Saturday, June 29, 2013

ලැබෙන්න ඉන්න දරුවා පුතෙක්ද දුවෙක්ද කියා සෙව්වාට ෂාරුක් ඛාන් අධිකරණය හමුවට

 

                        පසුගිය දිනවල ෂාරුක් ඛාන් සිදුවීම් දෙකක් සම්බන්ධයෙන් ලොව පුරා කතාබහට ලක් වූ අතර ඒ දෙකම පුද්ගලික සිදුවීම්. ඉන් එකක් සුබවාදී සිදුවීමක් වන අතර අනෙක ෂාරුක්ට අධිකරණයට යන්න සිද්ධවෙන ආකාරයේ සිදුවීමක්. මේ ගැන ඇතුළුව මෙවර ෂාරුක්ගේ අලුත්ම තොරතුරු කියවමු.
පසුගිය දිනයක කරන ලද
සමීක්ෂණයකින් ඉන්දියාවේ ජනප්‍රියම තාත්තා වන්නට ෂාරුක්ට අවස්ථාව ලැබුණා. නමුත් ඉන් ටික දිනකට පසු ෂාරුක්ට අධිකරණය ඉදිරියේ පෙනී shahrukh-khanසිටින ලෙස නොතීසි ලැබුණෙත් මේ පිය පදවිය නිසාම තමයි. ෂාරුක් හා ඔහුගේ බිරිය ගෞරී ගර්භාෂය කුලියට ගැනීමේ පදනම      මත කාන්තාවක් යොදවාගෙන තවත් දරුවෙකු ලබාගන්න මේ දිනවල සූදානම් වෙනවා. මේ දරුවා පුතෙක්ද නැතිනම් දුවෙක්ද කියලා ස්කෑන් පරීක්ෂණයකින් සොයාගන්න උත්සාහ කළ වරදට තමයි ෂාරුක්ට අධිකරණය ඉදිරියේ පෙනී ඉන්න සිදුවෙලා තියෙන්නේ.
ඉන්දියාවේ නීතියට අනුව දරුවෙකු ඉපදෙන්න පෙර ඔවුන්ගේ ලිංගිකත්වය සොයාබැලීම නීති විරෝධියි. ඊට හේතුව ඉන්දියාවේ බොහෝ දෙනෙක් ඉපදෙන්න ඉන්න දරුවා ගැහැනු දරුවෙකු නම් එම දරුගැබ ගබ්සා කරන්න හුරුව සිටීම නිසයි. ගැහැනු ළමයින් විවාහ කරදීමේදී ඉන්දියාවේ දෙමවුපියන්ට දෑවැදි සෙවීම විශාල ප්‍රශ්නයක් නිසයි එසේ කරන්නේ.
ඉහත ස්කෑන් පරීක්ෂණයට අනුව තමන්ට ලැබෙන්නේ පිරිමි දරුවෙකු බව ඛාන් යුවළ දැනගෙන තිබෙනවා. මෙහිදී මෙවර ඔවුන් පිරිමි දරුවෙකුම ලබාගන්න උත්සාහ දැරූ බවට ආරංචි පැතිරීමත් සමග ඉන්දීය වෛද්‍ය සංගමය පවා ඒ ක්‍රියාව හෙළා දකිමින් කියා තිබෙන්නේ ෂාරුක් වැනි තරුණ පරපුර පරමාදර්ශී චරිතයක් කොට සලකන අයෙකු මෙවැනි දෙයක් කිරීම වඩාත් ඉන්දියානු සමාජයට අයහපතක් බවයි. ඔවුන් එසේ කර තිබෙනවා නම් නීතියේ හැටියට උපරිම දඬුවම් පැමිණවිය යුතු බවත් වෛද්‍ය සංගමය ඉල්ලා තිබෙනවා. දැනට ෂාරුක් හා ගෞරීට දුවක් හා පුතෙකු ඉන්නවා. ෂාරුක්ගේ බිරිය ගෞරීට දැන් වයස අවුරුදු හතළිස් දෙකක් නිසා තවදුරටත් ගැබ්ගැනීම ඇයගේ මෙන්ම දරුවාගේ සෞඛ්‍යටත් අයහපත් නිසායි ඔවුන් මේ ආකාරයට වෙනත් කාන්තාවකගේ ගැබ කුලියට ගෙන දරුවෙකු ලබාගන්න උත්සාහ කරන්නේ. දැන් මේ දෙදෙනාගේ විවාහ ජීවිතයට අවුරුදු විසි එකක් වෙනවා.
ෂාරුක් රඟපාන අලුත්ම චිත්‍රපටය චෙන්නෙයි එක්ස්ප්‍රස් ලබන අගෝස්තු මාසයේදී තිරගතවීමට නියමිත අතර හැපි නිව් ඉයර් චිත්‍රපටයත් මේ වසරේදීම තිරගත වනු ඇති. චෙන්නෙයි එක්ස්ප්‍රස් ෂාරුක්ගේම නිෂ්පාදනයක්. පසුගියදා ෂාරුක් උරහිසේ ශල්‍යකර්මයකටත් මුහුණ දුන්නා. සාමාන්‍යයෙන් තම රසික, රසිකාවියන්ට ඉතා ලැදි ෂාරුක් ඔවුන්ව වැළඳගැනීමට නොපැකිළෙන නමුත් මේ ශල්‍යකර්මයෙන් පසු එසේ නොකරන ලෙස ෂාරුක් හමුවට එන රසික පිරිසෙන් ඔහු අසල රැඳී සිටින හිතවතුන් හා ආරක්ෂක නිලධාරීන් ඉල්ලා සිටිනවාලු.
ඇමෙරිකානු ඩොලර් මිලියන හයසියයක වත්කමක් ඇතැයි සැලකෙන ෂාරුක් ඛාන්ව වරක් ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් ටයිම්ස් පුවත්පත හැඳින්වූයේ “ලොව ප්‍රකටම සිනමා නළුවා” ලෙසටයි. ඇමෙරිකාවේම නිව්ස්වීක් සඟරාව ඔහු ලොව ප්‍රබලතම පුද්ගලයින් පනස්දෙනා අතරට නම්කොට තිබුණා

