Sunday, September 29, 2013

►►දමිත් අසංක සිය බිරිඳට අමානුෂික අන්දමින් පහර‍දෙයි Damith Asanka brutally beat his wife.►►

ප්‍රසංග වේදිකාවේ ජනප්‍රිය ගායකයෙකු වන දමිත් අසංක සිය බිරිඳට අමානුෂික අන්දමින් පසුගියදා පහරදී ඇතැයි වාර්තා වේ. 

එම පහරදීම සිදුකොට ඇත්තේ දමිත් අසංක ගේ ගමේ සිටින බිරිඳ හා ළමයා කොළොඹ නිවසක පදිංචි කිරීමට කල උත්සාහයට බිරිඳ විරුද්ධ වීම හේතුවෙනි. 

දමිත් අසංක ජනප්‍රිය වීමට ප්‍රථම සිය ගම්පලාතෙන්ම විවාහයක් සිදුකරගෙන සිටි අතර එම විවාහයෙන් ඔහුට ළමයෙක් ද සිටී. 

දමිත් අසංක ජනප්‍රිය වීමත් සමග කොළොඹ පදිංචියට පැමිණ ඇතිඅතර එහිදී සෙන්සේෂන් නර්තන කණ්ඩායමේ තරුණියක හා ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගෙන තිබේ. 

ඉන් අනතුරුව එම තරුණිය හා දමිත් අසංක එකට ජීවත් වීමට (living together) පටන්ගෙන ඇති අතර එම තරුණියට දාවද කුඩා දරුවෙකුදමිත් අසංකට සිටී. 

තම බිරිඳට පහරදීම පිලිබඳ දමිත් අසන්කගෙන් විමසීමේදී ඔහු කියා ඇත්තේ "එයා හරි මෝඩයි..එන්නට කිව්වට එන්නේ නැහැ..ඔව් ඉතින් මම පාරක් දෙකක් ගැහුවා තමයි..." යනුවෙනි

copy-33000lk

Tuesday, September 17, 2013

►►ජීවිතයම රෝහලක ගත කරමින් සිහින ජය ගැනීමට වෙරදරන මිනිසෙකුගේ කතාව►►

                         
         

