස් අඩවන් කරලා කිව්වා.

මම ඔලුව වැනුවා,තවදුරටත් පමා වීමෙන් පලක් නෑ කියලා මට හිතුනා.එදා රාත්‍රී ආහාර වේල ඉවර වෙලා බිරිද නැගිටින්න යනකොට මම හිතට ධෛර්ය අරගෙන කතාව පටන් ගත්තා.

"බෙකී පොඩ්ඩක් ඉන්න,මට ටිකක් කතා කරන්න ඕනි ඔයා එක්ක"

ඇය යලිත් වාඩි වෙලා මේසය දිහා බලාගෙන හිටියා.මම ආයෙත් දැක්කා ඇගේ දෑස් වල සැගවිලා තියන වේදනාව..මට කතා කරගන්න බැරි උනා,උගුරේ යමක් හිරවෙලා තියනවා වගේ තේරුනා.
ඒත් මම ඇයට කියන්න ඕනෙ මට ඇගෙන් දික්කසාද වෙන්න අවශ්‍ය බව..මම හෙමින් හෙමින් මගේ ඉල්ලීම ඇයට ඉදිරිපත් කලා,නමුත් ඇය ඒ වචන වලට ගොඩක් සැලුන ආකාරයක් පෙනුනේ නෑ.අවසානයේ ඇය ඇහුවේ එකම එක ප්‍රශ්ණයක් විතරයි,


"ඇයි"

මට දෙන්න උත්තරයක් නැති ප්‍රශ්ණයත් එයයි. මම ඒ ප්‍රශ්ණෙට උත්තරයක් නොදී මග හැරියා.

"ඔයා මිනිහෙක් නෙවේ" ඇය ඇගේ කෝපය පිට කලේ එහෙම.

ඊට පස්සේ එදා රෑ අපි දෙන්නා වචනයක්වත් කතා කලේ නෑ. රාත්‍රිය පුරාම ඇය ඉකිබිදින ශබ්දය මට ඇහුනා.අපේ විවාහ ජීවිතේ දෙදරා යන්න හේතුව දැන ගන්න ඇයට අවශ්‍ය බව මට තේරුනත් ඒ සදහා දිය යුතු පිලිතුරක් මගේ සතුව තිබුනේ නෑ.එකම හේතුව ඈන්,ඇගේ ලස්සන සිරුරටත් ඇය මට ලබා දෙන ආදරයටත් මම වශී වෙලා,නමුත් මට ඒ බව බෙකී සමග පැවසීමේ හැකියාවක් නෑ.

ඊට පහුවදා මම අපේ දික්කසාද කොන්දේසි ලියවිල්ල සකස් කලා. අපි ජීවත් වන නිවස, අපේ මෝටර් රථය සහ මගේ ව්‍යාපාරයෙන් 30%ක් මම එයින් ඇයට පැවරුවා. මම ඒක ඉදිරිපත් කලාම ඒ දෙසවත් නොබලා එය කෑලි කෑලි වලට ඉරා දැමූ ඇය යලිත් ඉකිගසමින් වැලපුනා. මගේ හිතට යලිත් වරදකාරී හැගීමක් දැනුනා.ඇය කවදාවත් මිල මුදල් වලට ආශා කල කාන්තාවක් නොවේ.

පහුවදා මම වැඩ අවසන් වෙලා එනකොට ප්‍රමාද වුනේ මගේ ගනුදෙනුකරුවන් සමග පැවති සාදයක් හේතුවෙන්. මම එනකොටත් ඇය අවදියෙන්.මගේ ලගට පැමිනි ඇය යම් ලියැවිල්ලක් මට ලබා දුන්නා.ඒ ඇගේ දික්කසාද කොන්දේසි.
ඇයට මගෙන් කිසිවක් අවශ්‍ය නෑ. නමුත් ඇයට දික්කසාදයට මසක කාලයක් අවශ්‍ය බව එහි සටහන් වුනා. ඒ මසක කාලය අපි කලින් හිටියා වගේම සාමාන්‍ය විදියට ජීවත් වෙන්න ඕනෙ.ඇය හේතුව ලෙස දක්වා තිබුනේ අපේ පුතා. ඔහු මේ දවස් වල පාසල් නිවාඩුව සදහා නිවසට පැමින සිටින අතර තව මාසයක් ඔහු නිවසේ සිටිනවා. ඒ මාසය ඇතුලත තම දෙමව්පියන් වෙන් වනවා ඔහුට පෙන්වීමට අවශ්‍ය නොවන බව ඇය දන්වා සිටියා.

මම කොන්දේසි පත්‍රය දිහා බලන් ඉන්නකොට ඇය කතා කලා

"ජැක්...ඔයාට මතකද අපි බැදපු දවසේ ගෙදරට ආපු විදිය?"

මේ ප්‍රශ්ණයෙන් මගේ මතකය තවමත් සුන්දර මතකයක් විදියට මගේ හිතේ තැන්පත් වෙලා තියන අපේ විවාහ දවසට ඇදිලා ගියා.

"හ්ම්ම්...ඔව් මතකයි"මම කිව්වා.

"ඔයා එදා මාව අත් දෙකෙන් ඔසවාගෙනයි ආවේ" ඇය දිගටම කතා කලා.

"මගේ ඉල්ලීමක් තියනවා...අපි දික්කසාද වෙන දවසෙත් ඔයා මාව නිදන කාමරේ ඉදලා ගෙදරින් එලියට අත් දෙකෙන් ඔසවාගෙන යන්න ඕනෙ,හරියට අපේ මංගල දවසේ වගේ...අද ඉදලා අපි දික්කසාද වෙන දවස දක්වා තියන මාසේ ඇතුලතත් හැමදාම ඔයා මාව නිදන කාමරේ ඉදලා ගෙදරින් එලියට අත් දෙකෙන් ඔසවාගෙන යන්න ඕනෙ"

"හා..." මම හිනා වෙලා ඇගේ අහිංසක ඉල්ලීමට එකග වුනා.

පහුවදා ඈන් හමුවුන වෙලාවේ බෙකීගේ ඉල්ලීම මම ඇයට පැවසුවා. මහ හඩින් සිනා සුන ඇය පැවසුවේ එය මහ මෝඩ ඉල්ලීමක් බවයි.

"එයා මොන මොන සෙල්ලම් දැම්මත් මාසෙකට පස්සේ එයාට දික්කසාද වෙන්න වෙයි"ඇය සමච්චල් සහගත ලෙස පැවසුවා.

දික්කසාදය පිලිබද බෙකීට දැනුම් දුන්න දවසේ ඉදලා අපි දෙන්නා අතරේ කිසිම සම්බන්ධයක් තිබුනේ නෑ,අපි ජීවත් වුනේ ආගන්තුකයෝ දෙන්නෙක් වගේ. ඒ නිසා පලවෙනි දවසේ මම ඇයව අත් දෙකෙන් ඔසවාගෙන යනකොට අපි දෙන්නාව පෙනුනේ බොහෝම අවලක්‍ෂණව,අපි දෙන්නම ගොඩක් අපහසුවෙන් ඒ අවස්ථාවට මුහුන දුන්නේ.

"මෙන්න තාත්තා අම්මාව උස්සගෙන යනවා..." අපේ පුතා අපිව දැකලා සතුටෙනුත් පුදුමෙනුත් අත්පොලසන් දෙමින් කෑ ගැසුවා.

ඒ වචන වලින් මට දැනුනේ ලොකු වේදනාවක්.

"අපි අද ඉදලා පටන් ගමු...මේ ගැන පුතාට දැන ගන්න දෙන්න එපා" නිවසින් එලියට ආ පසු ඇය සෙමින් පැවසුවා.මම ඔලුව සොලවා ඇයට එකග වුනා.

දෙවෙනි දවසේ පලවෙනි දවසට වඩා පහසුවෙන් අපි දෙන්නම හැසිරුනා. ඇය මගේ පපුවට බර වුනා. අපි දෙන්නා ගොඩක් ළං වුන නිසා මට ඇගේ විලවුන් වල සුවද දැනුනා.මට මතක් වුනා මට ගොඩක් ලෙන්ගතුව සිටි මේ කාන්තාව ගැන මම දිගු කාලෙකින් හරියට සොයා බැලුවේ නැති බව....ඇගේ මුහුනේ පැහැදිලි ලෙස රැලි දක්නට ලැබුනා,ඇය පෙර මෙන් තරුණ නැති බව මට වැටහුනා.

තුන් වෙනි දවසේ ඇයව ඔසවාගෙන යනකොට ඇය මගේ කනට කරලා මෙහෙම කිව්වා,
"ඊයේ වැස්සට මිදුල මඩ වෙලා...පරිස්සමින් යන්න"

හතරවෙනි දවසේ මම ඇයව ඔසවා ගන්නකොට මට දැනුනේ අපි දෙන්නා තවම කලින් ආදරෙන් හිටිය පෙම්වතුන් යුවලමයි කියලා. ඈන් පිලිබදව මගේ තිබුන මතකය ටිකක් විතර අපැහැදිලි වෙලා බවත් මට වැටහුනා.