 
Lakbima

█ █ ආදර කතාවක් █ █ █ True Love Story





මම විවාහ උන දවසේ මම මගේ බිරිදව මගේ අත් දෙකෙන් ඔසවාගෙනයි අපේ නිවසට ආවේ. අපේ මංගල රථය අපේ නිවස ඉදිරියේ නතර කලාට පස්සේ මගේ යහලුවන් ගේ බල කිරීමට නිවස දක්වා ඇයව අත් දෙකෙන් ඔසවාගෙන යන්න සිද්ධ උනා.ඒ දවස් වල ඇය ගොඩක් ......
ලස්සනයි ඒ වගේම ගොඩක් ලැජ්ජයි.

ඒ වසර 10කට පෙර අතීතේ. අපි දෙන්නාගේ විවාහ ජීවිතේ මුල් අවදිය පිරිසිදු වතුර වීදුරුවක් වගේ බොහෝම ලස්සනවත් නිස්කලංකවත් ගෙවිලා ගියා. අපිට ලස්සන පුතෙක් ලැබුනා,මම රැකියාව අත් හැරලා මගේම ව්‍යාපාරයක් ආරම්භ කලා.ව්‍යාපාරය දියුණු වුනා. මගේ අතේ යහමින් මුදල් ගැවසුනා.මගේ බිරිද සේවය කලේ රජයේ ආයතනයක,අපි දෙන්නා හැමදාම උදේ එකටයි රැකියාවට පිටත් වුනේ. අපේ එකම පුතා අධ්‍යාපනය ලැබුවේ නගරයේ හොද පාසලක නේවාසිකව.පිටත ඉදන් බලන කෙනෙකුට පෙනුනේ අපි දෙන්නා ගොඩක් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරනවා වගේ. ඒත් අපි දෙන්නා අතර බැදීම ටික ටික අඩු වෙන බවක් මට තේරුණා.

ඈන් මගේ ජීවිතේට ආවේ මේ දවස් වල..

ඒ පැහැබර කාලගුණයක් තිබුන දවසක්. මම හිටියේ සදළුතලයට වෙලා.මේ මම ඈන් වෙනුවෙන් මිලදී ගත් තට්ටු නිවාසය....මගේ පිටුපසින් පැමිනි ඈන් මාව වැලදගත්‍තා.අපි දෙන්නා මුන ගැසුනාම ඇය මට ලබා දෙන මහත් වූ ආදරයට සහ ඇගේ ලස්සන සිරුරට මම මේ වෙනකොට වශී වෙලා හිටියේ. මම මගේ බිරිදට කරන්නේ ලොකු වරදක් බව මට තේරුනත් එය නවත්වන්න මට හැකියාවක් තිබුනේ නෑ.මේ වෙනකොට මගේ බිරිදගෙන් දික්කසාදය ලබා ගන්න බව. මම තීරණය කරලා ඉවරයි.කාලයකට ඉහත මම හිතන්නවත් කැමති වුනේ නැති 'දික්කසාදය' කියන දේ දැන් මට පෙනුනේ මගේ වර්තමාන ජීවිතෙන් මාව ගලවලා ඈන් මගේ ලගට ගේන මගේ ගැලවුම්කාරයෙක් වගේ.