                                                          ජීවිතය පුදුමාකාරය. කිසිදු ආබාධයකින් තොරව, නිරෝගී ජීවිතයකට උරුමකම් කියමින් මෙලොවට බිහිවන බොහෝ දෙනෙකු ජීවිතයේ අභියෝග හමුවේ සිතින් අඩපණව ඇදවැටෙද්දී, සිය සමස්ත ජීවිතයම අභියෝගයක් කර ගනිමින් ආබාධිත හෝ රෝගී තත්ත්වයන් සමග උපදින අයවළුන් සිය රෝගී තත්ත්වයන් හමුවේ ජීවිතය බරක් කර නොගනිමින් එඩිතරව නැගී සිටීමට වෙර දරන අයුරු ඇත්තෙන්ම විශ්මය උපදවන සුලුය. බ්‍රසීලයේ වෙසෙන හතළිස්පස් හැවිරිදි පාවුලෝ හෙන්රික් මචාඩෝද එබඳු විශ්මිත ආත්ම ශක්තියකින් යුතුව ජීවිතයට මුහුණ දෙන, පැමිණි දුක් පැණි රසයි කියමින් අභියෝග හමුවේ නොසැලී සිය ජීවිත සිහිනය ජයගැනීමට ‍පොරබදින සැබෑ ලොව වීර චරිතයකි.
ඉපදුන දින සිට සිය සමස්ත ජීවිත කාලයම සාඕ ‍පෝලෝ නුවර පිහිටි රෝහලක් තුළ ගෙවා දමමින් සිටින මචාඩෝ මෙම ඛිෙදනීය ඉරණමට 4-2මුහුණපානා ලද්දේ ඔහු දෙදිනක් වයසැති බිලිඳෙකුව සිටින අවධියේදී ‍පෝලියෝ (පක්ෂාගාත) රෝගය වැළඳීමත් සමග හටගත් ළදරු අංශභාග රෝගී තත්ත්වය නිසාය. එතැන්පටන් අද දක්වාම ඔහු දිවි ගැටගසා ගනුයේ පැය විසිහතර පුරාම අඛණ්ඩව ඔහුව සම්බන්ධ කොට ඇති කෘත්‍රිම ශ්වසන යන්ත්‍රයක පිහිටෙන් වුවද, පරිගණක සජීවීකරණ ශිල්පියෙකු ලෙස කලඑළි බැසීම සඳහා මචාඩෝ එය බාධාවක් කර ගත්තේ නැත. අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව සියලු දූෂ්කරතා මඩිමින් පුහුණුවීම්වල නියැළුණු මචාඩෝ නුදුරු දිනකදීම සිය ජීවිතය අළලා තමා විසින්ම නිර්මාණය කෙරුනු රූපවාහිනී කතා මාලාවක් එළිදැක්වීමේ බලා‍පොරොත්තුවෙන් පසුවන්නේය. සිය ජීවිතයෙන් වසර හතළිස්පහක කාලයක්ම දිවිගෙවූ සාඹ් ‍පෝලෝ ක්ලිනිකාස් නමැති රෝහ‍ලේ වන සිය කුටියෙන් පළමු වරට පිටතට පැමිණ රෝද පුටුවක ආධාරයෙන් රෝහල ගවේෂණය කළ අයුරු මචාඩෝ මතක ගබඩාවේ තැන්පත්ව ඇති මුල්ම මිහිරි මතකයයි. දිගු කලකට පෙරදී මොවුන් සමග මෙම රෝහ‍ලේ නේවාසිකව සිටි සෙසු ළමුන් සිටි කාමරවලට යමින්, කාමර යා කරන පටු මංතීරු ඔස්සේ සිය රෝද පුටුවෙන් ඉහළ පහළ යමින් මචාඩෝ පළමුවරට තමා වෙසෙන ලෝකය පිළිබඳව අවබෝධයක් ලැබිමට උත්සාහ ගත්තේ රෝහලෙන් පිටත වූ වෙනත් ලෝකයක් පිළිබඳව ඔහු අසා හෝ දැක නොතිබූ නිසාය. සම වයසේ සෙසු ළමුන්ට මෙන් පාපන්දු වැනි කෙළි සෙල්ලම්වල නිතරවීම සඳහා කිසිවිටෙක වාසනාවක් හිමි නොවූ මචාඩෝගේ රෝහ‍ලේ කාමරයේ බිත්ති හතරට කොටු වූ ජීවිතය තුළ වින්දනයක් ලැබිමට තිබූ එකම අවස්ථාව වූයේ තමන්ගේම පරිකල්පන හැකියාවෙන් මවා ගත් මනඃකල්පිත ලෝකයක් තුළ සිතින් ජීවත් වෙමින් පමණි.
දුක් වේදනාවන් දෝතින්ම තුරුළුකොට ගනිමින් මෙලොවට බිහි වූ මචාඩෝ දෙදිනක් වයසැති කිරිකැටි බිලිඳෙකුව සිටියදී ඔහුට ඔහුගේ මව අහිමි වූ අතර එම වියෝවේ උණුසුම පහව යන්නටත් මත්තෙන් බිලිිඳු මචාඩෝ එකල පැතිරෙමින් තිබූ ‍පෝලියෝ වසංගතයේ ගොදුරක් බවට පත් වූයේ ඔහු සදාකාලික ආබාධිත තත්ත්වයට පත්කරලමිනි. ඉපදී නොබෝ දිනකින්ම සිය මව පමණක් නොව සිය ජීවිතයේ වටිනාකමද අහිමි වීමට තරම් අවාසනාවන්ත වූ මචාඩෝට උරුම වූයේ අංශභාග තත්ත්වයට පත් වූ සිරුරක්ද සමග රෝහල් කාමරයක සදාකාලික සිරකරුවෙකු ලෙස දිවි ගෙවීමේ ඉරණමයි. මව නොමැති අඩුව පිරිමැසුණේ මචාඩෝ රෝගී තත්ත්වයට පත් වූ අවධියේදීම ඔහු සිටි රෝහ‍ලේ සේවය සඳහා පැමිණි ‘ලිගියා මාෂියා ෆිසෙටෝ’ නමැති හෙද නිලධාරිනියගේ සෙනෙහසේ උණුසුමෙනි. මචාඩෝට පමණක් නොව 1970 වකවානුවේදී බ්‍රසීලයේ පැතිර ගිය ‍පෝලියෝ (පක්ෂඝාත) වසංගතයට ගොදුරුව අංශභාග තත්ත්වයට පාත්ව සාඕ ‍පෝ‍ලේ රෝහ‍ලේ ඇඳක් මතට කොටු වූ මචාඩෝ වැනිම දරු දැරියන් රාශියකටම මවකගේ සෙනෙහසේ උණුසුම බෙදාදෙන ලද්දේ මාෂියා ෆිසෙටෝ හෙදිය විසිනි. අවිනිශ්චිතභාවයේ කඩතුරාවෙන් වැසීගිය මෙබඳු දරුවන්ගේ අනාගතය පිළිබඳව එකල වෛද්‍යවරුන් තුළ වූයේද පසුතැවිල්ලෙන් පිරී ගිය අඳුරු ආකල්පයක් පමණි. ජීවිතයේ යෞවන අවධියට පා තබනු ඇති බවට කිසිවිටෙක බලා‍පොරොත්තු නොවූ මෙබඳු දරුවන්ගේ ආයු කාලය ලෙස එකල වෛද්‍යානුකූල වාර්තාවන්ගෙන් තහවුරු වී තිබුණේ වසර දහයක් වැනි ඉතාම කෙටි කාලයක් පමණි.
සිය සිරුරේ චලනයන් බොහෝ දුරට සීමාසහිත වී එක්තැන් වූ මචාඩෝගේ මුළු ලෝකයම ගොඩනැගුණේ රෝහ‍ලේදී ඔහු හඳුනාගත් ඔහු වැනිම ඉරණමකට ගොදුරුව සිටි මිතුරු මිතුරියන් වටාය. එලියානා, පෙඩ්රින්නෝ,  ක්ලෝඩියා, ලුසියානා හා ටානියාද එම මිතුරු කැලට අයත් වූවන්ය. එසේම මචාඩෝ සමග වසර දහයකට වැඩි කාලයක් එකට ජීවත්වීමට වාසනාව ලැබූවන්ය. ළමා වියේ 
අහිංසකත්වයත් බොළඳ භාවයත් හේතුවෙන් ජීවිතයේ අනියත බව වටහා ගැනීමට තරම් බුද්ධියෙන් මුහුකුරාගොස් නොසිටි කුඩා මචාඩෝට එතෙක් කලක් තමා සමග එකටම දිවිගෙවූ කුඩා මිතුරු මිතුරියන් එකිනෙකා බැගින් වියෝව යාම දරාගත නොහැකි තරම් විය. තම මිතුරන් කිසිදා තමන් වෙතින් ඈත්ව නොයනු ඇති බවට වන විශ්වාසයේ එල්බ සිටි මචාඩෝගේ ළපටි සිතට සිය මිතුරු කැලගේ වියෝවෙන් දැනුණු වේදනාව අදටද මුළුමනින්ම පහව ගොස් නොමැත. අද වන විට මචාඩෝ සමග සිටි මිතුරු මිතුරියන් අතරින් ජීවත්ව සිටිනුයේ ‘එලියානා’ පමණි. සිය සමකාලීනයන් එකින් එකා මිය යත්දී වෛද්‍ය නිගමනයන්ට අභියෝගයක් වෙමින් මචාඩෝ හා එලියානා එතෙක් කලක්, එනම් හතළිස්පස් වසරක් ජීවත් වීමට තරම් වාසනාවන්ත වූයේ කෙසේද යන්න වෛද්‍යවරුන්ටද රහසකි. ඇතැම් විට ඒ මචාඩෝ හා එලියානා එකිනෙකා කෙරෙහි දැක්වූ දැඩි ළබැඳියාවත්, අනෙකා වෙනුවෙන් තමන් ජීවත් විය යුතු බවට දෙදෙනා තුළම හටගත් දැඩි අධිෂ්ඨානයත් නිසාද විය හැක.
කවරක් වුවද අද මචාඩෝ සෑම උදෑසනකදීම අවදි වන්නේ තමාට මුහුණ ලා ඇති සයනයෙහි සිටින, හතළිස්පස් වසරක කාලයක් පුරාවට තමාගේ 
ළබැඳි අසල්වැසියාද, සොහොයුරියද, මිතුරියද වූ එලියානා සැගුයි කෙරෙහි වන විශ්වාසයෙනි. එලියානා ද තමා මෙන්ම සයනයට කොටු වූ ආබාධිත රෝගියෙකු වුවද තම ජීවිතය ජීවත් කරවන ශක්තිය ඇය බව මචාඩෝගේ විශ්වාසයයි. එලියානා සිතන්නේද එලෙසටමය. ඇතැමුන් ඔවුන් දෙදෙනා අතර ඇති ජීවිතය ජීවත් කරවන මෙම සබැඳියාව දකින්නේ සැමියෙකු හා බිරිඳක අතර වන සබඳතාවක් ලෙස වුවද මචාඩෝ කියා සිටින්නේ එය ඉන් ඔබ්බට ගිය සහෝදර සෙනෙහසක් බවය. ඒ සෙනෙහස නිසාම දිනපතාම ඔවුන් දෙදෙනා අතර වන වාදයන්ද කෙළවරක් නොමැත. නමුදු මේවා එකිනෙකාගේ සිත් රිදවීමේ හෝ කිසිදු පාර්ශ්වයක් හෝ මැඩලීමේ අරමුණින් සිදු කෙරෙන වාදයන් නොවන බව මචාඩෝගේ මෙන්ම එලියානාගේද අදහසයි. 
ආබාධිත තත්ත්වය නිසාවෙන්ම පහසුවෙන් රෝග ආසාදනය වීමේ හැකියාව නිසාද මචාඩෝ හා එලියානාට රෝහලෙන් පිටව ජීවිතය ගෙවීම යනු සිහිනයක්ම පමණක් වුවත්, රෝහලෙන් පිටව බාහිර ලෝකයේ සුන්දරත්වය විඳ ගැනීමට ලද විරල අවස්ථාවන් ඔවුන් දෙදෙනාගේම ජීවිතවල කිසිදා අමතක නොවන සදාතනික සිහිවටනයන්ය. සිය මුළු ජීවිත කාලය 
තුළදීම එලෙස රෝහලින් පිටත ලෝකය දැක බලාගැනීමට මචාඩෝට අවස්ථා පනහක් පමණ ලැබි ඇති අතර, මෙබඳු සංචාරයන් බොහෝමයක් මෑත කාලීනව සිදු වූ ඒවාය. ඒ පරිණත වියට එළැඹීමත් සමග අභියෝගයන්ට මුහුණ දීමට ඔවුන් තුළ වන කායික සේම මානසික ශක්තියද ඉහළ යාම නිසාම පමණක් නොව කාලයාගේ ඇවෑමෙන් සිදුවූ වෛද්‍ය තාක්ෂණයේ පෙරළියත් සමග ඉතාම අඩු වෛද්‍යාධාර මෙවලම් හා අවම අධීක්ෂණයක් යටතේ 4-3රෝහලින් බාහිර වූ පරිසරය සමග මුහු වීමට මචාඩෝ හා එලියානා හට හැකියාව ලැබිම ද මීට තවත් හේතුවකි. එලෙස යාමට ලැබුණු සංචාර අතරින් මචාඩෝගේ හා එලියානාගේ මතක ගබඩාවේ සුවිශේෂීම මතකයක් සනිටුහන් කිරීමට හැකිවූයේ වයස අවුරුදු තිස්දෙකේදී මුහුදු වෙරළට ගිය ගමනයි. ජීවිතයේ පළමු වරට ඔවුන් දෙදෙනා හැබැහින් මුහුදු වෙරළක් දැකගත් ඒ දිනය ඔවුන්ගේ ජීවිතවල කිසිදා අමතක නොවන සන්ධිස්ථානයකි. එතෙක් කලක්, ‍පොත්පත්වලින් දැක කියවා, කතාන්දරවලින් පමණක් අසා තිබුණු මුහුදු වෙරළක සැබෑ චමත්කාරය විඳගනිමින් මුහුදු සුළඟ ආශ්වාස කරමින්, ශීතල මුහුදු ජලයේ සිසිල විඳ ගැනීමට ලද ඒ විරල අවස්ථාව ජීවිතයේ එබඳු වරප්‍රසාදයක් නොගිනිය හැකිතරම් සුළු කොට තකන අපට කෙසේ වතුදු රෝහල් කාමරයෙන් පිටත වූ ලෝකයකට කිසිදා පය නොතබා ඇති මචාඩෝ හා එලියානාට නම් මිල කළ නොහැකි, විඳ නිම කළ නොහැකි අත්දැකීමක් වූවාට සැක නැත. ඒ පිළිබඳව යළි යළිත් සිහිපත්කොට සිතින් වින්දනය කිරීමට ඔවුන් එතරම් ප්‍රිය කරන්නේ එනිසාය. රෝහ‍ලේ ගෙවන කාලය එලියානා මිඩංගු කරනුයේ ‍ලේඛනයට හා චිත්‍ර ඇඳීමටය. ප්‍රකාශයට පත් කරනු ලැබූ කෘති කීපයකම සාඩම්බර හිමිකාරිනියක වන එලියානා සිය මුවේ රඳවාගත් පින්සලක් ආධාරයෙන් චිත්‍ර ඇඳීමටද හපනියකි. රෝහල් කාමරයේ ඇය වෙසෙන කොටස මුළුමනින්ම සරසා ඇත්තේ ඇය විසින් ඇඳි චිත්‍ර හා ඇය ඉතා ප්‍රිය කරන බෝනික්කන් හා ‍පොත්වලිනි. දැඩි සිනමා ලෝලියෙකු වන මචාඩෝගේ සයනය වටා වන බිත්ති පුරා අලවන ලද චිත්‍රපටවල ‍පෝස්ටර්වලට අමතරව දක්ෂ පරිගණක සජීවීකරණ ශිල්පියෙකු වන ඔහු සතුව ප්‍රබල පරිගණක දෙකක් ද වේ. එලියානා විසින් රචිත කෘතියක් ඇසුරෙන් මචාඩෝ විසින් නිර්මාණය කරන ලද ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපට මාලාවක් වන The Adventures of Leca & her Friends හි නිර්මාණ කටයුතු සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට අන්තර්ජාලය ඔස්සේ ඔහු විසින් අරඹන ලද ව්‍යාපෘතිය විසින් ඉලක්ක කළ ඇ. ඩොලර් හැටපන්දහසක මුදල පසුගිය මැයි මාසය වන විට සම්පූර්ණ කර ගැනීමට මචාඩෝට හැකි වී තිබේ. මේ නිසා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වීමට මචාඩෝ දුටු සිහිනය ළඟදීම සැබෑ කර ගැනීමට ඔහුට වරම් ලැබෙනු ඇත. මචාඩෝගේ හෙද නිලධාරිනිය වන මාෂියා ෆිසෙටෝ උතුරා හැලෙන පී්‍රතියෙන් යුතුව කියා සිටින ආකාරයට, ‍පෝලියෝ රෝගී බිලිඳෙකු ලෙස ජීවිතය ඇරඹූ මචාඩෝ මෙන්ම එලියානා ද අද වන විට පැමිණ ඇති දුර පිළිබඳව වරප්‍රසාද ලත් ජීවිත ලැබූ අප කවුරුත් පුදුම විය යුතු නොවන්නේද?
රුක්ලන්ති පෙරේරා lakbima

Tuesday, September 10, 2013

►► එදා සුදු නංගී .....►►



අයෝමි දැන් දොස්තර නෝනා නේද?