පස්වෙනි සහ හයවෙනි දවස් වලත් මම ඇයව ඔසවාගෙන එනකොට ඇය මගේ කනට කරලා යම් යම් දේවල් පැවසුවා, සෝදලා මැදපු මගේ ඇදුම් තියලා තියන තැන්,උයනකොට ප්‍රවේශම් වෙන්න වගේ පොඩි පොඩි දේවල්.
මට දැනුනා මේ වෙනකොට අපි දෙන්නාගේ බැදීම තවත් වැඩි වෙලා තියන බව.මම ඈන්ට ඒ බව කිව්වේ නෑ

දවසින් දවස මට තේරුණා ඇයව ඔසවාගෙන යාම වඩ වඩා පහසු වන බව,මට හිතුනේ දවසින් දවස මම ශක්තිමත් වෙනවා කියලා. දවසක් උදේ ලෑස්ති වෙනකොට මම මේ බව බෙකීට කිව්වා,ඒ වෙනකොට ඇය අදින්න ඇදුමක් තෝරනවා.ඇය සූදානම් වෙනකන් මම බලාගෙන හිටියේ ඇයව ඔසවාගෙන යන්න..,

"බලන්නකෝ මේ හැම ඇදුමක්ම දැන් මට ලොකුයිනේ" ඇය කනස්සල්ලෙන් පැවසුවා.මම එයට සිනා සුනත් මට තේරුනා දවසින් දවස ඇයව ඔසවාගෙන යෑම පහසු වෙන්නේ දවසින් දවස ඇය කෙට්ටු වන නිසා මිසක් මම ශක්තිමත් වන නිසා නොවන බව..ඇය ඇගේ වේදනාවන් සියල්ල හදවතේ සිරකරගෙන සිටින බව මට වැටහුනා.මට ඇය ගැන දැනුනේ ලොකු වේදනාවක්.මටත් නොදැනුවත්වම මම ඇගේ හිස අත ගෑවා.මේ වෙලාවේ අපේ පුතා කාමරේට පැමිනියා

"තාත්තේ අම්මව ඔසවගෙන යන්න වෙලාව හරි" ඔහු කෑ ගැසුවා.


මම බෙකීව ඔසවගෙන යනවා නැරඹීම දැන් ඔහුගේ ජීවිතේ අත්‍යවශ්‍ය අංගයක් වෙලා. තමන්ගේ ලගට එන්න කියලා පුතාට ඉගි කරපු ඇය පුතාව තදින් බදා ගත්තා.මම හිස හරව ගත්තේ මගේ දෑසට නැගුන කදුලු ඇය දකීවි කියලා.දික්කසාදය පිලිබද මගේ තීරණය වෙනස් වේවි කියලා මට බය හිතුනා.මම ඇයව ඔසවා ගත්තා,ඇය අතක් මගේ ගෙල වටා දැම්මා,මම ඇයව මගේ ඇගට තද කර ගත්තා,හරියටම අපේ විවාහ දිනයේදී වගේ.

දවසි දවස ගෙවිලා ගිහින් අවසන් දිනය උදා වුනා. මම ඇයව ඔසවා ගත්තත් මට ඉදිරියට යන්න අපහසු බව තේරුනා. අපේ පුතා මේ වෙලාවේ පාසල් ගිහින් තිබුනේ.

"මම හිතුවා අපි මහලු වෙනකන්ම ඔයා මාව එදා වගේ ඔසවාගෙන යාවි කියලා" ඇය හෙමින් කිව්වා,ඇගේ දෑස් වල කදුලු පිරිලා.

"අපි දෙන්නම තේරුම් ගත්තේ නෑ අපි දෙන්නගේ ජීවිත වලට ඒ වගේ බැදීමක් අවශ්‍ය බව" මම ඇයව මගේ සිරුරට තද කර ගන්න ගමන් කිව්වා.

මට වැටහුනා මම කල යුතු දේ.මම වේගයෙන් මෝටර් රථය පදවගෙන කෙලින්ම ගියේ කාර්යාලයට, මෝටර් රථයෙන් බැස්ස මම ගියේ ඈන් ලගට.

"මම දික්කසාද වෙන්නේ නෑ..." මම ඇයට කිව්වා.ඇය සිතුවේ මම විහිලුවක් කරනවා කියලා,ඇය සිනා සුනා.

"මම මේ කියන්නේ ඇත්ත...මම දික්කසාද වෙන්නේ නෑ"

ඇය මගේ දිහා පුදුම වෙලා බැලුවා.
"ඔයාට උන හැදිලාද?" ඇය මගේ නලලට අත තියන ගමන් කිව්වා.

"මට සමාවෙන්න ඈන්... මම බෙකීගෙන් දික්කසාද වෙන්නේ නෑ...මම මේ ඇත්ත කියන්නේ...මගේ විවාහ ජීවිතේ ඒකාකාරී උනේ අපි දෙන්නට දෙන්නා ආදරේ නැති නිසා නෙවේ...අපි දෙන්නා ජීවිතේ කුඩා දේවල් වල තියන අගය තේරුම් ගත්තේ නැති නිසා...මම දැන් තේරුම් අරන් තියෙන්නේ මම ඇයව මංගල දිනයේ ඔසවාගෙන ආපු මොහොතේ ඉදලා,ඇය අපේ දරුවාව බිහි කල මොහොතේ ඉදලා මම මිය යනකන්ම ඇයව ඔසවාගෙන යන්න අවශ්‍ය බව,මට ඒ බව තේරුනේ පහුගිය මාසය පුරාම මම බෙකීව ඔසවාගෙන යනකොට,මට සමාවෙන්න"""

ඈන් හදිසියේ සිහිනයකින් අවදි වුනා වගේ ඇයට සියල්ල වැටහුනා...මගේ කම්මුලට තදින් පහරක් ගැසූ ඇය හඩමින් කාර්යාලයෙන් ඉවතට දිව ගියා.

මම බෙකීට ඇමතුමක් දීලා කිව්වා මම ඇයව හමුවෙන්න එන බව.
ඇය හමු වීමට යන අතරතුර,මල් සාප්පුවකට ගොඩ වැදුනු මම එයින් ඇය කැමතිම වර්ගයේ මල් කළඹක් ඇනවුම් කලා.මල් සාප්පුවේ සිටි ගැහැණු ළමයා මට කිව්වා කාඩ් පතේ මගේ සුභ පැතීම සටහන් කරන්න කියලා.

"මම මිය යන තුරු හැමදාම උදේට ඔයාව ඔසවාගෙන යන්නම්" කියා මම එහි සටහන් කලා.

Thursday, June 27, 2013

නූතන නවකතාව හා ලිංගික වලිප්පුව

මිනිසා තුළ නොහික්මුණු තවත් සත්වයෙක් සිටී. ඔහු දැකීමට මිනිසා ප්‍රසිද්ධියේ කැමති නැත. ඒ සමාජය නැමැති කැඩපතේ පරාවර්තනයක් ලෙස තමා දැකීමට මිනිසාට පුරුදු කර තිබිම සංස්කෘතිය වශයෙන් හඳුනා ගැනීමයි. එය එසේ සකස් කර ගත්තේ නිකම්ම නොවේ. දාර්ශනික, ආගමික, සාමාජික ඈ බහුවිධ කාරණා ඊට පාදක වී ඇත්තේ එසේ නොවන තැන මිනිසෙක් දැකිය නොහැකි බැවින්. නමුත් වර්තමානයේ සිදුවන ඇතැම් සිදුවීම් දකින කල මේ දෙකේ වෙනසක්ද නොපෙනේ. අනාගත පරපුරට තාරුණ්‍යයත් සමගම ඔවුන් තුළ සිටින නොහික්මුණු සත්වයා එළියට ගැනීමට බිහිවන නිර්මාණ කෘති සැබවින්ම ලිංගික වෙළෙඳ භාණ්ඩයන්ය. එනම් නව ලිබරල් පරිභෝජන