නමුත් මට ලොකු ප්‍රශ්ණයක් තිබුනා. ඒ වෙන කිසිවක් නෙවේ මේ දේ මගේ බිරිදට දැනුම් දෙන්නේ කොහොමද කියලා.කොච්චර මෘදු විදියට මේ දේ මම බිරිදට කිව්වත් එයා ඒකෙන් ගොඩක් සිත් වේදනාවට පත් වෙන බව මම දැනගෙන හිටියා.අවංකවම කිව්වොත් ඇය පිරිමියෙකුට ලබන්න පුලුවන් ඉතාම හොද බිරිදක්.උදේ පාන්දර මම නිදාගෙන ඉන්නකොට ඇය තනියම උදේ ආහාරය සකසනවා, හැමදාම හවස වැඩ අවසන් කරලා ගෙදර ඇවිත් මම රූපවාහිනිය ඉස්සරහට වෙලා ඉන්නකොට ඇය රාත්‍රී ආහාරය සකසනවා, ඇය කවදාවත් අනවශ්‍ය දේට මුදල් වියදම් කලේ නෑ,හැමදෙයක්ම කරන්න කලින් මගේ මතය විමසන්නට ඇය පුරුදු වී සිටියා,අපේ පුතාගේ කටයුතු ගැන ගොඩක් සොයලා බැලුවේ ඇයයි.අවංකවම බිරිදක් වශයෙන් මට ඇගේ කිසිම අඩුපාඩුවක් පෙනුනේ නෑ.

දවසක් මම උදේ ආහරය ගන්න මොහොතේ විහිලුවට වගේ ඇගෙන් ඇහුවා"හිතන්න අපි දික්කසාද වෙනවා කියලා...ඔයා මොකද ඊට පස්සේ කරන්නේ?" කියලා.
ඇය පිලිතුරක් දුන්නේ නෑ,කෑම කන එකත් නවත්තලා මගේ දිහා තත්පර කීපයක් බලාගෙන හිටියා. දික්කසාදය කියන දේ ගැන ඇගේ සිතේ අහලකවත් නැති බව මම එයින් තේරුම් ගත්තා

ඊට පස්සේ දවසක බිරිද මගේ කාර්යාලයට ආවා. ඒ වෙනකොට ඈන් කාර්යාලයේ හිටියේ නෑ. මගේ සේවකයෝ ඇය දිහා බැලුවේ අනුකම්පා සහගතව,ඔවුන් ඇයත් සමග කතා කිරීමේදී යමක් ඇගෙන් වසන් කරන්න උත්සාහ දරන බව පෙනුනා. මේ වෙනකොට කාර්යාලයේ සියලුම සේවකයෝ මගෙත් ඈන්ගෙත් සම්බන්ධය ගැන දැනගෙනයි හිටියේ.මම හිතන්නේ සේවකයන්ගේ හැසිරීමෙන් ඇයට යම් ඉගියක් ලැබෙන්න ඇති. ඇය ඔවුන් සමග හිනා වෙලා කතාකලත් ඇගේ දෑස් වල ලොකු වේදනාවක් ඇති බව මම දුටුවා.

එදින සවස ඈන් කාර් යාලයට ආවා.

"ඔයා බෙකීගෙන් දික්කසාද වෙන්න ඉක්මනට.ඊට පස්සේ අපි දෙන්නට එකට ජීවත් වෙන්න පුලුවනි" ඇය දෑස් අඩවන් කරලා කිව්වා.

මම ඔලුව වැනුවා,තවදුරටත් පමා වීමෙන් පලක් නෑ කියලා මට හිතුනා.එදා රාත්‍රී ආහාර වේල ඉවර වෙලා බිරිද නැගිටින්න යනකොට මම හිතට ධෛර්ය අරගෙන කතාව පටන් ගත්තා.

"බෙකී පොඩ්ඩක් ඉන්න,මට ටිකක් කතා කරන්න ඕනි ඔයා එක්ක"

ඇය යලිත් වාඩි වෙලා මේසය දිහා බලාගෙන හිටියා.මම ආයෙත් දැක්කා ඇගේ දෑස් වල සැගවිලා තියන වේදනාව..මට කතා කරගන්න බැරි උනා,උගුරේ යමක් හිරවෙලා තියනවා වගේ තේරුනා.
ඒත් මම ඇයට කියන්න ඕනෙ මට ඇගෙන් දික්කසාද වෙන්න අවශ්‍ය බව..මම හෙමින් හෙමින් මගේ ඉල්ලීම ඇයට ඉදිරිපත් කලා,නමුත් ඇය ඒ වචන වලට ගොඩක් සැලුන ආකාරයක් පෙනුනේ නෑ.අවසානයේ ඇය ඇහුවේ එකම එක ප්‍රශ්ණයක් විතරයි,


"ඇයි"

මට දෙන්න උත්තරයක් නැති ප්‍රශ්ණයත් එයයි. මම ඒ ප්‍රශ්ණෙට උත්තරයක් නොදී මග හැරියා.