රජයේ වෛද්‍යවරියක ලෙස කටයුතු කරන්න දැන් අවස්ථාව ලැබී තිබෙනවා. ගිය මාසයේ දී තමයි උපාධි ප‍්‍රධානෝත්සවය තිබුණේ. කොළඹ සරසවියේ දේශීය වෛද්‍ය අංශයේ උපාධිධාරිනියක්.


දැන් මොන රෝහලේ ද සේවය කරන්නෙ?
තවම ලියාපදිංචි වුණා විතරයි. අනාගතයේදී රෝහලක් ලැබෙයි.

ලංකාවේ කොහෙ වුණත් සේවය කරන්න කැමතිද?
ඒක වගකීමක්. ඒ වගකීමට අපි බැඳිලා ඉන්නෙ.


එතකොට රඟපෑම් වලට යන්නෙ කොහොමද?
ඒක නම් ඉතින් සීමා කරන්න වේවි.


වෛද්‍ය වෘත්තීය සහ රඟපෑම් වෘත්තිය අතරින් ඔබ වඩා කැමැති වෘත්තිය මොකක්ද?
මේ අංශ දෙකටම එක විදියට කැමතියි. නමුත් වෛද්‍ය වෘත්තියට මුල් තැන දේවි.


වෛද්‍යවරියක් වීම ගැන අද ඔබට හිතෙන්නෙ කොහොමද?
පුංචි කාලයේ ඉඳලාම තිබූ අරමුණක් සඵලවීම ගැන හරි සන්තෝෂයි.


ඇයි වෛද්‍යවරියක් වෙන්නම හිතුවේ
.
ඒ වෘත්තියට ගොඩාක් ආසයි.


දේශීය වෛද්‍ය අංශයම තෝරා ගත්තෙ ඇයි ?
බටහිර අංශය සඳහා ලකුණු මදි වුණා. ඒත් දේශීය වෛද්‍ය අංශයට තේරීම ගැන අද මම ගොඩක්ම සතුටු වෙනවා. මම හිතන්නෙ එම අංශය තවම ජනතාවගේ අවධානයට හරියටම යොමු වෙලා නැහැ. එය ඇත්තටම ආශ්චර්යවත් දෙයක්. අද දේශීය අංශයේ වෛද්‍යවරියකවීම ගැන මට තියෙන්නෙ ලොකු සතුටක්.


අද සමාජයේ මිනිසුන්ට වැඩිපුර තියෙන්නෙ මොන වගේ රෝගී තත්ත්වයන්ද?
අධි රුධිර පීඩනය, මේදය වැඩිකම. දියවැඩියාව සහ අම්ලපිත්ත හෙවත් ගැස්ට‍්‍රයිටීස් රෝගී තත්ත්වයන්.


ඇයි එහෙම වෙන්න හේතුව?
ආයුර්වේදයට අනුව ගත්තාම ආහාර හා විහරණයේ හෙවත් ඇවතුම් පැවතුම්වල තියෙන වැරදි ක‍්‍රම නිසයි. බොහෝ වෙලාවට සමබල ආහාර වේලකට වඩා පිටි සහිත ආහාර භාවිතය මේ සියල්ලට හේතුවයි.


ඔබ ආහාර පාන සහ සාමාන්‍ය ජීවිතයේ දී නිවැරදි ක‍්‍රමයක් අනුගමනය කරනවාද?
හැකි සෑම අවස්ථාවකදීම එය කරනවා.


ඔබගෙ පැහැපත් බවේ රහස මොකක්ද?
පොඩි කාලයේ ඉඳලම මේ පැහැය තමයි.

ඔබගෙ රඟපෑම් ගැන රසිකයින් මොනවද කියන්නෙ?

බොහෝ වෙලාවට මට වැඩිපුර ප‍්‍රතිචාර ලැබෙන්නෙ මැදි වයසේ අම්මලාගෙන්. ඒකට හේතුව නම් මම දන්නෙ නැහැ. මේ දිනවල නම් බොහෝ දෙනා ප‍්‍රතිචාර දක්වන්නෙ කෝරලේ මහත්තයා-ටිකිරි චරිතය සහ අසිනි චායා නාට්‍යයේ චාපා යන චරිතය නිසයි. හැබැයි අද රඟපෑම් ගැන අහනවාට වඩා රසිකයින් මගෙන් අහන්නෙ වෙනත් දෙයක් ගැනයි.




ඒ මොකක් ගැනද?

බෙහෙත් ගන්න පුළුවන් කොහොමද කියලා අහනවා. ඒ වගේම එක් එක් රෝගවලට මොන වගේ බෙහෙත්ද ගන්න ඕනෑ කියලත් අහනවා. මගේ සහෝදර නළු නිළියන් පවා එහෙමයි. ඒ විදියට මම උගත් දේ වෙතින් දැනුවත් කිරීමට අවස්ථාව ලැබීම ගැන ලොකු සතුටක් තියෙන්නෙ.

අයෝමි කියන ඒ නම ගැන මොකද හිතෙන්නෙ ?

දරාගැනීමේ ශක්තියක් ඇති හිතක් තියෙන කෙනෙක් කියලා හිතෙනවා. හැබැයි ඉතින් ඒ මම හිතන විදියයි.


ඔබ කොහොම කෙනෙක්ද?

මම මට හිතෙන විදියට සරලයි. බුදු දහමට අනුව ජීවත් වෙන්න උත්සාහ ගන්න කෙනෙක්. නිර්මාංශයි. ඒත් ඉතින් මට මා ගැන නිගමනයකට එන්න බැහැ. සමාජය තීරණය කරාවි.


►►කාන්තාවන් හතරෙන් එකකට කවදාහරි මානසික රෝගයක් හැදෙනවා►►

hisaradeමෙරට සෑම කාන්තාවන් හතර දෙනෙකුගෙන් එක් අයෙක් ජීවිතයේ කවදා හෝ විශාදය නැමැති මානසික රෝගයට ගොදුරු වන බව මානසික අධිකරණ වෛද්‍ය විශේෂඥ නීල් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය. සියදිවි නසා ගැනීමට පෙළඹෙන පුද්ගලයින් කුමන හෝ මානසික රෝගී තත්තවයකින් පෙලෙන බව කරන ලද පරීක්ෂණවලදී තහවුරු වී ඇතැයිද හෙතෙම සඳහන් කළේය. වෛද්‍යවරයා මේ බව සඳහන් කළේ 2013 (10) ට යෙදෙන ලෝක සියදිවි හානි කර ගැනීම වැළැක්වීමේ දිනය නිමිත්තෙන් සඳුදා (09) සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය සම්මන්ත්‍රණයකදීය.

ශ්‍රී ලංකාවේ සියදිවි නසා ගැනීමට පුද්ගලයින් සියදෙනෙක් සිතන අතර ඉන් දහදෙනෙක් උත්සහ කරන අතර එක් පුද්ගලයෙක් සිය දිවි නසාගන්නා බවද වෛද්‍යවරයා පෙන්වා දේ. සමාජ ආපදාව, බලා‍පොරොත්තු කඩවීම, මනා අවබෝධයක් නොමැති වීම, දෙමව්පිය රැකවරණය නොලැබිම, වැනි හේතු කාරණා විශාල වශයෙන් සියදිවි නසා ගැනීමට හේතු වෙන බවද හෙතෙම අවධාරණය කළේය. මේ වන විට රට තුල සියදිවි නසා ගැනීම සියයට 11.5ක් දක්වා අඩුවී ඇති අතර එය සියයට බිංදුව දක්වා අවම කිරීම රජයේ ඉපලක්කය වී ඇතැයිද පැවසේ.


ශ්‍රියානි විජේසිංහlakbima


- වෛද්‍ය විශේෂඥ නීල් ප්‍රනාන්දු

Thursday, September 5, 2013

►► ජැක්සන් ඇන්තනිගේ පුතා තාත්තා වගේම මෝඩයෙක්..►►


                                      ටෙලි නාට්‍යය හා සිනමා නිලි සසන්ති ජයසේකර සිය පෙම්වතා සමග පෙනී සිටි ජායාරුපයකට භානුක ඇන්තනී නම් පුද්ගලෙකු විසින් යොදන ලද අදහස් දැක්වීමක් හේතුවෙන් සසන්ති ජයසේකර කෝපයට පත්ව එයට පිළිතුරු සපයා ඇත. 


මෙහි සඳහන් මුල් ප්‍රතිචාරය සඳහන්කොට තිබුනේ භානුක ඇන්තනි නම් පුද්ගලයා ජැක්සන් ඇන්තනිගේ පුතුවන අකිල ධනුද්දරගේ ජායාරුප වලින් පෙනී සිටි නිසා ඔහු ජැක්සන් ඇන්තනි ගේ පුතෙකු යැයි වරදවා සිතු සසන්ති විසින් ජැක්සන් ඇන්තනිට හා ඔහුගේ පුතුට බැන වැදී තිබුනේ මෙලෙසිනි. 

"මේ භානුක ඇන්තනි කියන ජැක්සන් ඇන්තනිගේ පුතා තාත්තා වගේම මෝඩයෙක්..හිතන් ඉන්නේ තාත්ත ලංකාවේ රජ්ජුරුවෝ කියලා...සුදු මිනිස්සුන්ට කැමති නැත්නම් යු.කේ ඉදන් මොන **** ද කරන්නේ? 