වෙළෙඳපළේ භාණ්ඩයන්ය. ඒ වෙළෙඳ භාණ්ඩ නිර්මාපකයන් අපගෙන් ඉතින් දැන් සිදුවන්නෙත් ඒකනේ. ඒක ලිව්වහම මොකදැයි ප්‍රශ්න කළද එයද පුදුමයට කරුණක් නොවේ. ඒ නොහික්මුණු සත්වයාගේ හැසිරීම අපි විකෘති ලිංගිකත්වය ලෙස හඳුන්වමු. නමුත් ලෝකයේම ඒ සඳහා ඇති 16-2නිර්නායකයන් පවතිනුයේ මිනිසාට ලෝකයේ වඩාත් යහපත් තැනක් බවට පත් කරනු පිණිසය. එය ප්‍රකෘති ලෝකයයි.
සාහිත්‍යාංගයක් ලෙස නවකතාව බහුතර සමාජයට සමාජගත වන අංගයකි. එසේම ‍පොත මුල්ම සන්නිවේදන මාධ්‍යයයි. නව කතාව
පිළිබඳව කතා කළ යුත්තේ එය අධ්‍යාපනය හදාරන දරුවන් අතටද පත්වන කෘති බැවිණි. ඒ නිසා අධ්‍යාපන ක්‍ෂේත්‍රයේදී ගුරුවරුන්ට මෙන්ම විශ්වවිද්‍යාල මට්ටමේදී පවා නවකතා අධ්‍යයනය කළ යුත්තේ මීළඟ පරම්පරාව පිළිබඳවද අවධානය යොමු කරමිනි.
ශ්‍රී ලාංකේය අධ්‍යාපන ක්ෂේත්‍රයේදී තවමත් මාර්ටින් වික්‍රමසිංහ වැන්නන්ගේ නවකතාවලින් ඔබ්බට ගිය නවකතා නැත්දැයි ඇතැමුන් ප්‍රශ්න කළද සැබවින්ම ‘‍පොත’ පෞද්ගලිකව ග්‍රාහකයා ග්‍රහණය කරගන්නා මාධ්‍යයක් නිසා එය සමාජගත කරවන ‍ලේඛකයාටද වගකීමක් ඇත. මක්නිසාද යත් ඕනෑම ආකාරයකින් සමාජගත වන ග්‍රන්ථයක් දරුවන්ගේ අතට පත්විය යුත්තේ ඔවුන් වඩාත් යහපත් රසවින්දනයකට යොමු කරවමිනි. මෑතදී පළවූ විවිධ නවකතා දෙස බැලීමේදී ගුරුවරුන් වඩාත් අවදියෙන් සිටිය යුතු වන්නේ ඇතැම් නවකතා ලිංගිකත්වය හුවා දැක්වීමටම ලියැවී ඇති ලිංගික කෘති බැවිණි.
ඒ අනුව නවකතා කීපයක් සංසන්දනය කිරීමේදී ඒවාහි අන්තර්ගතයට කාට කුමක් සඳහා ලියා ඇත්දැයි ප්‍රශ්න පැන නගී. නවකතාවකදී හෝ වෙනත් ඕනෑම කලා කෘතියකින් කතුවරයා කරන්නේ තම (expression) ප්‍රකාශනය සමාජගත කරවීමයි. විටෙක එය ආශ්ලාදජනක වින්දනයකින් හෙබියක් විය හැකිය. විටෙක කිසියම් පණිවුඩයක් දීමක් විය හැකිය. විටෙක යම් කිසි ප්‍රපංචයක් හුවා දක්වනවා විය හැකිය. එහිදී විවිධ සමාජ ස්ථර ඉලක්ක කරගන්නවාද විය හැකිය.
මෑතකදී ලියැවී ඇති කෘති කිහිපයක අන්තර්ගතයන් විමසා බලමු. ‘පිරිමි ගොඩයි - මං විතරයි’ කෘතියේ මුඛ්‍ය තේමාව ගලා යන්නේ ‘ලිංගිකත්වය හා බලය’ යන්න හුවා දැක්වීමටය. කතුවරයා කියන ආකාරයට වෘත්තාන්තයක් නොවූවද ‘රිද්මා’ නොහොත් ‘චුට්ටී’ වටා ගතෛන කතාවේදී ඇය මුල්වරට තම බාප්පා අතින් කෙලෙසේ. පසු කලක ඇය රෑ දවල් දෙකේදී බාප්පා හා තාත්තා සමග යහන්ගත වන බව කියැවේ. එසේම රිද්මාගේ චරිතය කතුවරයා ගොඩනගන්නේ ගැහැනියට උරුම පිරිමි අතින් කෙලෙසීම පමණක්ම බව කියා පෑමටය. ඇය කිසිම තැනෙක ඒවාට විරුද්ධ වන්නේ නැත. එකම එක තැනෙක ‘රාජයියා’ නම් මිනිසකුට පිහියෙන් ඇන යළිත් ළඟාවන්නේ තමා මුලින්ම කෙලෙසූ බාප්පාගේ ඇසුරටමය.
මේ නවකතාවේ 157 පිටුවේ මහලු පූජකවරයකු සමග කෙරෙන විකෘති ලිංගික ගනුදෙනුව, යළි විල්සන් නමැති හැඩිදැඩියකු සමග කෙරෙන ගනුදෙනුව ඉතාමත්ම විකෘති ලිංගිකත්වයන් ඉස්මතු කරවන තැන්ය. කෘතියේ මුඛ්‍යාර්ථයම ලිංගික ක්‍රියාකාරකම් අමුවෙන් කියා පෑමයි. කෘතිය පුරා හමුවන සෙදෝනා හා සුද්දීද වෙසඟනෝය. අවසානයේ නොසිතන ආකාරයට රිද්මාට අවශ්‍ය වන්නේ ඔස්කා සේනානායක නම් මහාචාර්යවරයාගෙන් දරුවෙකි.
සුමිත්‍රා රාහුබද්ධගේ ‘කන්දක් සේමා’ කෘතියේ ‘නූපා’ද මෙබඳු ඛිෙදවාචකයකට ගොදුරු වූ චරිතයකි. නමුත් සුමිත්‍රා ඒ කෙලෙසීම මත තම අනාගතය ගොඩනගා ගැනීමට නූපා ගන්නා වෙහෙස ඉතාම අපූරුවට පෙන්වා ඇත්තේ කිසිදු ලිංගික කාරණාවක් ඉස්මතු නොකරමිනි. ඒ ‍ලේඛනය මත ‍ලේඛිකාවගේ
ශික්ෂණය අපූරුවට දැකගත හැකිය. ‘පිරිමි ගොඩයි - මං විතරයි’ ග්‍රන්ථයේ රිද්මාගේ එක් සිදුවීමක් ‘විල්සන්’ නමැත්තෙකු සමග කෙරෙන විස්තරය සමාන වන්නේ සෙංකොට්ටං හි කැලෑ සතකු බඳු හැඩිදැඩි මිනිසා ‍පොඩිනා රවටා කැලෑවට රැගෙන යාම හා කෙලෙසීමටය. නමුත් සෙංකොට්ටංහි කතුවරයා ඒ සිදුවීමට අපූර්වත්වයක් දී ඇත්තේ ‍ලේඛනයේ ශික්ෂණය හසුරුවා ගැනීමෙනි.
මේ හා සමාන තවත් එක් සිදුවීමක් ‘පරඬැල්’ නවකතාවේ රමණි සහ ලීලාරත්න (කිරිදෙයියා) අතරත් පියැසි කවුළුවේ වින්ටර් සහ ඉසබෙලා අතරත් සිදුවුවාද ඒවා කෘතියට එතරම් හානියක් සිදුකර නැත. එසේම චුම්බන කන්දේ ‍පොඩිසිංහයාට හමුවන අභිගුණ්ඨක ගැහැනියගේ හමුවද එවැන්නක් වුව එයින් මතුවන්නේ මිථ්‍යාව මිස ලිංගිකත්වය නොවේ. “නෙරුදාගේ ලියුංකාරයා” ඉතා කඩිනමින් පරිවර්තනය කළ කෘතියක් බවට පත්වන්නේ එහිදී පරිවර්තකයා මෙරට සමාජ සංස්කෘතික කාරණා පිළිබඳව එතරම් තැකීමක් කොට නැති කමිනි. ඇතැම් පිටුවල දැකිය හැක්කේ ලිංගිකත්වය අමුවෙන් ප්‍රකාශනය කිරීමකි. ඒවා නිර්මාණවලට වඩා ලිංගික උත්තේජක වශයෙන් විකිණෙන භාණ්ඩ බවට පත්වී ඇත. මුල් කෘති වෙනත් සංස්කෘතික තලයක තිබුණද ඒ රටවලට ඒවා එතරම් නුවූවද ‍ලේඛකයකුට මෙරට මීළඟ පරපුර පිළිබඳ වගකීමක් තිබිය යුතුය. සුමිත්‍රා රාහුබද්ධගේ ‘අත අතනෑර’ කෘතිය මෙරට සමාජය එතරම් කතාබහ නොකළේ මේ කාරණාව නිසාය. එය වෙනත් රටක කෘතියක අනුවර්තනයක් පමණක් නොව මෙරට සමාජයට තරමක් පරිබාහිර ජුගුප්සාජනක අවස්ථාද තිබිම එක් හේතුවකි.
නමුත් එහිදී ‍ලේඛිකාව අනවශ්‍ය ලිංගික කරුණු ඉස්මතු කොට නැත. චමිල ලියනගේගේ ‘කොළඹ කළුවර’ කතාව ප්‍රධාන වන්නේම විවිධ ගැහැනු පිරිමි සම්බන්ධතා සමගය. එක් තැනෙක ප්‍රධාන කතා නායිකාව වන නිත්‍යාට ඇගේ මව තමාට විවාහය සඳහා යෝජනා කළේ උමේෂ් නමැත්තා සමග සිටින අවස්ථාවක් මුණගැසේ. නමුත් එය කිසි විටෙක ලිංගිකත්වය ඉස්මතු නොකරන ආකාරයකට ලියැවී තිබිණි. එසේම බත්තලංගුඩුව නවකතාවේ එන ප්‍රධාන කතා නායකයා පියාගේ දෙවන බිරිඳ සමග ඇති කරගන්නා සම්බන්ධතාවයක් නිසා අවසානයේ ඇය ගැබිනියක් වන තැනින් කතාවද නිමාව දකී. නමුත් එය එතරම් ජුගුප්සාජනක ලෙස හුවා දැක්වීමක් දැකගත නොහැකි වූ නමුත් මෙරට සංස්කෘතිය තුළ කුඩම්මා අම්මා තරමටම සැලකෙන්නියකි. ‍ලේඛකයා එහිදී ‘එය එසේම වාර්තා කිරීම’ කෘතියට කරගත් හානියකි.
‘පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන’ කියන නම ඇසූ සැනින් සිතුවේ අර මුලින් කියා ඇති නවකතා දෙක වගේ තවත් ‍පොතක් කියාය. නමුත් එය කියවූ මට ඇති වූයේ මෙවන් අදහසකි.
නවකතාවකට වඩා නාට්‍යානුසාර දෙබස් රැගත් ‘සුද්දෙක් ඔබ අමතයි’ වැනි පිටපතක් වගේය. ඉන් අදහස් කරන්නේ මේ නවකතාව ලඝු කිරීමට නොවේ. නවකතාවේ අග භාගය හා මුල් කොටසේ ඇතැම් සිදුවීම් සමග අපට බැඳෙන කතුවරයා නොමැති නම් අපූරු නූතන කියවීමකි. මේ ‍පොත පිළිබඳව එතරම් කතාබහ නොකළත් ඔහු ඩෙරිඩියානු ප්‍රවේශයේ  (Duality) ද්විත්වය අත්හදා බැලූ බවක් පෙනේ. මේ නවකතාවේ ප්‍රධාන චරිත දෙක වන මම සහ රෝෂිනී යනු සැබෑ ප්‍රකෘති විවාහය තුළ තම අපේක්ෂා ඉටු කර ගැනීමට ගමනක් යන දෙදෙනෙකි. අප සැම කරන්නේද එයයි. විවාහය හුදෙක් අප එළිපිට කතා නොකරන (for Convenience) (අපගේ ඕනෑ එපාකම් සඳහා) යන්න අර්ථ දැක්වීමට ඔහු උදාහරණ සපයයි. සැබෑව එයයි. සමාජයේ චරිත
ගවේෂණයෙන් ලබාගත් අනුභූතීන් තම දෘෂ්ටිමය ඉලක්කයක් කරා අවසාන කොටසේදී කතුවරයා නවකතාවට බසී. එය ‘සුද්දෙක් ඔබ අමතයි’ වන්නේ එතැන් සිටය. ඒ අප දන්නා ‍ලේඛකයා බැවිණි. කතුවරයාගේ පෞද්ගලික අනුභූතීන් ‍පොදු බවට පත් කරගන්නා ශූර හැකියාවක් ඔහුගේ ‍ලේඛනයේ මුල් කොටසේ ඇත. මෙය මෑතකදී කියවූ ‍පොත් අතරින් වඩාත් රමණීය බස්වහරකින් පාඨකයාගේ කියැවීමේ රුචිය ඇති කළ ග්‍රන්ථයකි. භාෂාවේ රිද්මය, ලාලිත්‍යය, භාවික ගුණය, ඖචිත්‍යය, අතින් කතුවරයා බත්තලගුණ්ඩුවේ වෙඩිවර්ධන, රිදී තිරංගනාවී සුනේත්‍රා අත අතනෑර සුමිත්‍රා යන තිදෙනා තම නිර්මාණ ඔස්සේ යොදාගත් රමණීය බස් වහරට නවතම එක්වීම චින්තක රණසිංහය. ඔහුගේ උපමා, උපමේය, රූපක මෙන්ම උපහාසාත්මක සමාජ දෘෂ්ටිය ඒ කියැවීම තුළ මොනවට සිතුවම් කරයි.