"ඔයා මිනිහෙක් නෙවේ" ඇය ඇගේ කෝපය පිට කලේ එහෙම.

ඊට පස්සේ එදා රෑ අපි දෙන්නා වචනයක්වත් කතා කලේ නෑ. රාත්‍රිය පුරාම ඇය ඉකිබිදින ශබ්දය මට ඇහුනා.අපේ විවාහ ජීවිතේ දෙදරා යන්න හේතුව දැන ගන්න ඇයට අවශ්‍ය බව මට තේරුනත් ඒ සදහා දිය යුතු පිලිතුරක් මගේ සතුව තිබුනේ නෑ.එකම හේතුව ඈන්,ඇගේ ලස්සන සිරුරටත් ඇය මට ලබා දෙන ආදරයටත් මම වශී වෙලා,නමුත් මට ඒ බව බෙකී සමග පැවසීමේ හැකියාවක් නෑ.

ඊට පහුවදා මම අපේ දික්කසාද කොන්දේසි ලියවිල්ල සකස් කලා. අපි ජීවත් වන නිවස, අපේ මෝටර් රථය සහ මගේ ව්‍යාපාරයෙන් 30%ක් මම එයින් ඇයට පැවරුවා. මම ඒක ඉදිරිපත් කලාම ඒ දෙසවත් නොබලා එය කෑලි කෑලි වලට ඉරා දැමූ ඇය යලිත් ඉකිගසමින් වැලපුනා. මගේ හිතට යලිත් වරදකාරී හැගීමක් දැනුනා.ඇය කවදාවත් මිල මුදල් වලට ආශා කල කාන්තාවක් නොවේ.

පහුවදා මම වැඩ අවසන් වෙලා එනකොට ප්‍රමාද වුනේ මගේ ගනුදෙනුකරුවන් සමග පැවති සාදයක් හේතුවෙන්. මම එනකොටත් ඇය අවදියෙන්.මගේ ලගට පැමිනි ඇය යම් ලියැවිල්ලක් මට ලබා දුන්නා.ඒ ඇගේ දික්කසාද කොන්දේසි.
ඇයට මගෙන් කිසිවක් අවශ්‍ය නෑ. නමුත් ඇයට දික්කසාදයට මසක කාලයක් අවශ්‍ය බව එහි සටහන් වුනා. ඒ මසක කාලය අපි කලින් හිටියා වගේම සාමාන්‍ය විදියට ජීවත් වෙන්න ඕනෙ.ඇය හේතුව ලෙස දක්වා තිබුනේ අපේ පුතා. ඔහු මේ දවස් වල පාසල් නිවාඩුව සදහා නිවසට පැමින සිටින අතර තව මාසයක් ඔහු නිවසේ සිටිනවා. ඒ මාසය ඇතුලත තම දෙමව්පියන් වෙන් වනවා ඔහුට පෙන්වීමට අවශ්‍ය නොවන බව ඇය දන්වා සිටියා.

මම කොන්දේසි පත්‍රය දිහා බලන් ඉන්නකොට ඇය කතා කලා

"ජැක්...ඔයාට මතකද අපි බැදපු දවසේ ගෙදරට ආපු විදිය?"

මේ ප්‍රශ්ණයෙන් මගේ මතකය තවමත් සුන්දර මතකයක් විදියට මගේ හිතේ තැන්පත් වෙලා තියන අපේ විවාහ දවසට ඇදිලා ගියා.

"හ්ම්ම්...ඔව් මතකයි"මම කිව්වා.

"ඔයා එදා මාව අත් දෙකෙන් ඔසවාගෙනයි ආවේ" ඇය දිගටම කතා කලා.

"මගේ ඉල්ලීමක් තියනවා...අපි දික්කසාද වෙන දවසෙත් ඔයා මාව නිදන කාමරේ ඉදලා ගෙදරින් එලියට අත් දෙකෙන් ඔසවාගෙන යන්න ඕනෙ,හරියට අපේ මංගල දවසේ වගේ...අද ඉදලා අපි දික්කසාද වෙන දවස දක්වා තියන මාසේ ඇතුලතත් හැමදාම ඔයා මාව නිදන කාමරේ ඉදලා ගෙදරින් එලියට අත් දෙකෙන් ඔසවාගෙන යන්න ඕනෙ"

"හා..." මම හිනා වෙලා ඇගේ අහිංසක ඉල්ලීමට එකග වුනා.

පහුවදා ඈන් හමුවුන වෙලාවේ බෙකීගේ ඉල්ලීම මම ඇයට පැවසුවා. මහ හඩින් සිනා සුන ඇය පැවසුවේ එය මහ මෝඩ ඉල්ලීමක් බවයි.