භානුක සහ සසන්ති අතර ඇතිවූ එම සංවාදය බලන්න පහතින් 


සසන්ති හා ඇයගේ පෙම්වතා වන ස්ටීව් ගේ ජායාරුප කිහිපයක් බලන්න පහතින් 


Saturday, August 31, 2013

►► දියණියන්ට දෑවැද්ද සොයන්න සති අන්තයේ කොළඹ හිඟාකෑ ආණ්ඩුවේ ලිපිකරුවා►►



කලෙකට ඉහත දිනයක එංගලන්තයේ එක්තරා නගරයක වාසය කළ ධනපති පවුලක කාන්තාවක් වෙත විදුලි පණිවුඩයක් ලැබිණි. ඉන් කියවුණේ විදෙස් ගතව සිටින සිය සොහොයුරෙකු විසින් නැව් මගින් එවන ලද භාණ්ඩයක් අදාළ ගුදම වෙත පැමිණ බාර ගන්නා ලෙසය. ෙදෙනිකව සිදුවන පරිදි මේ මොහොතේ ඇගේ සැමියා සිය ව්‍යාපාරික කටයුතු සඳහා පිටත්ව ගොස් සිටි බැවින් කුලී රථයක් ගෙන්වා ගත් ඇය පෙර කී ස්ථානය බලා පිටත්ව ගියාය. ඇය මීට ප්‍රථම ගමන්කර නොතිබූ මෙම නැව්තොට ආශ්‍රිත ප්‍රදේශය රළු හඩින් කෑගසන මිනිසුන්ගෙන් සහ කම්කරුවන් ආදීන්ගෙන් ජනාකීර්ණව තිබිණි. කෙසේ වෙතත් අදාළ ස්ථානයට යන මාවතෙහි වූ තදබදයක් හේතුකොට ගෙන කුලී රථය නැවතුණ අතර ඉන් බැස ඉතිරි දුර පයින් යන්නට ඇය තීරණය කළාය.

ඒ අනුව රියෙන් බට ඇය හාත්පස සිසාරා නෙත් හෙළනු ලැබුවේ අදාළ ස්ථානය ගැන අවබෝධයක් ලබා ගනු රිසියෙනි.

නමුත් තවත් තත්පර ගණනක කාලයක් තුළ ඇය දුටුවේ අනපේක්ෂිත දසුනකි. එනම් මංපෙතේ තමාට වම්පසින් වූ අපිරිසිදු ගොඩනැගිල්ලක ඒ ඉහළ මාලයේ ජනේලයක් අසල සිටගෙන සිටින තම සැමියාය. ඔහු මෙවැනි තැනකදී දක්නට ලැබිම තමාව කම්පනයට පත්කරනු ලැබුවාක් මෙන් ඔහුද සිය බිරිඳගේ අනපේක්ෂිත දර්ශනය හේතු කොටගෙන දැඩි විමතියකට සහ නොසන්සුන්තාවයකට ලක්වූ බවක් පෙනෙන්නට තිබිණි. ඉක්බිති ඔහු නිරන්තර පුරුද්දකින් සිදු කරන දෙයක් පරිද්දෙන් ඇයට අත වැනූ නමුත් එක් වරම පියවි සිහිය ලැබූ අයෙකු පරිදි ජනේලය අසලින් අතුරුදහන් වූවේය.

මේ අනපේක්ෂිත හමුව හේතුකොටගෙන මහත් පුදුමයකට පත් වූ කාන්තාව සිය ගමන අමතක කොට තම සැමියාව දුටු ගොඩනැගිල්‍ලේ පඩිපෙළ දිගේ ඉහළට නගින්නට තැන් කළාය. එහෙත් රළු පෙනුමක් සහිත චණ්ඩි පහේ පුද්ගලයෙකු විසින් ඇයව නවත්වනු ලැබිණි. අවසානයේ ‍පොලිස් භටයින් කීප දෙනෙකු සමග ඒ ස්ථානය පරීක්ෂා කළද ඇයට තම සැමියා සොයාගත නොහැකි විය. ඒ වෙනුවට එතැන සිටියේ ‍පොලිස් නිලධාරීන් පවා නිරන්තර දැක පුරුදු විරූපී මුහුණක් සහිත හිඟන්නෙකු පමණි.

එම හිඟන්නා මෙන්ම එතැන සිටි අනෙක් දෙතුන් දෙනාද පැවසුවේ එවැනි අයෙකු මෙහි නොසිටි බවය. නමුත් ඒ ස්ථානයේ සිට හමුවූ පෙර කී කාන්තාවගේ සැමියාට අයත් භාණ්ඩ කීපයක් නිසා සිඟන්නා සිර බාරයට පත්වෙයි.

මේ අතර සිය සැමියා දින කීපයක් ගෙදර නොපැමිණීම නිසා ඒ ගැන පරීක්ෂණ මෙහෙයවන ‍පොලිස් පරීක්ෂකයාට අවසානයේ සොයා ගැනීමට ලැබෙන්නේ ව්‍යාපාරිකයෙකු බව හඟවා ඉතා ධනවත් මට්ටමෙන් ජීවත්වන ඇයගේ සැමියා වූ කලී අන් කවුරුවත් නොව මෙම විරූපී මිනිසෙකු ලෙස වෙස්වලා ගත් මෙම හිඟන්නා බවය.

ලොව අංක එකේ රහස් පරීක්ෂක නවකතාකරු සර් ආතර් කොනන් ඩොයිල්ගේ කතාවක එන ඉහත සඳහන් සිද්ධිය හුදු ප්‍රබන්ධයක් පමණක් නමුදු අපේ ශ්‍රී ලංකාවේ සැබෑ සමාජය තුළ ප්‍රබන්ධයට වඩා විස්මිත ලෙස එවැනි දේ සිදුවේ.

කලකට ඉහත ‍පොළොන්නරුව නගරයේ සිට තරමක් ඈතට වන්නට ජීවත්වූ රාජ්‍ය සේවයේ නියුතු ලිපිකරුවෙක් විය. තමාට ලැබෙන වැටුප කෑම ඇඳීම ඇතුළු එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීමට ප්‍රමාණවත් වුවද ඔහුගේ මූලික බලා‍පොරොත්තුව වූ ලොකු ගෙයක් තනා ගැනීමේ සිහිනයට අලගු තබන්නටවත් ප්‍රමාණවත් නොවීය. මෙම ගෙයක් තනා ගැනීමේ සිහිනය හා බැඳුණු තවත් සුවිශේෂ කාරණාවක් ද විය. එය නම් ඒ වන විට පාසල් අධ්‍යාපනය හමාර කර සිටි තම තරුණ දියණියන් දෙදෙනා විවාහ කර දීමේ අභියෝගයට මුහුණ දී සිටීමයි.

එය ඔහුට අභියෝගයක්ම වීමටද කාරණා තිබිණි. ඉන් පළමුවැන්න නම් ඔහුගේ දියණියන් දෙදෙනාම සා.පෙළ ලිවීමෙන් පසුව රැකියාවක්ද නොලැබ ගෙදර නැවතී සිටීමය. ඊළඟ කරුණ වූවේ ඔවුන් දෙදෙනාම එතරම් ආකර්ෂණිය රූ සපුවකින්ද යුතු නොවීමය. මේ හැරුණු කළ වැඩිමහල් දියණිය යම් පමණක මන්ද මානසික ස්වභාවයකින් යුතු වීම ද ඔහුගේ ජීවන ගැටලුව තවදුරටත් සංකීර්ණ තත්ත්වයට පත් කරවනු ලැබිණි.

මේ සියල්ලටම විසඳුම ලෙස ඔහුට පෙනී ගියේ ලොකු දෑවැද්දක් තිබේ නම් දියණියන්ගේ කටයුතු කෙසේ හෝ ඉවරයක් කර ගත හැකි බවය. අනෙක් කාරණය පෙනුමට ගෙයක් දොරක් තිබේනම් කාරණය වඩාත් පහසු විය හැකි බවය.

ඒ සඳහා කළ යුතු බොහෝ දේ ගැන ඔහු නිරන්තරව කල්පනා කළේය. ඒ හැම දේටම විශාල ප්‍රාග්ධනයක්ද, කාලයක්ද සියල්ලටම වඩා වාසනාවද අවශ්‍ය බව ඔහු අවබෝධ කර ගත්තේය. ඒ නිසා එවැනි සැලසුම් සියල්ල ඔහු ඉවත දැම්මේය.

තවත් මාස හත අටක් ගතවිය. ගෙදර බිරිඳද අසල්වාසීින්ද පුදුමයට පත් කරමින් ඔහු හොඳ ගෙයක් සඳහා අත්තිවාරම් දැම්මේය. ඉක්බිති හෙමින් හෙමින් වුවද දින සති මාස ගතවෙමින් ගෙය ගොඩනැගෙන්නට වූවේය. අනතුරුව අවුරුදු තුනයි මාස කීපයක් ඇතුළත පූර්ණ වශයෙන් ගෙයි වැඩ නිම කෙරුණු අතර තවත් අවුරුදු තුන හමාරක් ඇතුළත සිය දියණියන් දෙදෙනාම විවාහ කර දීමටද හැකි විය. ඔහු සිය ලිපිකරු දිවියෙන් විශ්‍රාම ගියේ හොඳ ගෙයක්, ගොවිතැන් කටයුතු සඳහා කුලියට දෙන ට්‍රැක්ටරයක් සහ තම අරමුණු ඉටුකර ගැනීම ගැන හිතේ සතුටක්ද සහිතවය.

මානසිකව මෙන්ම ආර්ථිකවද හෙම්බත් වී සිටි ලිපිකරුවා මේසා ප්‍රාතිහාර්යයක් සිදු කළේ කෙසේද?

ඒ කතාව පටන් ගන්නේ එක් සිකුරාදා දිනක ඔහු ‍පොළොන්නරුවේ සිට කොළඹට පැමිණි ගමනකිනි.