මෑතකදී පළවූ ‘මාගම් සෝලිය’ පිළිබඳව නොකියාම බැරිය. එය කතුවරයාගේ ‘බෝදිලිමා’ කෙටි කතාව මෙන් ලියවුණක් නොවේ. පසුගිය වසර කීපය තුළ ලියවුණු ආකර්ශනීය කවරයකින් යුත් විකෘතිකාමය අතිශයින් ඉස්මතු වූ නවකතාව ලෙස මෙය හැඳින්විය හැකිය. එය යථාර්ථවාදී නවකතාවක්ද නොවේ. ඉතිහාස කතාවක්ද නොවේ. ඒ පිළිබඳව විවිධාකාර පුද්ගලයින්ගේ ප්‍රකාශ දෙවන තෙවන මුද්‍රණයක් සමග පළ වී තිබේ. ඒවා සියල්ලම පුරුෂ දෘෂ්ටිවාදයෙන්ම දක්වා ඇති අදහස්ය. ඇතැමෙක් කියා ඇත්තේ ‘අභියෝග කළ නොහැකි අභව්‍ය යැයි කිව නොහැකි දේවල් එහි අඩංගු වී ඇති බවයි’  ඇත්තය. ඒ මිනිසා තුළ සිටින නොහික්මුණු සත්වයාය. කන්‍යාවියක් දරුවකු වැදීම ආදිය ගත් කළ මැජික් රියලිසම් ගණයට වැටෙනවා යැයි කිසිවකු කීවද මෙය ආරම්භ වන්නේ ඌව වෙල්ලස්සේ සැබෑ පන්සලක් ආශ්‍රිතවය. යථාර්ථවාදී රීතියකිනි. එයින් කතුවරයා තම පර්යේෂණ හැකියාව හා ‍ලේඛන හැකියාවේ ව්‍යාජය පෙන්වයි.16-1
මේ කතාවේ රාජසිංහ රජුගේ කාලය, වසූරියෙන් මියයන මිනිසුන් ඒ යුගයේ කතාබහ කරන වාග් විලාසය අනුව එක්තරා ඓතිහාසික යුගයක් නියෝජනය කරයි. එසේම එවක පවුල් සබඳතා ඒවා බෙදී යන ආකාරය හා ලිංගික සම්බන්ධතා යන කාරණාවලට ප්‍රමුඛත්වයක් දී තිබේ. අතිශය මිථ්‍යාමතවලින් පිරී ඇත. සාමාන්‍යයෙන් කෙනෙකු මියගිය පසු ඒ තැනැත්තා හෝ තැනැත්තී තවත් ජීවත්වන කෙනෙකුට වැහෙනවා යැයි යන්න වෙනස් කොට ජීවත් වන අම්මා (ගෝමරී) තම දියණිය වන වල්ලිට වැහේ. එහි අප්‍රියකරම කොටස වන්නේ 245 පිටුවේ එන ජවනිකාවයි. වල්ලිට ගෝමරී වැසී ඇති බවත් ‍පොඩි නිලමේට කඩවර දෙයියෝ වැසී ඇති නිසාත් ඔවුන් කරන්නේ එකිනෙකාට යටත් නොවීමට ලිංගිකව හැසිරීමයි. එය කුමාර ලියනගේ කියන පරිදි ලිංගික වලිප්පුවයි. එපමණක් නොව ‍පොත පුරාම එන මිථ්‍යාව හා ගෝත්‍රික
අශිෂ්ටාචාර ක්‍රම මෙන්ම සමාජයේ මූලික ගෝත්‍රික සමාජවල තිබූ ප්‍රාථමික විශ්වාස හා ප්‍රාථමික ජීවන ක්‍රම යන්ත්‍රයක් මෙන් ජපකරමින් කෙරෙන කතුවරයාගේ ප්‍රකාශනය යනු කුමක්දැයි ප්‍රශ්නයකි. පාසල් පුස්තකාලවලට දැමීමට පෙර මෙවැනි නවකතා ‍පොත් ගුරුවරුන් කියවා සිටියොත් වඩාත් හොඳය. ඒ අතින් ඩීමන් ආනන්ද ශ්‍රේෂ්ඨය.
මාගම්සෝලිය ලියන කතුවරයා කියා ඇත්තේ ‘මාගේ කාර්යය ඉවරයි. විවේචන විචාර පාඨකයාට බාරයි’ යනුවෙනි. එය ඉතාම හොඳය. කතුවරයා අප හිතවතෙකි. එසේම ඔහුට විචාරයක්, විවේචනයක් බාර ගැනීමට නොහැකි නම් ඔහුගේ ‍ලේඛනයේ ඇති ඵලක්ද නැත. ලෝකයේ මුල්ම නිල් ‍පොත (Blue book) ලෙස අප දන්නේ Fanny hill නව කතාවයි. එහෙත් එසේම කිසිම දෙමව්පියකු තම දරුවාට නිල් චිත්‍රපටයක් බලන්නට ගෙනැවිත් දෙන්නේ නැත. (මෑතකදී එක්තරා පියකු තම දියණියන් තිදෙනාට නිල් චිත්‍රපටයක් පෙන්වූ පුවතක් ද වාර්තා විය) ලෝකයේ තවත් කතාබහට ලක්වූ එමා බොවාරි, ‍ලේඩි චැටර්ලිස් ලවර් වෙනත් රටවල නඩු හබවලට වැටුණේ සමාජ සාරධර්ම පදනම් කරගෙනය. බටහිර ලෝකයේ ටෝනි මොරිසන්ගේ ‘පැරඩයිස්’ නවකතාව චිත්‍රපටයට නැගීමේදී එහි ප්‍රධාන චරිතය රඟපෑවේ ඔප්රා වින්ෆ්‍රීය. නමුත් එය ලාංකේය සමාජය වැළඳගත්තේ හෝ ඒ පිළිබඳ දන්නේවත් නැත. එසේම ශ්‍රී ලාංකේය රචකයකුගේ ‘විරාගය’ වෙනත් රටකට එතරම් වටිනාකමක් නැතත් මෙරටට මහත් වටිනාකමක් ඇති ග්‍රන්ථයකි. ‍පොතපත පමණක් නොව කවිය, කවි කොළය පැවැති යුගයේ සොක්‍රටීස්ට වඩා ප්ලෝටෝ සදාචාරය පිළිබඳ සැලකිලිමත් වූයේ ඊළඟ පරපුර පිළිබඳව තිබූ හෘදයාංගම බව නිසාවෙනි. ඔවුන්ගේ ආචාරධර්ම හා දාර්ශනික මතවාදවලට පටහැනිව ‘එපිකිය්‍යුරස්’ වැන්නවුන් අදට වලංගු ජීවිතය යනු සුඛ විහරණය පමණක්ම බව මතු කරන ලදී. මේවාහි ඓතිහාසික අවසාන යුගයේ නූතනවාදය සමග පැමිණි පශ්චාත් නූතනවාදය ඉස්මතු වූයේ සංස්කෘතිය විසින් සාරධර්ම ලෙසින් යටපත් කොට ඇති මිනිස් ස්වභාවයන් සංස්කෘතික කඩතුරා ඉරා දමමින් කතා කිරීමයි. ඒවා කලා නිර්මාණ ලෙසින් මතුවන විට චිත්‍රපට, කවියට, සිනමාවට මෙන්ම නවකතාවටද එකසේ බලපෑවේය. මානව ස්වභාවයන් කතා කිරීම ලෝකයේ විවිධ මාධ්‍ය ඔස්සේ එක් එක් ආකාරයන්ට සිදුවීමත් සමග ශ්‍රී ලාංකේය කවිය, කෙටි කතාව, නවකතාව පමණක් නොව ‍පෝස්ටරය පවා ඒවාට හසුවිය. ඒ එක් මාධ්‍යයකටවත් නොදවෛනිව පාර වරද්දා ගනිමින් යොදාගත්තේ නව කතාවයි. ඒ බවට හොඳම උදාහරණය ‘මාගම් සෝලියයි’. මාගම්සෝලිය පිළිබඳව විචාරක ඇසින් අදහස් දක්වා ඇති සියල්ලන්ම පිරිමිය. මටද මෙහිදී කිව හැක්කේ ‘පිරිමි ගොඩයි මං විතරයි’ කියාය.
මෙය පෞද්ගලික කාරණයක් නොවේ. පශ්චාත් නූතනවාදය හා මැජිකල් රියලිසම් නොකියවා කියන කාරණාවක්ද නොවේ. මැජිකල් රියලිසම් අපි කියවූයේ ගමරාල දිව්‍ය ලෝකයේ ගිය කතාන්තරයේ පටන්ය. නවකතාවක් කියවා රස විඳීමේ නොහැකියාව නිසාද නොවේ. නවකතා පිළිබඳව යමක් කිව හැකි එකම කාන්තාව නිසාද නොවේ. හුදු සුචරිතවාදය කරපින්නා ගැනීමක්ද නොවේ. මිනිසා තුළ සිටින අභ්‍යන්තර සත්වයා කලා කෘතියක් වන නවකතාවෙන් එළියට ඇද දමන්නේ ඇයිදැයි යන ප්‍රශ්නය මට ඇති බැවිණි.
ලෝකයේ ‍පොලිස්කාරයා ලෙස හැඳින්වෙන ඇමෙරිකාව අප විශ්වාස කරන්නේ නිදහස අපරිමිතව භුක්තිවිඳින ජනතාවක් ඇති රටක් ලෙසය. මාධ්‍ය සඳහා ආචාරධර්ම හෝ සමාජ සදාචාරයත් නොමැති රටක් ලෙසය. නමුත් ශ්‍රී ලාංකේය
ළමා පරපුරට නිවැරදි අවබෝධයක් ලබාදීමට අ‍පොහොසත් වැඩිහිටියන් නිහඬව සිටියදී මායාව හා මිථ්‍යාව පුරවාගත් ‘හැරී‍පෝටර්’ ‍පොත් පෙළ කියවද්දී ඇමෙරිකාවේ තහනම් ‍පොත් ලැයිස්තුවේ මුලින්ම තිබෙන්නේ හැරී‍පෝටර්ය. ඒ ළමා පරපුර මිථ්‍යාව හා ගුප්ත බව ඔස්සේ මනෝ විකාර ලෝකවලට හුරුවීම වැළැක්වීමටය. අප වසරක් පාසා දරුවන්ට ඥාන දායාදය කරන්නන් හැටියට දරුපරපුර පිළිබඳ හැඟීමක් ‘මට මගේ ජනතාව පිළිබඳ කැක්කුමක් ඇතිවා’ යැයි පබ්ලිස් සිල්වා මහතා කියන ආකාරයට මටද මෙරට දරුවන් පිළිබඳ කැක්කුමක් ඇත.
එ නිසා පාසල් ගුරුවර ගුරුවරියෙනි, ඔබේ පාස‍ලේ දරුවන් සඳහා මෙවැනි ලිංගික වලිප්පු රැගත් ‍පොත් පුස්තකාලවලින් බැහැර කරන්නට ඔබටවත් අඩු තරමින් දායක වීමට හැකි නම් ඔබ රට වෙනුවෙන් කළ මෙහෙවරක් වනු ඇත.
අපට ලිංගික භාණ්ඩ විකිණීම නැවැත්විය නොහැකිය. එය නවලිබරල් පරිභෝජන ලෝකයේ මහා පරිමාණ ව්‍යාපාර වේ. ඒ නිසා අපට කුඩා පරිමාණයෙන් කළ හැක්කේ විකෘතිකාමය (සංස්කෘතිය විසින් යටත් කොට ඇති ස්වභාවය) ඉස්මතුකොට තරුණ දරුවන් විකෘති ලෝකවලට ඇද වැටීම වැළැක්වීමය. මෙය නව්‍යවාදය නියමාකාරයෙන් යොදා ගැනීම නොවේ. එය කළ යුත්තේ සංස්කෘතිය ප්‍රශ්න කිරීමෙනි.
මේ කතා කරන අප සියල්ලෝම වීතාරාගී වූවෝ නොවෙති. ලිංගිකත්වය මානව අවශ්‍යතාවයක් වුවත් එය එකම අවශ්‍යතාවයද නොවන්නේය. ‘මාගම් සෝලිය’ ඇගේ වෛරය 4 වැන්නක් සඳහා ලියැවුණු සිනමා පිටපතක් වැන්නකි.
බත්තලගුණ්ඩුව හා ‘නයිගලින් උපන් පුත්‍රයෝ’ වැනි මිථ්‍යාව හා සංස්කෘතිය ඉරා දැමූ කෘතිවලට රාජ්‍ය සාහිත්‍ය සම්මාන හිමිවූයේ නම් ‘මාගම් සෝලියට’ද හිමි නොවීමට ඉඩක් තිබිය නොහැකිය. මෙහි අවසාන ඵලය නම් තම දියණිය
දූෂණය කරන පියාට හුරේ තියන නැතහොත් ‍පෝරුවේදී විවාහයේ ලිංගික ක්‍රියාව පැවැත්වීමට බල කරන පරපුරක් බිහිවීමය.
අක්ෂරයට තහනමක් වැටුණේ එවැනි කෘතියක් නිසා නම් මෙවැනි ග්‍රන්ථවලට වෙළෙඳපළ විවෘතය. තීරණය සමාජයට බාරය.
අප රටේ බහුතර සමාජය පිළිගන්නා වීරයන් කොටස් දෙකකි. ඔවුන් වීරත්වයට පත්කොට ඇත්තේ මාධ්‍ය විසිනි. එක් වීරයෙක් නම් පවතින රජයකට විරුද්ධව කතා කරන වීරයාය. අනෙකා සමාජයේ ප්‍රසිද්ධියේ කතා නොකරන දේ අමු අමුවෙන් නිර්මාණයක් ඔස්සේ සමාජගත කරන වීරයාය. මේ නවකතාවලින් ඉස්මතු වන වර්තමාන වීරයා ලිංගික වලිප්පුව හැදුණු වීරයාය.