"එයා මොන මොන සෙල්ලම් දැම්මත් මාසෙකට පස්සේ එයාට දික්කසාද වෙන්න වෙයි"ඇය සමච්චල් සහගත ලෙස පැවසුවා.

දික්කසාදය පිලිබද බෙකීට දැනුම් දුන්න දවසේ ඉදලා අපි දෙන්නා අතරේ කිසිම සම්බන්ධයක් තිබුනේ නෑ,අපි ජීවත් වුනේ ආගන්තුකයෝ දෙන්නෙක් වගේ. ඒ නිසා පලවෙනි දවසේ මම ඇයව අත් දෙකෙන් ඔසවාගෙන යනකොට අපි දෙන්නාව පෙනුනේ බොහෝම අවලක්‍ෂණව,අපි දෙන්නම ගොඩක් අපහසුවෙන් ඒ අවස්ථාවට මුහුන දුන්නේ.

"මෙන්න තාත්තා අම්මාව උස්සගෙන යනවා..." අපේ පුතා අපිව දැකලා සතුටෙනුත් පුදුමෙනුත් අත්පොලසන් දෙමින් කෑ ගැසුවා.

ඒ වචන වලින් මට දැනුනේ ලොකු වේදනාවක්.

"අපි අද ඉදලා පටන් ගමු...මේ ගැන පුතාට දැන ගන්න දෙන්න එපා" නිවසින් එලියට ආ පසු ඇය සෙමින් පැවසුවා.මම ඔලුව සොලවා ඇයට එකග වුනා.

දෙවෙනි දවසේ පලවෙනි දවසට වඩා පහසුවෙන් අපි දෙන්නම හැසිරුනා. ඇය මගේ පපුවට බර වුනා. අපි දෙන්නා ගොඩක් ළං වුන නිසා මට ඇගේ විලවුන් වල සුවද දැනුනා.මට මතක් වුනා මට ගොඩක් ලෙන්ගතුව සිටි මේ කාන්තාව ගැන මම දිගු කාලෙකින් හරියට සොයා බැලුවේ නැති බව....ඇගේ මුහුනේ පැහැදිලි ලෙස රැලි දක්නට ලැබුනා,ඇය පෙර මෙන් තරුණ නැති බව මට වැටහුනා.

තුන් වෙනි දවසේ ඇයව ඔසවාගෙන යනකොට ඇය මගේ කනට කරලා මෙහෙම කිව්වා,
"ඊයේ වැස්සට මිදුල මඩ වෙලා...පරිස්සමින් යන්න"

හතරවෙනි දවසේ මම ඇයව ඔසවා ගන්නකොට මට දැනුනේ අපි දෙන්නා තවම කලින් ආදරෙන් හිටිය පෙම්වතුන් යුවලමයි කියලා. ඈන් පිලිබදව මගේ තිබුන මතකය ටිකක් විතර අපැහැදිලි වෙලා බවත් මට වැටහුනා.

පස්වෙනි සහ හයවෙනි දවස් වලත් මම ඇයව ඔසවාගෙන එනකොට ඇය මගේ කනට කරලා යම් යම් දේවල් පැවසුවා, සෝදලා මැදපු මගේ ඇදුම් තියලා තියන තැන්,උයනකොට ප්‍රවේශම් වෙන්න වගේ පොඩි පොඩි දේවල්.
මට දැනුනා මේ වෙනකොට අපි දෙන්නාගේ බැදීම තවත් වැඩි වෙලා තියන බව.මම ඈන්ට ඒ බව කිව්වේ නෑ

දවසින් දවස මට තේරුණා ඇයව ඔසවාගෙන යාම වඩ වඩා පහසු වන බව,මට හිතුනේ දවසින් දවස මම ශක්තිමත් වෙනවා කියලා. දවසක් උදේ ලෑස්ති වෙනකොට මම මේ බව බෙකීට කිව්වා,ඒ වෙනකොට ඇය අදින්න ඇදුමක් තෝරනවා.ඇය සූදානම් වෙනකන් මම බලාගෙන හිටියේ ඇයව ඔසවාගෙන යන්න..,

"බලන්නකෝ මේ හැම ඇදුමක්ම දැන් මට ලොකුයිනේ" ඇය කනස්සල්ලෙන් පැවසුවා.මම එයට සිනා සුනත් මට තේරුනා දවසින් දවස ඇයව ඔසවාගෙන යෑම පහසු වෙන්නේ දවසින් දවස ඇය කෙට්ටු වන නිසා මිසක් මම ශක්තිමත් වන නිසා නොවන බව..ඇය ඇගේ වේදනාවන් සියල්ල හදවතේ සිරකරගෙන සිටින බව මට වැටහුනා.මට ඇය ගැන දැනුනේ ලොකු වේදනාවක්.මටත් නොදැනුවත්වම මම ඇගේ හිස අත ගෑවා.මේ වෙලාවේ අපේ පුතා කාමරේට පැමිනියා

"තාත්තේ අම්මව ඔසවගෙන යන්න වෙලාව හරි" ඔහු කෑ ගැසුවා.