කොළඹ ගෙන්දගම් ‍පොළොව පෑගූ ඔහු කෙළින්ම ගියේ මට්ටක්කුලියේ ජීවත් වන ඔහු දන්නා කියන පැරණි මිතුරෙකු හමුවන පිණිසය.

ලිපිකාර සේවයේ සමකාලීනයෙකු නොවූවද රැකියාවේ ආරම්භක අවධියේ ඔහු මේ පුද්ගලයා අඳුනාගෙන තිබුණා පමණක්ද නොව ඔවුන් අතර දැඩි මිත්‍රත්වයක්ද ගොඩනැගී තිබුණි. එකල මොරිස් මයිනර් ටැක්සියක් පැද වූ ඔහු වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ටැක්සිකාරයෙකු විය. එනම් ඕනෑම දෙයකට ඔට්ටු හිත හොඳ මිනිසෙකු විය. කෙලෙහිගුණ දන්නා මිනිසෙකු ද වූ ඔහු මෙම ලිපිකරුවා හා මෙතරම් බැඳීමක් ඇතිකරගෙන ඇත්තේ ඔහුගේ දරුවෙකු අසාධ්‍ය තත්ත්වයක පසුවෙද්දී දන්නා කියන වෛද්‍යවරයකුට යොමුකර දිවි බේරාදීම නිසාය.

ඉතින් මේ කියන සිකුරාදා දිනයේදී ලිපිකරු මහතා ඔහු හා තම මුදල් ප්‍රශ්න ගැන කතා කිරීමේදී පවසා ඇත්තේ “එහෙම සල්ලි හොයන්න නම් ඉතින් කරන්න තියෙන්නෙ හිඟාකන එක තමයි. මොකද අද ‍පොලියට සල්ලි දෙන හිඟන්නොත් ඉන්නවා. මමත් හදිස්සියට සල්ලි අරගෙන තියෙනවා” යනුවෙනි. එහෙත් තම ලිපිකරු මිතුරා කිසිසේත්ම එවැනි වැඩකට යොමු වේ යැයි ඔහු සිහිනෙකින්වත් නොසිතන්නට ඇත.

නමුත් ලිපිකරු මහතා ඉතා තීරණාත්මකව ඔහුට පැවැසුවේ “එක්කෝ තමා සියදිවි නසාගත යුතුයි නැතිනම් හිඟාකෑමෙන් හෝ මුදල් උපයා ගත යුතුයි කියාය.

ඒ අනුව යම් යම් වාද විවාද අවසානයේ ටැක්සි රියැදුරා එයට කැමති විය. මිතුරාට කළ හැකි හොඳම උපකාරය ලෙස හිඟන වෙස් ගැනීමට ස්ථානයකුත්, විශ්වාසය රැකියාවේ ප්‍රතිඥාවත් සමග කොච්චිකඩේ පල්ලිය ඇතුළුව හිඟමනේ යෙදී සිටියදී ආරක්ෂාව සැපයීමත් බාර ගන්නා ලදී.

‍පොළොන්නරුවේ ලිපිකරු මහතා හිඟමනට වැටුණේ ඒ ආකාරයෙනි. එහිදී ඔහු විසින් අනුගමනය කළ උපක්‍රම මොනවාදැයි කියන්නට අපි නොදනිමු.

එහෙත් ඔහු ඉතා කෙටි කලකින් තම යාචක වෘත්තීයේ මනා නිපුණතාවයක් ලබාගත් බව පමණක් නොව මිතුරු ටැක්සි රියැදුරා හරහා මුදල් ‍පොලියට දුන් බවද ඉතා පැහැදිලිව දනිමු.

මා අසා දැනගත් පරිදි ඔහු වැඩි ලාභයක් ලබාගෙන ඇත්තේ සුළු පරිමාණ වෙළෙඳුන්ට මුදල් දී හවසට ‍පොලියත් සමග ලබා ගැනීමෙනි.

මේ නිසා තම මිතුරා හිඟමනට යොමුවීම ගැන ටැක්සි රියැදුරා මුලදී අකමැත්තක් දැක්වූවද පසුව අනේ‍යාන්‍ය සහයෝගය මත එකිනෙකා දියුණුවීමත් සමග එය අකාමකා විය. නගරයේ පහළ මට්ටමේ විවිධ ස්ථරයෙන් ඇසුරු කරන රියැදුරාට යාචකයෙකු යනු පහත් මිනිසෙකු ලෙස පෙනුණේද නැත.

ලිපිකරුවා යාචක දිවියෙන් සාර්ථකත්වයක් ලැබූවද මෙම ලියුම්කරුගේ අදහස නම් පසුකාලීනව ඔහු යාචක වෘත්තිය නිල වශයෙන් තබා ගනිමින් ඉතා සාර්ථකව මෙම ‍පොලී ව්‍යාපාරය පවත්වාගෙන ගොස් ඇති බවය. පසුකාලීනව ඔහුගෙන් ‍පොලියට මුදල් ලබාගත් අය අතර නගරයේ බාබර් සාප්පු හිමියන්, කුඩා තේ කඩ හා කුඩා සාප්පු ව්‍යාපාරිකයින් හා පේමන්ට් වෙළෙඳුන්ද වූ බව පැවැසේ. කොටින්ම මාහට මෙම තොරතුරු සපයා දීමට මුල් වූ ලියනෝරිස් මුදලාලි මහතාද තමාගේ ආරම්භක අවධියේ ඔහුගෙන් මුදල් ‍පොලියට ගත් බව මා සමග පැවැසීය.

ලිපිකරුවාගේ මෙම ජීවන රටාව හෝ ඔහුගේ තත්ත්වය පිළිබඳව විවිධ කට කතා පැතිරුණද ඔහු හිඟා කා මුදල් ඉපයූ බව කිසිවෙකුට ආරංචි වූ බවක් නොදනිමු. සමහර විටක එසේ ආරංචි වුවද හිඟාකෑමෙන් මෙතරම් ධනයක් උපයා ගත හැකි යැයි ‍පොළොන්නරුවේ එකල ගැමියෝ කිසිසේත් විශ්වාස කරන්නටද නැත.

නමුත් මේ සියල්ලටම වඩා මෙහි ඇති විශේෂත්වය වන්නේ තමන්ගේ අරමුණු ඉටුවූවායින් පසු ලිපිකරු මහතා ඒ සියල්ල සැනෙකින් නවතා දමා සන්සුන් විශ්‍රාම දිවිපවෛතට සම්ප්‍රාප්ත වීමය.

මෙම සිදුවීමට පසුබිම් වන්නේ මීට වසර 25කට පමණ එහායින් වූ කාල පරිච්ජේදයකි.

ඒ අනුව දැන් වනවිට අන් සියල්ල මෙන්ම යාචක වෘත්තියේද යම් යම් වෙනස්කම් සිදුවී තිබේ.

කෙසේ වුවත් කොළඹ නගරය තුළ හිඟන්නන් මෙන් ජීවත්වන්නවුන්ට අමතරව පිටපළාත්වල සිට ෙදෙනිකව කොළඹට පැමිණ හිඟන වෙස් ගෙන හිඟා කා ආපසු ගම්රටවලට යන අඹුසැමි ජෝඩුද සිටින බව අනාවරණය වෙයි. මෙසේ උදයෙන්ම කොළඹට පැමිණෙන ඔවුන් හිඟන වෙස් ගනුලබන්නේ කොළඹ විහාරමහාදේවී උද්‍යානයේදී යැයි ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වූ චන්ද්‍රභානු සමරවීර මහතා මා සමග පැවසීය.

ඒ වාගේම ඔහු පැවසූ තවත් අපූරු කතාවක් වූවේ මීට අවුරුදු 10 - 15ට පෙර කොළඹ ජාතික රෝහ‍ලේදී මිය ගිය හිඟන්නකු පිළිබඳව පැවැත්වූ මරණ පරීක්ෂණයකදී ඔහු මියගොස් තිබුණේ බඩගින්නෙන් යැයි හෙළිදරව් වූ බවය. නමුත් ඒ හිඟන්නාට අයිති ඔලගුවේ රුපියල් 30,000කට අධික මුදලක් වෛද්‍යවරුන්ට සොයා ගත හැකිව තිබේ.

ඒ වගේම තවත් දවසක මා මිත්‍ර චන්ද්‍රභානු සමරවීර මහතා හිඟන්නෙකුට මුදලක් දීමට තැත් කරද්දී තවත් අයෙකු ඔහුව වළකා ඇත්තේ “ඔය යකාට සල්ලි දෙන්න එපා, බොරුවට හිඟාකන්නෙ. මේ වෙනකොටත් මිනිහගෙ ත්‍රීවිල් දෙකක් පාරේ දුවනවා” යැයි කියමිනි. මා මිත්‍රයා ඒ කියමනෙහි සත්‍ය අසත්‍යභාවය සොයාබලා ඇති අතර ත්‍රීවිල් දෙක පමණක් නොව ඔහු සතුව මෝටර් සයිකලයක්ද ඇති බව දැනගෙන තිබේ. මේ හැර ඔහු මට කියූ තවත් කතාවක් වූවේ හිඟන්නන් අතර ඉතා කෙටි කාලයක් සහ කෙටි දුරක් තුළ ලොකු මුදලක් උපයා ගැනීමේ දක්ෂයින් සිටින බවයි. ඔහු පවසන පරිදි දහවල් 10න් පසු ටවුන් හෝල්වලින් 138 ට නගින කාන්තාවක් දෙල්කඳින් බසින්නේ හිඟමනින් ලැබුණු සල්ලි කොළ තොගයක්ද සමගය.