මහාචාර්ය
අජන්තා හපුආරච්චි
කොළඹ විශ්වවිද්‍යාලය Copylakbima

Wednesday, June 26, 2013

මගේ පෙම්වතිය කා‍ලේ එයා නිළියක් ‍නෙවෙයි දැන් එයා නිළියක්, ඒත් මගේ පෙම්වතිය ‍නෙවෙයි

ජනප්‍රිය යොවුන් නළු දසුන් පතිරණ

සම්මත නළුවකුගේ බාහිර පෙනුමට අභියෝග කරමින් රංගනය ජයගත් නළු නිළියෝ අප රටේ කලා ක්‍ෂේත්‍රයේ සේම ජාත්‍යන්තරය තුළද වෙති. එවන් මගකට පිවිස සිය රංගනය තුළ වූ අපූර්වත්වයෙන් ජනප්‍රියත්වය කරා පියනගන රංගන ශිල්පියකු මෙවර රැජින කතාබහට එකතු කරගන්නට අපි සිතුවෙමු. දසුන් පතිරණ නම් මේ යොවුන් නළුවා මේ දිනවල විකාශය වන “ඒ ලෙවල් ඉවරයි” ටෙලි නාට්‍යය තුළින් ඔබ හමුවට එයි.
Dasunදසුන් සාමාන්‍ය ජීවිතයදීත් “ඒ ලෙවල් ඉවරයි” චාල්ස් වගේද ?

“ඒ ලෙවල් ඉවරයි” චාල්ස් වගේ චරිත මට සාමාන්‍ය ජීවිතයෙදිත් හමුවෙලා තියෙනවා. ඒ චරිතය සංගීතයම අරමුණු කරගෙන ජීවත්වන ගැටවර චරිතයක්. මමත් සරලව සැහැල්ලුවෙන් හිතන කෙනෙක්. මමත් හොඳ නළුවකු වෙනවාමයි කියන අරමුණින් යන කෙනෙක්.
නළුවකු වනවාමයි කියන අරමුණට ගෙදරින් ලැබුණු ප්‍රතිචාර කොහොමද ?
බොරු කියන්නේ මොකටද? ගෙදර තුළදී කවදාවත් මට “හොඳ ළමයා” කියන නම ලැබිලා නැහැ. පාසල තුළදිත් මට කවමදාවත් “හොඳ ශිෂ්‍යයා” කියන ප්‍රතිරූපය ලැබිලත් නැහැ. දෙමවුපියන්ගෙන් ගුරුවරුන්ගෙන් ඇති පදමට ගුටිකන බැණුම් අහපු කෙනෙක් තමයි මම. ඒ විදියේ පසුබිමක නළුවකු වීමට දඟලද්දී දෙමවුපියන්ගෙන් යහපත් ප්‍රතිචාර ලැබෙන්න විදියක් නැහැනේ. අම්මලට ඕන වුණේ මම ටයි එකක් දාගෙන කරන හොඳ රැකියාවක ඉන්නවා දකින්න. නමුත් ඒ අරමුණ ඉටුකර ගන්න ඒ අයට බැරි වුණා.
නමුත් අද ?
මං දන්නවා අද නම් ඒ අයට මං ගැන ටිකක් හරි සතුටු වෙන්න පුළුවන් බව.
නළුවකු වෙන්න හිතද්දී දසුන්ට නළු පෙනුම ගැන හිතුණෙ නැද්ද ?
මොකද නැත්තේ හිතුණා. මට නළු පෙනුමක් නැති බවත් මං දැන හිටියා. මම අඩි පහයි, අඟල් හතරක් උස කෙනෙක්. මුලදී නළුකම ගැන ආශාවක් තිබුණත් මට නළුවකු වන්න පුළුවන් කියන අදහස තදින්ම හිතට වැදුණේ මහේන්ද්‍ර අයියගෙ (මහේන්ද්‍ර පෙරේරා) වැඩමුළුවලට ගියාට පස්සේ. මහේන්ද්‍ර අයියටත් ඔය කියන නළු පෙනුම නෑ. ඒත් ඔහු අද අපට සිටින අති දක්ෂ නළුවෙක්. නළු පෙනුම නැතත් මට නළුවකු වෙන්න පුළුවන් කියන අදහස හිතට වැටුණම නළු පෙනුම ගැන තිබූ චකිතය ඉබේම නැතිවෙලා ගියා.
චරිතාංග රංගනයෙන් ගුණාත්මක නිර්මාණවලට දායක වන අය තරුවලටයි සරල විනෝදාත්මක නිර්මාණවලටයි දිගට හරහට දෙහි කපනවා.
මම නම් ඒ විදිහට බණින්නෙ නැහැ. සම්භාව්‍ය නිර්මාණ පෙන්වන්න සිනමාව කර්මාන්තයක් විදියට තිබිය යුතුයි. ඒ සඳහා දායක වන්නේ වාණිජ චිත්‍රපට. ඒ වගේම ‘තරු’ ත් අවශ්‍යයි.
Dasun1එහෙනම් ඔබ අගය කරන තරු ගැනත් කියන්න.

