‘රොඩ්හැම්’ නම් වූ මේ චිත්‍රපටයේ හිලරිගේ චරිතය රඟපෑමට ජනප්‍රිය නිළි ස්කාලට් ජොහැන්සන් ව තෝරා ගන්න එහි අධ්‍යක්ෂ ජේම්ස් පොන්සෝල්ට් තීරණය කර තිබුණා. ස්කාලට්ව මේ චරිතයට තෝරා ගැනුණේ ඇය සමඟ තරග කළ තවත් ජනප්‍රිය නිළියන් කිහිප දෙනෙකු පරාජය කරමින්.චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා සූදානම් වුණේ ඉක්මනින්ම එහි රූපගත කිරීම් ආරම්භ කරන්නයි.
ඒත් ඒ වැඩ කටයුතු ප්‍රමාද කරන්න ඔහුට සිදුවුණා. හේතුව හිලරිගේ චරිතය නිරූපණය කිරීමට ස්කාලට් අකැමැති වීමයි. ඇය පවසා ඇත්තේ දේශපාලනයට සම්බන්ධ චරිත නිරූපණය කිරීමට තමන් තුළ කැමැත්තක් නැති බවයි.
මේ අකැමැත්ත නිසාම ඇය ‘රොඩ්හැම්’ චිත්‍රපටයේ තිර රචනයවත් කියවා නැහැ.මේ චිත්‍රපටය ‘රොඩ්හැම්’ යනුවෙන් නම් කර ඇත්තේ හිලරි විවාහ වීමට කලින් ඇයගේ වාසගම රොඩ්හැම් ලෙස භාවිත කළ නිසයි.