ඒ වාගේම බොරැල්ල හන්දියේ සිටින එක් හිඟන්නෙකු රාත්‍රී ආහාරයට පෙර අනිවාර්යයෙන්ම බියර් බෝතලයක් පානය කරයි. මේ හැර ඔහු ගැන වැඩියමක් දැනගත නොහැක්කේ ඔහු ඇත්තම ගොළුවෙක්ද වන හෙයිනි.

මේ හැරුණු කල හිඟන මිනිසුන් ගැහැනුන් පමණක් නොව ඔවුන් ගේ දරුවන්ගේ සුබ සාධනය ගැන කටයුතු කරන නිලංකා ජයසූරිය පැවසුවේ ඔවුන් යටතේ සිප් සතර හදාරා ලොකු මහත්වූ වීදි දරුවකුගේ දරුවා දැන් ඉගෙන ගන්නේ ජාත්‍යන්තර පාසලක බවයි.

මේ වන විට වර්ල්ඩ් විෂන් ආයතනයෙහි සම්බන්ධීකරණ නිලධාරිනියක ලෙස කටයුතු කරන නිලංකා තවදුරටත් පවසන්නේ එක් පැත්තකින් අප මවිතයට පත්කරවන සුළු මෙවැනි කතා අසන්නට ලැබුණද මානුෂික ගැටලු නිසා ඇතිවන ප්‍රශ්නවලදී අපත් ඔවුනුත් අතර වෙනසක් නැති බවය. ඒ අන්කිසිවක් නිසා නොව යාචකයෝද මනුෂ්‍යයන් වන බැවිනි.




තිස්ස ප්‍රේමසිරි lakbima

Sunday, August 25, 2013

►►දුවේ නුඔ උපදින කිසිම ආත්මයක මෙවන් අවාසනාවන්ත ඉරණමකට ගොදුරු නොවෙවා►►

මල් කැකුළු වන් සුරතල් දරු පැටවුන් ගොදුරට ගන්නා අමානුෂික ලිංගික අපරාධවල අඩුවක් තවමත් දක්නට නැත. මේ නිසාම ලංකාවේ නන්දෙසින් වාර්තා වන මෙවන් අපරාධ ගැන තොරතුරු නිරන්තරයෙන්ම අපට මාධ්‍ය ඔස්සේ අසන්නට දකින්නට ලැබේ. මෙවන් වූ අපරාධ රැල්‍ලේ අලුත්ම, සානුකම්පිත සිදුවීම වාර්තා වූයේ දියතලාව ඇල්ලගම ප්‍රදේශයෙනි. එය වයස අවුරුදු අටක දැරියක රවටාගෙන ගොස්, දූෂණය කර මරා දැමීමක් පිලිබඳ අනුවේදනීය කතාවකි. ‍පොලිස් වාර්තා හා කටඋත්තර වලට අනුව එම සිදුවීම මෙසේය.
දිනය අගෝස්තු මස 19 වැනි සඳුදාය. වේලාව සවස 6.00ට ආසන්නය. හදිසියේම ඉරේෂිකාලාගේ නිවසට ආවේ පවු‍ලේ හිතවතෙකු වූ නලින්ය. ඔහු නිවසට එන විට අට හැවිරිදි ඉරේෂිකා සිටියේ පුංචි බලු පැටවුන් සමග සෙල්ලම් කරමිනි.
“දුවේ” නලින් ඉරේෂිකාට එසේ අමතමින් නිවස තුළට ඇතුළු විය. ඊළඟට ඔහු ඉරේෂිකාගේ මව කුමාරි සමග කුළුපග කතා බහකට වැටුණේය. ටික වේලාවක් කතා කරමින් සිටීමෙන් පසු නලින් කුමාරි අමතා මෙසේ කීවේය.
“මගේ කලිසමක් තියෙනවා ගෙදර. ඒක අරගෙන ඉක්මනට එන්නම්. මම තනියට ඉරේෂිකා දුවව එක්කරගෙන යනවා.”
මෙසේ කියූ නලින් පුංචි දියණිය ඉරේෂිකාගේ අතින් අල්ලාගෙන යනු කුමාරි බලා සිටියේ කිසිදු සැකයකින් තොරවය. ඒ ඔහු ඒ තරමටම පවු‍ලේ සමීප හිතවතෙකු වූ නිසාය.
“දුව මිදුලට වෙලා බලා සිටියේ එයාගේ අයියා කොළඹ ඉඳල එනකම්. එයා දන්නවා අයියා එයාට පැණි රස කෑම මොනවා හරි ගේන බව. එහෙම හිටපු දරුවට තමයි මෙහෙම අපරාධයක් වුණේ.” කුමාරි කෑ ගසා විලාප දෙමින් කීවාය.
නලින් මාමා සමග හුරතල් දඟකාර එකියක ලෙසින් ගමන් කළ පුංචි ඉරේෂිකා බොහෝ වේලාවක් යනතුරු යළි නිවසට නොආවාය. නලින් ගැනද තොරතුරක් නොවීය.
කෙසේ හෝ මෙයින් තැතිගත් කුමාරි ඉරේෂිකාට වැඩිමහල් දියණිය නිවසේ නවතා වහා මීටර සියයක් පමණ දුරින් පිහිටි නලින්ගේ නිවස බලා ආවේ මොවුන් ගැන තොරතුරක් විමසනු අටියෙනි. එහෙත් නලින්ගේ නිවසේ දොරගුළු වසා තිබුණි. කිසිවෙකු එහි සිටිනා බවක් ඉඟියකින්වත් දැනුණේ නැත.
කලබල වූ කුමාරි ඊළඟට දිව ගියේ මඳක් එහාට වන්නට තිබූ කඩ වීදිය දෙසටය. එහෙත් විපරම් කර බලද්දී නලින් සහ දියණිය එහි නොසිටියහ.
කුමාරි යළිත් වහා නිවස බලා ආවාය. ඇය පැමිණෙන විට ඉරේෂිකාගේ පියා මංගලද නිවසට පැමිණ සිටියේය.
“මංගල, අපේ චූටි දුව නලින් එක්ක ගිහින් දැන් සෑහෙන වේලාවක්. තවම ආවේ නැහැ. ගෙදරත් නැහැ.’ කුමාරි කීවේ නොසන්සුන් වූ මනසිනි.
“උඩ ගෙදර ඇති’ එසේ කියූ මංගල දැඩි වෙහෙස නිසා නිදාගන්නට සූදානම් වූයේය.
වේලාව රාත්‍රී 8.30ද පසුවිය. මංගල තද නින්දකය. නලින් සහ දියණිය ඉරේෂිකා ගැන තවමත් කිසිදු ආරංචියක් නැත. කුමාරි අසල නිවසක සිටින තම සොයුරිය සමග ඉරේෂිකා ගැන තොරතුරක් සොයන්නට වෙහෙසෙමින් සිටියාය.
‘උඹ මාර තාත්තා කෙනෙක්. කෙල්ලට මොනව වුණාද කියල හොයන්න අදහසක් නැද්ද?’ මේ මොහොතේ කුමාරිගේ සොයුරියගේ ස්වාමි පුරුෂයාද මංගලට දෝෂාරෝපණය කරන්නට වූවේ ඉරේෂිකා ගැන සොයන්නට තරම් ඕනෑකමක් ඔහු සතුව නැති බව තේරුම් ගත් නිසාය.
“හොයන්න දෙයක් නෑ. නලින් හොඳ එකා. ඌ මට විශ්වාසයි. දුව එක්ක තව ටිකකින් ඒවි.’ මංගල පිළිතුරු දුන්නේ වැඩි තැකීමකින් තොරවය.
නලින් එතරම් යහපත් චරිතයක් තිබූ අයෙකු නොවූ බව කුමාරිගේ සොයුරිය විවාහ වී සිටින තැනැත්තා හොඳින් දැන සිටියේය. එපමණක් නොව ඔහු විවිධ අකටයුතුකම් නිසා කීප අවස්ථාවක් බන්ධනාගාර ගතවී සිටි අයුරුද ඔහු මෙහිදී සිහිපත් කළේය. එමෙන්ම මත්පැන්වලට ඇබ්බැහි වී සිටින ඔහුගේ ක්‍රියාකාරකම් විශ්වාස කිරීම අනුවණකමක් බවද මස්සිනා මංගලට සිහිපත් කළේය.
“ඌ කාට මොනවා කළත් අපිට ඔය වගේ දේවල් කරන්නෙ නැහැ. නලින් හිරේ වැටිල ඉන්න කොට බලන්න ගියෙ මම. ඇඳුම් ටික හෝදලා ගිහිං දුන්නෙ, කෑම ටික ගිහින් දුන්නෙත් මම.” මංගල පුරසාරම් දෙඩුවේ නලින්ව අහස උඩ තබමිනි.
කෙසේ හෝ මේ මොහොත වන විට ඉරේෂිකාගේ වැඩිමහල් සොයුරා කොළඹ සිට නිවස බලා පැමිණ සිටියේ තම සුරතල් පුංචි නැගණියට රස කැවිලි පවා මිලදී ගෙනය.
“දුව මිදුලට වෙලා බලාගෙන හිටියෙත් එයාගේ අයියා එන බව දන්න නිසයි. පැණි රස ගෙනෙන බව දන්න නිසයිි.’ කුමාරි ඇඬූ කඳුළින් නැවතත් පැවැසුවාය.
තවත් මොහොතකින් කුමාරිගේ වැඩිමහල් පුතා, සොයුරිය එමෙන්ම ඇයගේ සැමියා ඇතුළු කීප දෙනෙකු නලින්ගේ නිවස සෝදිසි කරන්නට වූයේ කුමක් හෝ සැලකිය යුතු හෝඩුවාවක් දැනගැනීමේ අටියෙනි. මේ මොහොතේ නිවසේ ජනේලයකින් නලින්ගේ නිවසට ඇතුළු වූ ඉරේෂිකාගේ වැඩිමහල් සොයුරාට දැකගන්නට ලැබුණේ හද සසල කරවන දසුනකි.
“ගෙයි ඇඳ උඩ ඉරේෂාගේ ඇඳුම් තිබුණා. ඒවායේ ‍ලේ පැල්ලම් කීපයකුත් තිබුණා. මේවා දැක්ක හැටියේ අපි දැන ගත්තා දුවට මොකක් හෝ වින්නැහියක් සිද්ධවෙලා තියෙනවා කියලා”
වහා ‍පොලීසිය ඇමතූ ගම්මුන් මේ සිදුවීම වාර්තා කළේ දෙවරක් නොසිතාය. එමෙන්ම මේ අපරාධයේ සුලමුල හා ඉරේෂිකාට සිදුවූයේ කුමක්දැයි ඉක්මනින්ම විපරම් කර බැලීමටය.
කෙසේ හෝ ‍පොලීසිය පැමිණ සෝදිසි කර බැලීමේදී නලින්ගේ නිවසේ සිට මීටර් 200ක් 300ක් පමණ ඈතින් තිබූ කුඹුරකට අයත් පැලක් තුළදී පුංචි ඉරේෂිකාගේ නිරුවත්, නිසල දේහය සොයා ගැනීමට හැකි විය. ඒ ‍පොහොර උරවලින් වසා තිබියදීය.
‍පොලිස් පරීක්ෂණවලට අනුව මෙම අමානුෂික ඝාතනය සිදුව ඇත්තේ පුංචි ඉරේෂිකා කෲර ලෙසත්, වේදනාකාරී ලෙසත් දූෂණය කිරීමෙන් පසුවය. දැරිය දූෂණය වන අවස්ථාවේ ඇතිවූ අධික ‍ලේ වහනයත්, ඇගේ ලිංගික ප්‍රදේශයට දරුණු තුවාල සිදුවීමත් හේතුකොටගෙන මෙම මරණය සිදුව ඇති බව මේ වෙනුවෙන් පැවැති මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත.
වයස අවුරුදු අටක් වූ, අහිංසක සමනලියක් බඳු ඉරේෂිකා දැරිය මෙලෙස බිහිසුණු කාම අපරාධයකට ගොදුරු කොට මරා දැමුවා යැයි සැක කරන නලින් ඒ වන විට සිටියේ ප්‍රදේශය අතහැර පලා ගොසිනි. දියතලාව ‍පොලීසිය හා බණ්ඩාරවෙල ‍පොලිස් කොට්ඨාසයේ අපරාධ අංශය නිල සුනඛයන් පවා යොදාගෙන සැකකරු අල්ලා ගැනීමට මෙහෙයුමක් දියත් කළේය.
සැකකරුට වැඩි කලක් ‍පොලිසියෙන් බේරී සිටීමට නොහැකි වූ අතර පසුගිය 21 වන දින දියතලාව ‍පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.
සැකකරු 21 දින රාත්‍රියේ ඔහුගේ මිතුරෙකු වන අමරේ හෙවත් ගංජා අමරේ නමැත්තාගේ නිවසේ සිටියදී මිතුරා විසින්ම දෙන ලද ඔත්තුවක් මත අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු තමාගේ නිවසට පැමිණ රාත්‍රියේ කෑමට යමක් ඉල්ලා සිටි බවත්, ඒ අවස්ථාවේ තමා ‍පොලීසියට ඔත්තුව ලබා දුන් බවත් අමරේ නමැත්තා පවසා ඇත.
සැකකරු ‍පොලීසිය හමුවේ තම අපරාධය පිළිබඳ පා‍පොච්චාරණයක් කළ බවද ‍පොලීසිය සඳහන් කරයි. තමා දැරියව තුන්වරක් දූෂණය කළ බවද, මිය ගිය පසුව ද එක්වරක් දූෂණය කළ බවද ඔහු පවසා තිබේ.
21 වැනි දින සවස දැරියගේ අවසන් කටයුතු සිදු කිරීමෙන් පැය කිහිපයකට පසු සැකකරු අත්අඩංගුවට ගන්නට හැකි වූ බව දියතලාව ‍පොලිස් ස්ථානාධිපතිවරයා පවසයි.
ඉරේෂිකා මෙම අතවරයට ගොදුරුව මියගියේ සැකකරුගේ සූක්ෂම උපායත්්, දෙමව්පියන්ගේ පසුගාමී, අපරීක්ෂාකාරී මානසික තත්ත්වයත් නිසා බව දැන් පැහැදිලිය.
බොහෝ ළමා කාම අපරාධවලට හේතුවන්නේ එම දරුවන්ගේ දෙමවුපියන් හා භාරකරුවන්ගේ වගකීමකින් තොර ක්‍රියාමාර්ග බව පසුගිය කාලයේ සිදු වූ බොහෝ අපරාධ දෙස බලන විට බෙහෙවින්ම පැහැදිලි වන කරුණකි. අද අප ජීවත්වෙමින් සිටින්නේ කාමාශාවෙන් උමතු වූ සමාජයක බව අමුතුවෙන් කිව යුතු නොවේ. මල් වැනි සුරතල් දරුදැරියන් ගැන වැඩිහිටියන්, විශේෂයෙන්ම මවුපියන් දැඩි අවධානයෙන් සහ සුපරීක්ෂාවෙන් පසුවිය යුත්තේ එබැවිනි.
 