ගාමිණී ෆොන්සේකා හා විජය කුමාරතුංග දක්ෂ රංගන ශිල්පීන් විදිහට වගේම තරු ලෙසත්
ඉහළින්ම බැබලුණා. විශේෂයෙන් විජය කුමාරතුංග වැඩිපුරම ඉස්මතු වුණේ තරුවක් විදියට.
ඔබේ පරපුරේ අයගේ නම් කියන්න මැලි වන්නේ ඇයි ?
මගෙ පරපුරේ විතරක් නමෛයි මෑත කාලය පුරාම බිහිවූ නළුවන් අතර කඩවසම් අය සිටියා. ජනප්‍රිය චරිතත් තිබුණා. ඒත් මම හිතන විදියට අර මුලින් කී අය තරම් රසිකයන් අතර උන්මාදයක් ඇති කරවන අය ඒ අතර හිටියේ නැහැ.
ඒ ලෙවල් ඉවරයි ටෙලි නාට්‍යයේ “මං ගමේ කොල්ලො” ගීතය ජනප්‍රියයි. ඔබටත් ඒ තුළින් තරුවක් වන්න පුළුවනි ....
ඒ ගීතය දැන් ජනප්‍රියයි තමයි. මට ගීත ගයන්න බැහැ. ඒත් ඒ ගීතයට මා රැඟූ රංගනයට හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා.
නමුත් දසුන්ට ඒ ගීතය නිසාම සංදර්ශන වේදිකාව හරහා තරුවක් වෙන්න වුණත් ඉදිරියේදී පුළුවන් වේවි ....
අද රටේ ඒ වගේ දේවල් වෙනවා තමයි. ඒත් මම නම් එහෙම කරන්නෙ නැහැ. මට ආරාධනා ලැබුණොත් මම ඔය ගීතය ගායනා කරන “ලහිරු ප්‍රමූ පෙරේරා”ට ඒ අවස්ථාව ලබා දෙනවා. මම කරන්නේ ඒ ගායනයට අනුව අභිනය දැක්වීමක් විතරයි.
දසුන් සැබෑ ජීවිතේදීත් ගමේ කොල්ලෙක්ද ?
නැහැ. මම ඉපදුණේ. හැදුනෙ වැඩුනෙ ඉගෙන ගත්තෙ සේරම කොළඹ. මගේ පදිංචිය මරදානෙ. ඉගෙන ගත්තේ කේරි විදුහ‍ලේ.
දසුන්ගේ පවුල් පසුබිම ගැන කතා කළොත් ....
මට නංගි කෙනෙක් ඉන්නවා. තාත්තාට හෝටලයක් තියෙනවා. අම්මා නම් රැකියාවක් කරන්නෙ නැහැ.
 “ඒ ලෙවල් ඉවරයි“ ඔබේ පෙම්වතිය ඔබට වඩා වයසින් වැඩි සුදු ජාතික කාන්තාවක්
ඇගේ නම මර්සෙලා. ඇය නෙදර්ලන්ත කාන්තාවක්. ඉඳහිට ලංකාවට ඇවිත් යනවා. ඒ අතර විවිධ නිර්මාණවලට එකතු වුණා. මේ නිර්මාණය තුළදී ඇය සමග රඟපෑම මට අලුත් අත්දැකීමක් වුණා.
සැබෑ ජීවිතයේදී දසුන්ට පෙම්වතියක් ඉන්නවද ?
ඔව්.
ඇය නිළියක්ද ?
නැහැ.
අපට නම් ආරංචි නව පරපුරේ ජනප්‍රියතම නිළියක් දසුන්ගේ පෙම්වතිය බවයි
ඔය කියන කෙනා මගේ පෙම්වතිය වෙලා හිටිය කාලෙ නිළියක් නමෛයි. දැන් ඇය නිළියක්. ඒත් මගෙ පෙම්වතිය නමෛයි.
එකටම කලා ලෝකයට පිවිසිලා ටික දුරක් මේ විදියට යද්දී සම්බන්ධකම් බිඳිලා යන්නෙ ඇයි ?
අදහස් නොගැළපීම් හින්දා වෙන්වීම් සිදුවනවා.
ඇය අද තම දක්ෂතා සිනමාවටත් ගෙන ගිහින්. ඇය දසුන්ව අභිබවා යද්දී ඇතිවූ ඊර්ෂ්‍යාවටද සම්බන්ධය නතර කර දැම්මේ ?
නැහැ. නැහැ. ඇත්තටම මමත් ඇගේ දස්කම් අගය කරනවා. අපේ පරපුරේ ඉදිරියෙන්ම සිටින නිළියන් අතර ඇය ඉන්නවා. ඇයට ඊර්ෂ්‍යා කරන්න හේතුවක් නැහැ. මමත් අද යම් ස්ථාවරයක ඉන්නවා. අනෙක අපි වෙන් වුණාට අදටත් හොඳ යාළුවෝ.
ඔය දෙන්නට නිර්මාණයකදී පෙම්වතුන් විදියට රඟපාන්න සිදුවුණොත්?
කිසි ප්‍රශ්නයක් නෑ. රඟපානවා.
ආරියවංශ කුලතිලකlakbima