මම බෙකීව ඔසවගෙන යනවා නැරඹීම දැන් ඔහුගේ ජීවිතේ අත්‍යවශ්‍ය අංගයක් වෙලා. තමන්ගේ ලගට එන්න කියලා පුතාට ඉගි කරපු ඇය පුතාව තදින් බදා ගත්තා.මම හිස හරව ගත්තේ මගේ දෑසට නැගුන කදුලු ඇය දකීවි කියලා.දික්කසාදය පිලිබද මගේ තීරණය වෙනස් වේවි කියලා මට බය හිතුනා.මම ඇයව ඔසවා ගත්තා,ඇය අතක් මගේ ගෙල වටා දැම්මා,මම ඇයව මගේ ඇගට තද කර ගත්තා,හරියටම අපේ විවාහ දිනයේදී වගේ.

දවසි දවස ගෙවිලා ගිහින් අවසන් දිනය උදා වුනා. මම ඇයව ඔසවා ගත්තත් මට ඉදිරියට යන්න අපහසු බව තේරුනා. අපේ පුතා මේ වෙලාවේ පාසල් ගිහින් තිබුනේ.

"මම හිතුවා අපි මහලු වෙනකන්ම ඔයා මාව එදා වගේ ඔසවාගෙන යාවි කියලා" ඇය හෙමින් කිව්වා,ඇගේ දෑස් වල කදුලු පිරිලා.

"අපි දෙන්නම තේරුම් ගත්තේ නෑ අපි දෙන්නගේ ජීවිත වලට ඒ වගේ බැදීමක් අවශ්‍ය බව" මම ඇයව මගේ සිරුරට තද කර ගන්න ගමන් කිව්වා.

මට වැටහුනා මම කල යුතු දේ.මම වේගයෙන් මෝටර් රථය පදවගෙන කෙලින්ම ගියේ කාර්යාලයට, මෝටර් රථයෙන් බැස්ස මම ගියේ ඈන් ලගට.

"මම දික්කසාද වෙන්නේ නෑ..." මම ඇයට කිව්වා.ඇය සිතුවේ මම විහිලුවක් කරනවා කියලා,ඇය සිනා සුනා.

"මම මේ කියන්නේ ඇත්ත...මම දික්කසාද වෙන්නේ නෑ"

ඇය මගේ දිහා පුදුම වෙලා බැලුවා.
"ඔයාට උන හැදිලාද?" ඇය මගේ නලලට අත තියන ගමන් කිව්වා.

"මට සමාවෙන්න ඈන්... මම බෙකීගෙන් දික්කසාද වෙන්නේ නෑ...මම මේ ඇත්ත කියන්නේ...මගේ විවාහ ජීවිතේ ඒකාකාරී උනේ අපි දෙන්නට දෙන්නා ආදරේ නැති නිසා නෙවේ...අපි දෙන්නා ජීවිතේ කුඩා දේවල් වල තියන අගය තේරුම් ගත්තේ නැති නිසා...මම දැන් තේරුම් අරන් තියෙන්නේ මම ඇයව මංගල දිනයේ ඔසවාගෙන ආපු මොහොතේ ඉදලා,ඇය අපේ දරුවාව බිහි කල මොහොතේ ඉදලා මම මිය යනකන්ම ඇයව ඔසවාගෙන යන්න අවශ්‍ය බව,මට ඒ බව තේරුනේ පහුගිය මාසය පුරාම මම බෙකීව ඔසවාගෙන යනකොට,මට සමාවෙන්න"""

ඈන් හදිසියේ සිහිනයකින් අවදි වුනා වගේ ඇයට සියල්ල වැටහුනා...මගේ කම්මුලට තදින් පහරක් ගැසූ ඇය හඩමින් කාර්යාලයෙන් ඉවතට දිව ගියා.

මම බෙකීට ඇමතුමක් දීලා කිව්වා මම ඇයව හමුවෙන්න එන බව.
ඇය හමු වීමට යන අතරතුර,මල් සාප්පුවකට ගොඩ වැදුනු මම එයින් ඇය කැමතිම වර්ගයේ මල් කළඹක් ඇනවුම් කලා.මල් සාප්පුවේ සිටි ගැහැණු ළමයා මට කිව්වා කාඩ් පතේ මගේ සුභ පැතීම සටහන් කරන්න කියලා.