උපුටා ගැනීම-ඩුබයි අපි පිටුවෙනි


Sunday, August 18, 2013

►►මට ඒ අයියට බෑ කියන්න බැරි වුණා►►



යෞවනයේ ගැබ් ගැනීම් පිටු දකින්නේ කොහොමද?




“මට ඒ අයියට බෑ කියන්න බැරිවුණා.”

“එයා මට පණ වගේ ආදරය කළා. එයා තරහ වෙයි කියල මට බය හිතුණා. ඒ නිසයි මම මේකට කැමැති වුණේ”.

“ඇත්තටම මම දැනගෙන හිටියෙ නැහැ මේ වගේ දෙයක් වුණාම දරුවෙක් ලැබෙනවා කියලා”.

“මට එයත් එක්ක එකතු වෙන්න කුතුහලයක් ආසාවක් තිබුණා තමයි. ඒ වුණාට ඒකෙන් මම දරුවෙක් නම් කොහෙත්ම බලා‍පොරොත්තු වුණේ නැහැ”.

මේ කතාවැල කොතැනකින් මතුවූවක්දැයි ඔබ විපිළිසරව සිටිනු නොඅනුමානය. මේ වචන, අදහස් වෙන කාගේවත් නොව අපේම සමාජයේ පාසල් වියේ පසුවන ගැබ්ගත් දැරිවියන්ගේ මුවින් නිකුත් වූ සැබෑම තොරතුරුවලින් බිඳක් පමණි. මෙවැනි අඩිතාලමක් හරහා අප මේ පිවිසීමට බලා‍පොරොත්තු වන්නේ මුළු ලෝකයටම ගැටලුවක් වී තිබෙන නව යෞවන වයසේ සිදුවන ගැබ්ගැනීම් ගැන කතා කිරීමටය.

දැරියන් දහසකගෙන් විසි අටක්ම අඩු වයසින් ගැබ් අරගෙන

මෙවර ලෝක ජනගහන දිනයේ තේමාව වී තිබෙන්නේ ද මේ “නව යෞවනියන්ගේ ගැබ් ගැනීම් වළක්වා ගනිමු” යන්නය. ලොව පුරා නව යොවුන් වියේ පසුවන දැරිවියන් (වයස අවුරුදු 15-19 ත් අතර පසුවන) මිලියන 16ක් ගැබ්ගැනීම්වලට ගොදුරුව, දරුවන් බිහිකරන අතර තවත් මිලියන 3ක් ගබ්සාවලට ලක්වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කරයි. ලංකාවේ ගැබ් ගැනීම් අතරින් 6.1ක් අඩු වයසින් සිදුවන ගැබ් ගැනීම්ය. වයස අවුරුදු 15-19 ත් අතර ගැහැනු දරුවන් 1000ක ගෙන් 28ක් අඩු වයසින් ගැබ් ගන්නා බව වාර්තා වී තිබේ. 2011 වසරේ අඩු වයසින් ගැබ් ගැනීම නිසා සිදුවූ සංකූලතා හේතුවෙන් මාතෘ මරණ 20ක් සිදුව තිබේ. එසේම 2012 දී එය සංඛ්‍යාත්මකව 11 වේ. නව යෞවන වියේ ඇති වන ගැබ් ගැනීම් අප වළක්වා ගත යුත්තේ ඇයිද යන ගැටලුවට හේතු රාශියක් ඇත. නව යෞවන වියේ පසුවන දැරිවිය තවමත් දරුවෙකි. ඇයගේ සිරුර සේම මනසද සම්පූර්ණයෙන් වැඩුණු එකක් නොවේ. දරුවකු දරා සිටීමට ඇගේ ශරීරය සුදුසුකම් ලබා නැත. එසේම මොළයේ පිහිටි පූර්ව

මස්තිෂ්ක බාහිකය සම්පූර්ණයෙන් වැඩී නොමැති නිසා තීන්දු තීරණ ගැනීම නිවැරදිව කළ නොහැකිය. මේ අය තවමත් වැඩිහිටියන්ගේ භාරයේ සිටිය යුතු දරුවන්ය. බාහිරින් සියලු අඟපසඟ සම්පූර්ණ වී ඇති බව පෙනුණද ඔවුන් මානසික වශයෙන් හෝ ශාරීරිකව පිරිපුන් වැඩිහිටියන් නොවේ. ඔවුන් තීන්දු තීරණ ගන්නේ හැඟීම්වලට අනුකූලව මිස, එයින් අත්වන ප්‍රතිඵල ගැන නිසි දැනුවත් වීමකින් තොරවය. මෙවැනි දරුවන් මෙවැනි අකරතැබ්බවලට ගොදුරු නොවන ලෙස ආරක්ෂාකාරීව රැකබලාගැනීම දෙමාපිය වැඩිහිටියන්ගේ සේම මුළු සමාජයේම වගකීමකි.