මැජික් ශිල්පයේ අප්‍රකට රහස් the secret of magic

විජ්ජා ලෝකයේ දැවැන්තයකු හෙළි කරන මැජික් ශිල්පයේ අප්‍රකට රහස්

4-1යථාර්ථය අවබෝධ කර ගැනීමේ හැකියාවකින් තොර වූ ළමුන්ටත්, ලාස් වේගාස් නුවර සංචාරකයන්ටත්   විනෝදාස්වාදය උදෙසා කැපවූ විෂය ක්ෂේත්‍රයක් ලෙසට හංවඩු ගැසී තිබුණු මැජික් ශිල්පය පසුගිය පස් අවුරුදු කාලයක 4-2සිට විද්‍යා ක්ෂේත්‍රය තුළ හිමිකර ගෙන ඇති ගෞරව සම්ප්‍රයුක්ත ජනප්‍රියත්වය පුදුම එළවනසුලුය. තිස් වසරකට අධික කාලයක සිට රූපවාහිනිය ඔස්සේ මෙන්ම ලාස් වේගාස් හි සජීවී ලෙසද මැජික් සංදර්ශන පවත්වමින් මැජික් ක්ෂේත්‍රයේ නමගිය විජ්ජාකරුවන් දෙපළක් ලෙස ප්‍රකට රේමන්ඩ් ජෝසප් ටෙලර් හා පෙන් ජිලට් අතුරින් මැජික් ශිල්පයේ මතෛක් කිසිදා හෙළි නොකෙරුනු එහි ජීව ප්‍රාණය බඳු වූ රහස් කීපයක් පළමු වරට හෙළිකිරීමට පසුගිය දිනකදී ඉදිරිපත් වූයේ ජෝසප් ටෙලර්ය. ඒ විද්‍යා ක්ෂේත්‍රය තුළ විශේෂයෙන්ම ස්නායු විද්‍යා ක්ෂේත්‍රය තුළ මෑතක සිට මැජික් ශිල්පයට හිමිව ඇති අනපේක්ෂිත අවධානය කෙතරම්ද යත් ස්නායු විද්‍යාව හා මිනිසාගේ අවබෝධතා ශක්තිය සම්බන්ධයෙන් දේශන සිදු කිරීමට ඔහුට ලැබෙන ආරාධනයන් දිනෙන් දින ඉහළ යෑමේ ප්‍රතිඵලයක් ලෙසය. මැජික් ශිල්පයට හදිසියේ හිමි වූ මෙම ජනප්‍රියත්වයට හේතු දක්වමින් වරෙක ඔහුගේ මිතුරු විද්‍යාඥයකු පවසා ඇත්තේ පර්යේෂණ සඳහා මූල්‍යාධාර ලබා දෙන්නවුන් විද්‍යාගාර මීයන්ට වඩා මැජික් ශිල්පීන් වඩාත් ආකර්ෂණීය ජීවී කොට්ඨාසයක් ලෙසට සැලකීම මීට හේතුව බවයි.
4-3විද්‍යාවට කෙරෙන උපකාරයක් ලෙස මැජික් ශිල්පය සම්බන්ධයෙන් තමාගේ දැනුම සිය මිතුරු විද්‍යාඥයා හා බෙදා හදාගත් ටෙලර්ට කෘතගුණ සලකුණු වස් සිය විද්‍යාගාරයේ වූ චුම්බක අනුනාද ප්‍රතිබිම්බ (ර්අ) යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය විද්‍යාඥ මිතුරා විසින් පැහැදිලි කරමින් විශ්වාසයෙන් යුතුව ප්‍රතිඥා දෙන ලද්දේ අනාගතයේ දිනක මෙබඳු උපකරණ තමාව (ටෙලර්ව) වඩාත් දක්ෂ මැජික් ශිල්පියකු බවට පත් කිරීමට එය උපකාර වනු ඇති බවයි. ඇත්තෙන්ම එය සැක සහිතය.
4-4ස්නායු විද්‍යාඥයින් යනු උපායශීලී ලෙස රැවටීමට ලක් කිරීමෙහිලා අත්දැකීම්වලින් තොර වූ නවකයන් වන අතර මැජික් ශිල්පීන් යනු වසර දහස් ගණනක සිට මානව අවබෝධතා ශක්තිය
පිළිබඳව පාලක පරීක්ෂණයන් හි නියැළුණන් බව කීම මුසාවක් නොවේ. වරෙක තමා එකොළොස් හැවිරිදි වියේ පසුවත්දී බාලදක්ෂයන් විසින් ඉදිරියේ මැජික් පෙන්වීමෙහි නියැළුණු කුඩා ටෙලර් ඔවුන්ගේ ඇස් වසා කුඩා මාළු ටැංකියක් රෙදි කඩකින් මුවා කිරීමට දැරූ තැත වැරදී ගිය කල එම්.ආර්.අයි. විද්‍යාගාරයක පිහිටෙන් එදා ඔහුට සරදම් ලෙස එල්ල වූ ගල් පහරවලින් මිදීමේ හැකියාව තිබුණේ නම් තමා එසේ කිරීමට නොපැකිලෙන බව ටෙලර් පවසන්නේය. නමුත් සැබැවින්ම විජ්ජා උපක්‍රම යනු යන්ත්‍ර ආධාරයෙන් හඳුනා ගත හැකි වූවක් හෝ මිනිස් සංවේදනා හා සම්බන්ධ යාන්ත්‍රික විද්‍යාවක් හෝ නොව
ප්‍රේක්ෂකයන්ගේ අවබෝධතා ශක්තිය, හැසිරවීම හා සංවේදන ඉන්ද්‍රීන්ගෙන් ලැබෙන තොරතුරු ග්‍රහණය කර ගැනීම යන සියල්ලන්ගේ සංකලනයක්ම වන බැවිනි. මිනිසා සතු එකී අවබෝධතා ශක්තියේ විචලනයන් සිදු කිරීමට විජ්ජාකරුවන් සතු හැකියාව මත මැජික් ශිල්පයේ සාර්ථකත්වය මුළුමනින්ම රැඳී පවතින අතර පහතින් වනුයේ පෙන් විසින් පෙන්වා දෙන එබඳු විජ්ජා උපක්‍රමයන් කීපයකි.
1. හඳුනාගැනීමේ රටාවෙන් උපරිම ඵල නෙළීම
4-5සිය අතක පිටිඅල්ල ප්‍රේක්ෂකයා දෙසට හරවා සිටිමින් රිදී පැහැ ඩොලර් කාසි හතරක් විජ්ජා බලයෙන් ප්‍රේක්ෂකයා ඉදිරියේ මවාපාන ටෙලර් පස් වැනි කාසියක්ද එයාකාරයටම ගෙනහැර පෑමට ප්‍රථමයෙන් සිය අත්ල සිය ප්‍රේක්ෂකයන්ට දැකගැනීමට සලස්වනුයේ එහි කිසිවක් නැති බව කාටත් ඇඟවීමටයි. හොමෝ සේපියන්වරුන්ට උත්පත්තියෙන් උරුම වූ සහජ බුද්ධිය ඇසුරෙන් ප්‍රේක්ෂකයා එකී රටාව හඳුනා ගනුයේ කාසි පහම මවා පෙන්වන ලද්දේ හිස් අත්ලකින් බවය යන විශ්වාසය පෙරදැරිවය.
2. විජ්ජාවේ සැබෑ වටිනාකමට වඩා වැඩි කැපවීමක් එය සාර්ථක කර ගැනීමට දරන්න
ඔබ ආයෝජනය කිරීමට බලා‍පොරොත්තු වනවාට වඩා වැඩි කාලයක්, ශ්‍රමයක්, පුහුණුවක් හා මුදලක් කිසියම් විජ්ජා උපක්‍රමයකට වැය කිරීමට ඔබ සූදානම් නම් එවැන්නක් අතිසාර්ථක වන බව කිසිදු සැකයක් නැති බව මැජික් ශිල්පී ටෙලර්ගේ අදහසයි. ඊට නිදසුනක් ලෙස සිය සගයා වන පෙන් සමග ඉදිරිපත් වූ ‘ඩේවිඩ් ලෙටර්මන්ගේ’ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී මේසය මත වූ තොප්පියකින් සජීවී කැර‍පොත්තන් පන්සියයක් පිටතට ගත් අවස්ථාව සිහිපත් කරමින් ටෙලර් පවසනුයේ බැලූ බැල්මට සරල යැයි හැඟෙන එම උපක්‍රමය සඳහා ඔවුහු සති ගණනක් කැපවූ බවය. කීට විද්‍යාඥයකුගේද සහය ඇතිව කැමරාව ඉදිරියේ සුහදශීලීව හැසිරෙන සෙමින් ගමනේ යෙදෙන (විශේෂ පුහුණුවකින් යුතු) කැර‍පොත්තන් සමූහයක් තෝරා වෙන්කර ගත් පෙන් හා ටෙලර් හට මුවින් නොබැණ මෙම පිළිකුල් සහගත කෘමීන් සිය නිරුවත් දෑතින් ඇල්ලීමටද විශේෂ පුහුණුවක් ලැබිමට  සිදුවිය.
එමෙන්ම ඔවුන්ව රැඳවීම සඳහා තොප්පිය තුළ විශේෂිත රහස් කුටියක් තැනීමටද ඔවුන්ට සිදුව තිබිණි. නියත ලෙසම විජ්ජාවේ සැඟවුණු රස මිහිර නොදන්නා
ප්‍රේක්ෂක අපට මෙබඳු සුළු සංසිද්ධියක් වෙනුවෙන් දරන මේ සා මහත් වූ පරිශ්‍රමය වැදගැම්මකට ඇති දෙයක් ලෙස නොපෙණුනද විජ්ජාකරුවන් යනු සිය සාර්ථකත්වය වෙනුවෙන් ඕනෑම අන්තයකට වුවද යෑමට නොපසුබට වන්නන් පිරිසක් බව අපට වටහා ගත යුතුය.
3. සිනහව, තර්කානුකූලව සිතීමට බාධාවකි
පෙන් හා ටෙලර් දෙපළගේ විජ්ජා දස්කම්වල ඇති ඔවුන්ගේ අනන්‍යතාව හඟවන සුවිශේෂීත්වය වනුයේ ප්‍රහසනාත්මකව සිය විජ්ජා උපක්‍රම ඉදිරිපත් කිරීමයි. සිනහවෙන් කුල්මත්ව සිටින්නකුගේ මනසට තාර්කිකව සිතීමේ හැකියාව නොමැති බව වටහාගෙන සිටින පෙන් ද ටෙලර් දෙපළ සිය ඇස් බැන්දුමේ ප්‍රේක්ෂකයන්ගේ ඇස් වසා සිදුකළ යුතු සීරුමාරු කිරීම හැමවිටම ප්‍රහසනාත්මක ඉදිරිපත් කිරීමක් අතරතුරදී සිදු කිරීමට පරෙස්සම් වන්නේය.
4. ප්‍රේක්ෂක මනස රැවටීමට අවම ලෙස එකවර  උපක්‍රම දෙකක් හෝ භාවිතා කිරීම
ටෙලර් හා පෙන් විසින් ලාස් වේගාස් හි ඉදිරිපත් කරනු ලබන බොහෝ සංදර්ශනවලදී නරඹන්නන් මවිත කරවන තවත් අපූරුම අංගයක් වනුයේ පුහුණු සුනඛයකු මෙන් ක්‍රියාශීලීව දස්කම් දක්වන අජීවී (එහෙත් සජීවී ලෙස දස්කම් පාන) බෝලයකි. ප්‍රේක්ෂකාගාරයේ සිට කිසිසේත් දැකීමට නොහැකි තරම් සියුම් වූ රැහැනකින් වෙහෙස වනු ලබන බෝලය ලී වළල්ලක් තුළින් කිහිප වාරයක් පනිමින් පණ ඇති සත්වයකු ලෙස හැසිරෙන්නේ බලා සිටින්නකුට එය නූලකින් මෙහෙයවනු ලබන බවත් සිතීමට හෝ අවකාශ නොදෙමිනි. එය නූලකින් මෙහෙයවනු ලබන බවක් යමෙකුට ආරම්භයේදී සිතුණද වළලු දස්කම් මගින් එකී ආරම්භක සිතුවිල්ල අහෝසි කර දමන්නේ එවැන්නන් කිසිසේත් නූලක් ආධාරයෙන් සිදුකළ නොහැකි බව කාටත් හැඟී යන පරිදි ඉතාම කාර්යශූර ලෙස ටෙලර් විසින් බෝලය මෙහෙයවන නිසාය. ඒ මාස දහඅටක් පුරා දැඩි කැපවීමෙන් යුතුව සිදුකරන ලද පුහුණුවීම්වල ප්‍රතිඵලයක් ලෙසය.