"මම මිය යන තුරු හැමදාම උදේට ඔයාව ඔසවාගෙන යන්නම්" කියා මම එහි සටහන් කලා.

Thursday, June 27, 2013

නූතන නවකතාව හා ලිංගික වලිප්පුව

මිනිසා තුළ නොහික්මුණු තවත් සත්වයෙක් සිටී. ඔහු දැකීමට මිනිසා ප්‍රසිද්ධියේ කැමති නැත. ඒ සමාජය නැමැති කැඩපතේ පරාවර්තනයක් ලෙස තමා දැකීමට මිනිසාට පුරුදු කර තිබිම සංස්කෘතිය වශයෙන් හඳුනා ගැනීමයි. එය එසේ සකස් කර ගත්තේ නිකම්ම නොවේ. දාර්ශනික, ආගමික, සාමාජික ඈ බහුවිධ කාරණා ඊට පාදක වී ඇත්තේ එසේ නොවන තැන මිනිසෙක් දැකිය නොහැකි බැවින්. නමුත් වර්තමානයේ සිදුවන ඇතැම් සිදුවීම් දකින කල මේ දෙකේ වෙනසක්ද නොපෙනේ. අනාගත පරපුරට තාරුණ්‍යයත් සමගම ඔවුන් තුළ සිටින නොහික්මුණු සත්වයා එළියට ගැනීමට බිහිවන නිර්මාණ කෘති සැබවින්ම ලිංගික වෙළෙඳ භාණ්ඩයන්ය. එනම් නව ලිබරල් පරිභෝජන