වැඩේ වැරදුණාට පසු දැරියන්ට දොස්කීම

“ඔයාට ඕක කරන්න කලින් හිතන්න තිබුණේ නැද්ද මේකෙ ප්‍රතිඵල ගැන?”

මෙවැනි ගැටලුවලට මුහුණදුන් දැරිවියන්ගෙන් වැඩිහිටියන් අසනු ලබන ප්‍රධානම ප්‍රශ්නයයි. එහෙත් මෙවැනි ප්‍රශ්නයක් නැගීමට පෙර මනැස හරිහැටි නොවැඩුණු දැරිවියකට ප්‍රතිඵල දෙස බලා නිවැරදි තීන්දු තීරණ ගැනීමේ හැකියාවක් නොමැති බව වැඩිහිටියන් ලෙස මනාව තේරුම්ගත යුතුය. යමක් සිදුවූ පසු ඔවුන්ට දොස් පැවැරීමට බලා නොසිට එම අකරතැබ්බවලින් ඔවුන් ආරක්ෂා කර ගැනීමට කටයුතු සැලැස්විය යුතුය. මෙවැනි දැරියන්ට වැඩිහිටියන් දොස් පවරන්නේ තම මානසික ආතතිය අඩුකර ගැනීමට බවද අප පිළිගත යුතුය. මෙවැනි ගැටලුවලට මුහුණ පා තිබෙන දැරිවියන් අළලා මෑතකදී කළ පර්යේෂණයකින් මේ අවාසනාවන්ත තත්ත්වයට හේතු වූ කරුණු කීපයක් සොයාගෙන තිබේ. එම අඩුපාඩු හඳුනාගෙන ඒවා අවම කර ගැනීමට කටයුතු කිරීම මුළු සාමාජයේම පරම යුතුකමක් බව කිව යුතුමය.

අඩු වයසින් පාසලින් සමු ගැනීම ද හේතුවක් අඩු වයසින් ගැබ්ගන්නා දැරියන්ගෙන් 60ක් පමණ දරිද්‍රතාවයෙන් පීඩා විඳින්නියන් වේ. එසේම මින් 3/4 ක් පමණ දිගින් දිගටම දරිද්‍රතාවයේ ගොදුරු බවට පත්වෙයි. මේ දැරිවියන් අතරින් බහුතරයක් වයසට කලින් පාසලින් සමුගත් අයයි. පාසල් අධ්‍යාපනය අතරමග නවතා දැමීම, මෙවැනි අවදානම් චර්යාවලට යොමුවීමේ ඉඩ ප්‍රස්ථා වැඩි කරයි. එබැවින් පාසල් සමය සම්පූර්ණයෙන්ම නිම වන තුරු දැරිවියන් පාසල්වලට සීමාකර තැබිම විශේෂයෙන් කළයුතු වූවකි. ඔවුන් විෂය කරුණු ඉගෙන ගත්තා හෝ නැතුවා පාසල තුළ සිටීමම මෙවැනි ආපදාවලින් ආරක්ෂාවට හේතුවෙයි. එසේම පවුල් සංස්ථාව තුළ ඇතිවන බිඳවැටීම් දැරිවියන් මෙම තත්ත්වයට තල්ලු කර දැමීමක් විය හැකිය. හැකි හැම විටම පවුල තුළ සතුට සමගිය ආරක්ෂා කර ගෙන කටයුතු කිරීමට මව්පිය දෙදෙනාම වගබලාගත යුතුය. ගෘහස්ථව සිදුවන හිංසා පීඩා නිසාද සමහර දැරිවියන් මෙවැනි අකරතැබ්බවලට ගොදුරු වෙයි. විශේෂයෙන්ම නව යෞවන කාලය තුළ සතුට අත්විඳින්නට සතුටින් ජීවත් වීමට අවශ්‍ය වටාපිටාව සකස්කර දීම ඉතාම අත්‍යවශ්‍ය කරුණකි.

මවගෙන් දුරස්වීමද මෙවැනි අනතුරුවලට මුලක්

එසේම ජීවිතයට කිසියම් ඉලක්කයක් හඳුන්වා දී ඒ ඔස්සේ ගමන් කිරීමට දරුවන් පුහුණු කළ යුතුය. යොවුන් දරුවන්ට විනෝදාංශ හඳුන්වා දිය යුතුය. එසේම මෙවැනි ගැටලුවලට මුහුණ දුන් බොහෝ දැරිවියන් මවගෙන් බොහෝ ඈත්ව සිට ඇති බව පෙනේ. දැරියකට මවක් යෙහෙළියක් ලෙස සමීපව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වූවකි. ඔවුන්ගේ සිතට කිසියම් ගැටලුවක් මතු වූ විට එය පැවැසීමට කෙනකු සිටිය යුතුය. එසේම ඉතාම වැදගත්ම කරුණ වන්නේ තරුණ දුවකට කිසියම් තරුණයකු එවැනි යෝජනාවක් කළ විට එයට එකඟ විය නොහැකි බව පැවැසීමට අවශ්‍ය ආත්ම ශක්තිය ගොඩනැංවීමය. එවැනි යෝජනාවකට “නැහැ” “මට බැහැ” “ඒක කොහෙත්ම බැහැ” වැනි සෘජු පිළිතුරක් ලබාදීමට දැරිවියක පුරුදු පුහුණු කිරීම කුඩා කාලයේ සිටම කළ යුත්තකි. කෙළින් තම අදහස ප්‍රකාශ කරගත නොහැකිව සිතින් තැවෙමින්, අකමැත්තෙන් මෙවැනි යෝජනාවලට එකඟ වී මුළු ජීවිතයම අඳුරු කරගත් චරිත ඕනෑ තරම් අපට හමුවෙයි. පෙම් සබඳතා අහිතකර නොවන බවත් ඉන් ඔබ්බට ගොස් ඒවා ලිංගික හැසිරීම් දක්වා වර්ධනය කරගැනීම මගින් ජීවිතයට අත්විය හැකි අඳුරු ඉරණම ගැන දරුවා දිගින් දිගටම දැනුවත් කිරීම කළ යුතුය. යොවුන් දරුවන්ගේ සිතැඟි වටහා ගනිමින් ඔවුනගේ ප්‍රශ්න ගැටලුවලට පිළිතුරු සොයාදීමට කටයුතු කරමින් ඔවුන් හා සමීපව දිවි ගෙවීම මෙවැනි ගැටලු අවම කර ගැනීමට මනා පිටිවහලක් වෙයි.


සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය අධ්‍යාපන හා ප්‍රචාරක අංශයේ අධ්‍යක්ෂිකා ප්‍රජා විශේෂඥ වෛද්‍ය නීලමණී රාජපක්ෂ හේවාගීගන විසිනි


(සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ දී කළ දේශනයක් ඇසුරිනි)


සටහන නිර්මලා කුමාරි සේනාරත්න


lakbima

Monday, August 12, 2013

►සිව්දරු පියා දහතුන් වියැති දියණියව අට වසරක් කෙළෙසලා►



තම දියණිය මංමුලා කරමින් අට වසරක් පුරා තම දියණිය දූෂණය කළ පියෙකු පානදුර පොලිසිය විසින් පසුගිය 09 වැනිදා අත්අඩංගුවට ගෙන පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පානදුර වැඩබලන මහේස්ත්‍රාත් ජයන්ති පීරිස් මහත්මිය විසින් මෙම සැකකරු මේ මස 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ පානදුර මාදුපිටියේ පදිංචි සිව්දරු පියෙකි. මෙම පියා විසින් දියණියට විටින් විට නොයෙක් අසභ්‍ය චිත්‍රපටි හා සඟරා පෙන්වමින් දියණිය විටින් විට දූෂණයට පත් කර ඇතිබව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධන් මෙම දියණිය පොලිසියට පවසා ඇත්තේ දැන් ඇයට වයස අවුරුදු 13 ක් බවත් ඇගේ මව විදේශගතව ඇති බවත් අනිකුත් සොයුරියන් තිදෙනා බලාගත්තේ මෙම දියණිය හා ඇගේ ආච්චි අම්මා බවත්ය. තවද ආච්චි අම්මා නිවසේ නොමැති අවස්ථාවල තම පියා තමා සමග ලිංගිකව හැසිරෙන බවද ඇය පොලිසියට පවසා ඇතැයි පොලිසිය කියයි. පොලිසියට ලැබුණු රහසිගත තොරතුරකට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි. පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගැනීමේ දී මෙම සැකකරුගේ නිවසේ තිබී උපත් පාලන කොපු 7 ක් හා අසභ්‍ය සඟරා කිහිපයක්ද සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.
මෙලෙස දූෂණයට ලක්වූ දැරිය පානදුර කේතුමති රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර සිද්ධිය සම්බන්ධයෙන් පානදුර අපරාධ අංශයේ ස්ථානාධිපති ඉන්ද්‍රජිත් මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරින් වැඩිදුර පරික්ෂණ සිදුකරනු ලබයි.






එම්.පී.මනෝජ් කුරේ - මොරටුවlakbima


Monday, July 29, 2013

◄ සැබෑ මිතුරා ►

එක්තරා ධනවත් තරුණයෙකුට මිතුරන් 1000 ක් සිටියා. තරුණයා සතුදේ මේ යහළුවන් සමග බෙදා හදාගන්න ඔහු පුරුදුව සිටියා. ඒපිළිබඳව ඔහුගේ මව සිටියේ කනස්සල්ලෙන්. දිනක් මෙය නවතා දමන ලෙස ඇය ඔහුගෙන් ඉල්ලීමක් කලා.