5. උපක්‍රමය රාමුවෙන් පිටතට ගැනීම
මැජික් සංදර්ශනයක් අතරතුරදී සිය පිට කබාය උනා පසෙකට විසි කරන ටෙලර් සිය කමිස සාක්කුවෙන් පිටතට ගනුයේ විශාල මකුළුවෙකි. කබාය උනා දැමීම ප්‍රේක්ෂකයා වටහා ගත් ආකාරයට ටෙලර් විසින් සිය පහසුව තකා සිදුකරන ලද්දක් නොව එකී මුවාවෙන් මකුළුවා පිටතට ගැනීමට සිදුකළ උපක්‍රමයකි.
6. ඔබ ඔබටම කියාගන්නා බොරුව හැර ඔබ රවටන අන් යමක් තවත් නොමැත
ටෙලර් විසින් ඉහත සඳහන් කළ ඔහුගේ මැජික් බෝලය සම්බන්ධ ඇස්බැන්දුමට පදනම සපයන ලද්දේ 1907 වසරේදී ඩේවිඩ් පී. ඇබට් නම් වූ ඔමාහා විජ්ජාකරුවා විසිනි. දක්ෂ විජ්ජා ශිල්පියකු වූ ඇබට්ගේ ප්‍රකට සංදර්ශන අංගයක් වූයේ රත්‍රන් පැහැති බෝලයක් ඔහු වටා නිදැල්‍ලේ පාවීමට සැලැස්වීම වූ අතර සිය සංදර්ශනය නිමවීමෙන් පසුව මෙම
සුවිශේෂී බෝලය අමතක වීමෙන් සංදර්ශන කුටිය තුළට දමා ගිය වාර බොහෝය. ඇබට්ගේ විජ්ජා දස්කම් දැකීමෙන් අපමණ පුදුමයට පත්ව සිහි
එළවාගත නොහැකිව සිටින කුතුහලයෙන් පිරුණු
ප්‍රේක්ෂකයන් වේදිකාවට පැමිණ මෙම
සුවිශේෂී විජ්ජාවට බඳුන් වූ බෝලය සියතින්ම අතගා බැලීමට මැලි නුවූවා සේම අධික බරකින් යුතු එවැන්නක් එසේ නිදැල්‍ලේ පාවෙන්නේ කෙසේදැයි කියා ප්‍රසිද්ධියේ මවිත වීමටද පසුබට නොවූහ. නමුත් ඇත්තෙන්ම විජ්ජාව සඳහා යොදා ගන්නා ලද බෝලය 140ඨ ක් වැනි අඩු බරැති සැහැල්ලු වූවක් වූ අතර ඇබට් විසින් ඕනෑකමින්ම අතපසු කොට දමා යන ලද බෝලය එහි අධි බර ඇති අනුරුවක්ම පමණක් විය.
වටහාගත යුතු කරුණ නම් මැජික් ශිල්පියෙකු විසින් ඔබටම යමක් අතපත ගා නිරීක්ෂණය කිරීමට ඉඩ දේ නම් ඉන් ඔහුගේ බොරුව බිඳලිය නොහැකි ලෙස ස්ථාවර වන බවය.
7. ප්‍රේක්ෂකයාටම යම් තේරීමක් කිරීමට ඉඩදීම යනු තමා ස්වාධීනව ක්‍රියා කළ බව ඔහුට ඇඟවීමකි
විජ්ජා ශිල්පියා හා සම්බන්ධ අඳුරුම තේරුම් ගැනීමට අපහසුම මනෝවිද්‍යාත්මක රහසක් ලෙස ටෙලර් විසින් හඳුන්වනු ලබන මෙය පැහැදිලි කිරීමට ඔහු විසින් කරදාසි කුට්ටමක් ඇසුරෙන් කළ විජ්ජාවක් පියවරෙන් පියවර පැහැදිලි කරනුයේ හෝ සඳහන් කළ සියලුම රහස් ප්‍රායෝගිකව යොදන අයුරු එකම විජ්ජාවක කැටිකර දක්වමිනි.
විජ්ජාව - කඩදාසි කුට්ටමක් ගන්නා ටෙලර් ප්‍රේක්ෂකයා ඉදිරියේ එය කීප වරක් හොඳින් කලවම්කොට තවත් කීප වාරයක් කපනුයේ එහි ඇති එකිනෙකට වෙනස් කරදාසි නරඹන්නාට පැහැදිලිව දිස්වන අයුරිනි. ඉන්පසුව කරදාසි කුට්ටමේ මුහුණත් පහළට සිටින සේ හරවා ඉන් තමන් කැමති කරදාසියක් තෝරා ගැනීමට නරඹන්නකුට ඉඩ හරින ටෙලර් එහි තවද එකී ප්‍රේක්ෂකයා වෙතින්ම අසා ගන්නේය. (උදා හාරත රැජිණ) ඉන් අනතුරුව එකී කරදාසි සියතට ගන්නා ටෙලර් එය සිය මුවේ රඳවාගෙන සපා ඉතා අපහසුවෙන් යුතුව එය ගිලින ආකාරයත් එය සිය උදරය වෙත ගොස් ජීර්ණය වී රුධිරය ඔස්සේ සිය දකුණු පාදය වෙත යන අයුරු පෙන්වමින් විසුලු සහගත රංගනයක යෙදෙන්නේ ප්‍රේක්ෂකාගාරයම සිනා සයුරේ ගිල්වමිනි.
සිය දකුණු පාදය ඔසවා පෙන්වන ටෙලර් එහි වූ පාවහන් ඉවත් කොට ‘හාරත රැජිණ’ ඉවතට ගැනීමට කාඩ්පත තෝරා දුන්
ප්‍රේක්ෂකයාට ඉඩ හරිනුයේ සියල්ලන් මවිතයට පත් කරමිනි. එසේම ටෙලර් විසින් විජ්ජාව සඳහා යොදාගත් කඩදාසි කුට්ටම දැක ගැනීමට ප්‍රේක්ෂකයාට ඉඩ ලැබුණෙහොත් ටෙලර්ගේ දකුණු පාදයෙන් මතුවූ හාරත රැජිණ එහි නොමැති බවද ඔහුට නිරීක්ෂණය කිරීමට හැකිවනු ඇත.
විජ්ජාවේ සැඟවුණු රහස සියල්ලටම පෙරාතුව මෙබඳු තාත්වික ඇස්බැන්දුම් සඳහා පෙර සූදානම අත්‍යවශ්‍යය. හාරත රැජිනක් සිය දකුණූ පාවහන තුළටද ඉස්කෝප්ප ආසියා කොළයක් සිය වම් පාවහනටද කාලාබර තුනක් සිය පසුම්බියටද රුවා ගන්නා ටෙලර් එකී කරදාසි පත් තුනෙහි පිටපත් පමණක් ආධාරයෙන් සම්පූර්ණ කරදාසි කුට්ටමක් නිර්මාණය කර ගන්නේ ඒ සඳහා කරදාසි කුට්ටම් දහඅටක් වැය කරමිනි. (නො. 2 වටිනාකමට වඩා වැඩි වියදමක් සාර්ථකත්වය වෙනුවෙන් දැරීම) කාඩ් කුට්ටම කිහිප වාරයක් කැපීමට ලක් කරන ටෙලර් ඒ තුළ වන එකිනෙකට වෙනස් කාඩ් පත් තුන ප්‍රේක්ෂකයාට දැකගැනීමට ඉඩ හරින අතර නරඹන්නාගේ නිගමනය නම් එයද එකිනෙකට වෙනස් කාඩ්පත් පනස් දෙකකින් යුතු සාමාන්‍ය කඩදාසි කුට්ටමක් බවය. (නො (1) හඳුනා ගැනීමේ රටාව) ඉන් කාඩ්පතක් තෝරා ගන්නා ප්‍රේක්ෂකයා සිතනුයේ තමන්ට තෝරා ගැනීමක් සිදු කිරීමටද අවස්ථාවක් ලැබුණු බවයි. (නො. (7) තෝරා ගැනීම යනු නිදහස නොවේ) ප්‍රේක්ෂකයා විසින් තෝරා දුන් කාඩ්පත ප්‍රේක්ෂකාගාරයේ සිනහ හඬ මැද ගිල දමන ටෙලර් (නො. (3) සිනහාව තර්කානුකූල සිතීමට බාධාවකි) එය සිය දකුණු වම් පාදය වෙත ගමන් කළ බව අඟවමින් සිය පාවහන තුළ වන හාරත රැජිණගේ කාඩ්පත පිටතට ගැනීමට එය තෝරා දුන්
ප්‍රේක්ෂකයාටම ආරාධනා කරන්නේ මුළු ප්‍රේක්ෂකාගාරයම පාවහනෙන් මතුවන කාඩ්පත දෙස විස්මයෙන් මුව අයා බලා සිටින අස්වැසිල්ලෙන් තමා මතෛක් භාවිතා කළ කාඩ්පත් තුනක අනුපිටපත්වලින් පමණක් සමන්විත කඩදාසි කුට්ටම සාමාන්‍ය කුට්ටමකට ක්ෂණිකව හුවමාරු කර ගැනීමටද අවස්ථාව ලබා ගනිමිනි.  (නො. 4 උපක්‍රම දෙකක් සංයෝජනය කිරීම) මෙම කුට්ටමද ටෙලර් විසින් සඟවා ගනු ලැබූ පෙර කී කාඩ්පත් තුන කල් ඇතිව ඉවත් කරන ලද්දකි. අනතුරුව එකී කඩදාසි කුට්ටමද ප්‍රායෝගශීලී ටෙලර් විසින් කුතුහලයෙන් මඩිනු ලැබූ
ප්‍රේක්ෂකයා අතට පත් කරන්නේ ඔහුටම එය පරීක්ෂාකොට බලා තමා විසින් ටෙලර්ගේ පාදයෙන් මතු කරගත් කාඩ්පත එහි නොමැති බව සැකහැර තහවුරු කර ගැනීමටය.
(නො. 6 ඔබ ඔබටම කියා ගන්නා බොරුව) සංගීතය, සිතුවම්කර්මය හෝ කාව්‍ය නිර්මාණකරණය සේම විජ්ජා ශිල්පයද සෞන්දර්යත්වයෙන් අනූන වූ සුන්දරත්වය හඳුනන විෂය ක්ෂේත්‍රයක් බව ටෙලර්ගේ පිළිගැනීමක් වුවද ඒ සෑම විජ්ජා උපක්‍රමයකම අවසන් හරය වනුයේ ප්‍රේක්ෂකයාගේ අවබෝධතා ශක්තිය උරගා බැලීමය. එනම් සිහි උපක්‍රමය ප්‍රේක්ෂකයා මුළුමනින්ම රැවටීමට ලක් කිරීමට තරම් ප්‍රමාණවත් වන්නේද යන්නයි. වසර ශතවර්ෂ ගණනාවක් පැරණි දත්ත සාම්පලයන්ට හිමිකම් කියන විජ්ජාකරුවන්ගේ විජ්ජා ශිල්පයන් යථාර්ථයක් බවට පත්වන තුරුම සිටින වාරයක් අසීමිත පිරිසක් විසින් චිරාත් කාලයක් මුළුල්‍ලේ අනුකරණයට ලක්කොට තිබෙන්නකි. එවැනි වූ ඓතිහාසික පාරම්පරික අත්දැකීම්වලින් සපිරි විජ්ජා කර්මයද ස්නායු විද්‍යාව අතර වත්මනෙහි ස්ථාපනය කිරීමට උත්සාහ දරන මෙම අපූරු සබැඳියාව සම්බන්ධයෙන් කිව යුතු වන්නේ දැනුමෙන් පරිපූර්ණ යැයි සිතා සිටින මෙම ස්නායු විද්‍යාඥයින් පස් සාම්පල එකතු කරමින් සිටින්නේ විජ්ජාකරුවන් විසින් සියවස් ගණනාවකට එපිට සිට සිතියම් ගතකොට කැණීම් කටයුතු සිදුකරන ලද දැවැන්ත කඳු වැටියක් බඳු විෂය පරිචයක් පිළිබඳව බවයි.
රුක්ලන්ති පෙරේරා Reader’s Digest ඇසුරිනිlakbima