II වන ලෝක යුද
සමයේදී ජපානයේ පාලනය යටතේ පැවැති ‘පෙලෙලියු’ දූපතේදී දිවි පිදූ දෙදහසකට අධික
සෙබළුන්ගෙන් එක් අයෙකු වන ජෝන්ස්ගේ මෙම දින පොත නිව් ඔර්ලියන්ස් යුද කෞතුකාගාරයේ
තැන්පත්කොට ඇති බවක් මුවර්විල් හි වෙසෙන අනූහැවිරිදි ලෝරි කිසිදා දැන සිටියේ නැත.
සිය සැමියා සමග පසුගිය අප්‍රේල් මාසයේදී ඇය එහි සංචාරයක නිරත වන ලද්දේ සිය පළමු
ප්‍රේමය පිදූ සෙබළා ජෝන්ස්ගේ ඡායාරූප හෝ ඔහු සම්බන්ධ අන් ලිපිලේඛන හෝ තිබේ නම් ඒවා
නැරඹීම සඳහාය. තමාට දෙන ලෙසට ඔහු විසින් දිනපොතක් ඉතිරිකොට ගිය බවක් කිසිදා දැන
නොසිටි ලෝරි හට තමා විසින් සිය පෙම්වතා යුද බිමට යාමට ප්‍රථම ඔහුට ලබා දෙන ලද අඟල්
7 * 4 ප්‍රමාණයේ දින පොතද ප්‍රදර්ශන අංග අතරට එක්ව තිබෙනු දුටු අවස්ථාව ඉතා සංවේදී
වූවාට සැක නැත. එය ඇයට ලබා දෙන ලෙසට සිය අවසන් ඉල්ලීම ලෙස ජෝන්ස් විසින් සිය
අත්අකුරින්ම ලියා තිබූ වැකිය දුටු කළ ඇගේ නෙත් තෙත් වූයේ නිරායාසයෙනි. දිනපොතේ කළු
පැහැ පිට කවරය වැසෙන සේ අලවා තිබූ තරුණ වියේ පසුවූ ලෝරාගේ සොඳුරු වත රැගත් කළු සුදු
ඡායාරූපයද ඇය විසින්ම අත්සන් තබා ජෝන්ස් හට ලබා දෙන ලද්දක්වූ අතර එහි දෙතොල් තද රතු
පැහැයෙන්ද, කොපුල් රෝස පැහැයෙන්ද වර්ණ ගන්වා තිබෙන ලද්දේ ඡායාරූප ශිල්පියා විසිනි.
ජෝන්ස්-ලෝරි සොඳුරු ආදර වෘත්තාන්තය 1941 වසරේදී ඔවුහු වින්ස්ලෝ උසස් විද්‍යාලයේ
සිසුන්ව සිටි සමය තෙක් ඈත අතීතයට දිව යන්නකි. පාසල් කණ්ඩායමේ දක්ෂ බාස්කට් බෝල්
ක්‍රීඩකයෙකුවූ ජෝන්ස්ගේ තුරුණු සිත සිය කණ්ඩායම වෙනුවෙන් ප්‍රීතිඝෝෂා පැවැත්වීමේ
නිරතව සිටි පාසල් යුවතියන්ගේ කණ්ඩායමේ නායිකාව වූ ලෝරි වෙත බැඳුණේ නිතැතිණි. උසස්
විද්‍යාල සමයේ පෙම්වතුන් ලෙස ඇසුරු කළ ඔවුහු වසර අවසාන සාදයටද සහභාගි වූයේ එක්වය.
සිය පාසල් මුදුව ජෝන්ස් විසින් ලෝරි හට ලබාදී තිබුණද ඔවුනට විවාහ ගිවිස ගැනීමේ
අවස්ථාවක් හිමිව නොතිබුණේ, මෙම ආදර අන්දරයට එතරම් ආයුෂ නොමැති බව ෙදෙවය විසින්ම
තීරණයකොට තිබූ නිසාද වන්නට ඇත.
සිය පෙම්වතාගේ අකල් මරණයට පෙර ඔහු විසින් තමා අතට පත් කරන ලෙසට ඉල්ලා
තිබියදීත්, එම ඓතිහාසික මතක වස්තුව තමාට මතෛක් කල් නොලැබි ගියේ කෙසේද කියා ලෝරී
මවිත වන්නීය. ජෝන්ස්ගේ මරණයෙන් පසුව දිනපොතේ භාරකාරත්වය ඔහුගේ සොයුරියක හට පැවරී
ඇති අතර පසුකලකදී ජෝන්ස්ගේ බෑණනුවෙකු වූ ‘රොබට් හන්ට්’ විසින් එය කෞතුකාගාරය වෙත
ලබාදීමට කටයුතු කොට තිබේ. අයිතිකරුගේ ඉල්ලීම පරිදි ඔහුගේ ප්‍රියාවිය වූ ලෝරි හට එය
ලබා නොදීමට හේතු ලෙස ඔහු පවසා ඇත්තේ, ඒ වන විට විවාහපත්වී සිටි ඇයගේ ප්‍රථම ප්‍රේමය
සිහිගන්වන මෙබඳු සිහිවටනයක් ලබාදීම මගින් ඇගේ පවුල් ජීවිතයට බාධා එල්ලවේ යැයි තමා
සිතූ බවය. නමුදු ලෝරි කියා සිටිනුයේ ඇගේ සැමියා හා ජෝන්ස් පාසල් සමයේ සිට කුළුපඟ
මිතුරන්ව සිටි බැවින් එවැනි ගැටලුවක් මතු නොවන්නට තිබූ බවයි. පෙම්වතාගේ මරණයෙන්
හැත්තෑ වසරකට පසුව ඔහුගෙන් තිළිණයක් ලැබිමට පෙම්වතියක වාසනාව ලැබූ මෙම විරල සිදුවීම
පිළිබඳව අදහස් දක්වමින් කෞතුකාගාර භාරකාර ‘එරික් රිවට්’ කියා සිටින ලද්දේ,
කෞතුකාගාර සේවයේ නිරත දාහත් වසරක කාලය තුළදී ‘කෞතුකාගාර ප්‍රදර්ශන අංගයක, එය
නරඹන්නට පැමිණියෙකුගේ නම සඳහන්ව තිබෙනු දුටු පළමු අවස්ථාව මෙය බවය. මෙම අනගි
සිහිවටනය පරිගණක පරිලෝකන යන්ත්‍රයක් (ඉජචදදඥප) ආධාරයෙන් පිටපත් කොට ලෝරි වෙත
යැවීමටද ඔහු කටයුතු කර ඇත්තේ, අන් කාහටත් වඩා ජෝන්ස්ගේ කුළුඳුල් ප්‍රේමය දිනාගත්
ප්‍රියාවිය වන ලෝරිට එහි ඇති වැදගත්කම වචනයෙන් කියා නිම කළ නොහැකි
නිසාය.
ප්‍රියන්ති
රුද්‍රිගු lakbima