වෙළෙඳපළේ භාණ්ඩයන්ය. ඒ වෙළෙඳ භාණ්ඩ නිර්මාපකයන් අපගෙන් ඉතින් දැන් සිදුවන්නෙත් ඒකනේ. ඒක ලිව්වහම මොකදැයි ප්‍රශ්න කළද එයද පුදුමයට කරුණක් නොවේ. ඒ නොහික්මුණු සත්වයාගේ හැසිරීම අපි විකෘති ලිංගිකත්වය ලෙස හඳුන්වමු. නමුත් ලෝකයේම ඒ සඳහා ඇති 16-2නිර්නායකයන් පවතිනුයේ මිනිසාට ලෝකයේ වඩාත් යහපත් තැනක් බවට පත් කරනු පිණිසය. එය ප්‍රකෘති ලෝකයයි.
සාහිත්‍යාංගයක් ලෙස නවකතාව බහුතර සමාජයට සමාජගත වන අංගයකි. එසේම ‍පොත මුල්ම සන්නිවේදන මාධ්‍යයයි. නව කතාව
පිළිබඳව කතා කළ යුත්තේ එය අධ්‍යාපනය හදාරන දරුවන් අතටද පත්වන කෘති බැවිණි. ඒ නිසා අධ්‍යාපන ක්‍ෂේත්‍රයේදී ගුරුවරුන්ට මෙන්ම විශ්වවිද්‍යාල මට්ටමේදී පවා නවකතා අධ්‍යයනය කළ යුත්තේ මීළඟ පරම්පරාව පිළිබඳවද අවධානය යොමු කරමිනි.
ශ්‍රී ලාංකේය අධ්‍යාපන ක්ෂේත්‍රයේදී තවමත් මාර්ටින් වික්‍රමසිංහ වැන්නන්ගේ නවකතාවලින් ඔබ්බට ගිය නවකතා නැත්දැයි ඇතැමුන් ප්‍රශ්න කළද සැබවින්ම ‘‍පොත’ පෞද්ගලිකව ග්‍රාහකයා ග්‍රහණය කරගන්නා මාධ්‍යයක් නිසා එය සමාජගත කරවන ‍ලේඛකයාටද වගකීමක් ඇත. මක්නිසාද යත් ඕනෑම ආකාරයකින් සමාජගත වන ග්‍රන්ථයක් දරුවන්ගේ අතට පත්විය යුත්තේ ඔවුන් වඩාත් යහපත් රසවින්දනයකට යොමු කරවමිනි. මෑතදී පළවූ විවිධ නවකතා දෙස බැලීමේදී ගුරුවරුන් වඩාත් අවදියෙන් සිටිය යුතු වන්නේ ඇතැම් නවකතා ලිංගිකත්වය හුවා දැක්වීමටම ලියැවී ඇති ලිංගික කෘති බැවිණි.
ඒ අනුව නවකතා කීපයක් සංසන්දනය කිරීමේදී ඒවාහි අන්තර්ගතයට කාට කුමක් සඳහා ලියා ඇත්දැයි ප්‍රශ්න පැන නගී. නවකතාවකදී හෝ වෙනත් ඕනෑම කලා කෘතියකින් කතුවරයා කරන්නේ තම (expression) ප්‍රකාශනය සමාජගත කරවීමයි. විටෙක එය ආශ්ලාදජනක වින්දනයකින් හෙබියක් විය හැකිය. විටෙක කිසියම් පණිවුඩයක් දීමක් විය හැකිය. විටෙක යම් කිසි ප්‍රපංචයක් හුවා දක්වනවා විය හැකිය. එහිදී විවිධ සමාජ ස්ථර ඉලක්ක කරගන්නවාද විය හැකිය.
මෑතකදී ලියැවී ඇති කෘති කිහිපයක අන්තර්ගතයන් විමසා බලමු. ‘පිරිමි ගොඩයි - මං විතරයි’ කෘතියේ මුඛ්‍ය තේමාව ගලා යන්නේ ‘ලිංගිකත්වය හා බලය’ යන්න හුවා දැක්වීමටය. කතුවරයා කියන ආකාරයට වෘත්තාන්තයක් නොවූවද ‘රිද්මා’ නොහොත් ‘චුට්ටී’ වටා ගතෛන කතාවේදී ඇය මුල්වරට තම බාප්පා අතින් කෙලෙසේ. පසු කලක ඇය රෑ දවල් දෙකේදී බාප්පා හා තාත්තා සමග යහන්ගත වන බව කියැවේ. එසේම රිද්මාගේ චරිතය කතුවරයා ගොඩනගන්නේ ගැහැනියට උරුම පිරිමි අතින් කෙලෙසීම පමණක්ම බව කියා පෑමටය. ඇය කිසිම තැනෙක ඒවාට විරුද්ධ වන්නේ නැත. එකම එක තැනෙක ‘රාජයියා’ නම් මිනිසකුට පිහියෙන් ඇන යළිත් ළඟාවන්නේ තමා මුලින්ම කෙලෙසූ බාප්පාගේ ඇසුරටමය.
මේ නවකතාවේ 157 පිටුවේ මහලු පූජකවරයකු සමග කෙරෙන විකෘති ලිංගික ගනුදෙනුව, යළි විල්සන් නමැති හැඩිදැඩියකු සමග කෙරෙන ගනුදෙනුව ඉතාමත්ම විකෘති ලිංගිකත්වයන් ඉස්මතු කරවන තැන්ය. කෘතියේ මුඛ්‍යාර්ථයම ලිංගික ක්‍රියාකාරකම් අමුවෙන් කියා පෑමයි. කෘතිය පුරා හමුවන සෙදෝනා හා සුද්දීද වෙසඟනෝය. අවසානයේ නොසිතන ආකාරයට රිද්මාට අවශ්‍ය වන්නේ ඔස්කා සේනානායක නම් මහාචාර්යවරයාගෙන් දරුවෙකි.
සුමිත්‍රා රාහුබද්ධගේ ‘කන්දක් සේමා’ කෘතියේ ‘නූපා’ද මෙබඳු ඛිෙදවාචකයකට ගොදුරු වූ චරිතයකි. නමුත් සුමිත්‍රා ඒ කෙලෙසීම මත තම අනාගතය ගොඩනගා ගැනීමට නූපා ගන්නා වෙහෙස ඉතාම අපූරුවට පෙන්වා ඇත්තේ කිසිදු ලිංගික කාරණාවක් ඉස්මතු නොකරමිනි. ඒ ‍ලේඛනය මත ‍ලේඛිකාවගේ
ශික්ෂණය අපූරුවට දැකගත හැකිය. ‘පිරිමි ගොඩයි - මං විතරයි’ ග්‍රන්ථයේ රිද්මාගේ එක් සිදුවීමක් ‘විල්සන්’ නමැත්තෙකු සමග කෙරෙන විස්තරය සමාන වන්නේ සෙංකොට්ටං හි කැලෑ සතකු බඳු හැඩිදැඩි මිනිසා ‍පොඩිනා රවටා කැලෑවට රැගෙන යාම හා කෙලෙසීමටය. නමුත් සෙංකොට්ටංහි කතුවරයා ඒ සිදුවීමට අපූර්වත්වයක් දී ඇත්තේ ‍ලේඛනයේ ශික්ෂණය හසුරුවා ගැනීමෙනි.
මේ හා සමාන තවත් එක් සිදුවීමක් ‘පරඬැල්’ නවකතාවේ රමණි සහ ලීලාරත්න (කිරිදෙයියා) අතරත් පියැසි කවුළුවේ වින්ටර් සහ ඉසබෙලා අතරත් සිදුවුවාද ඒවා කෘතියට එතරම් හානියක් සිදුකර නැත. එසේම චුම්බන කන්දේ ‍පොඩිසිංහයාට හමුවන අභිගුණ්ඨක ගැහැනියගේ හමුවද එවැන්නක් වුව එයින් මතුවන්නේ මිථ්‍යාව මිස ලිංගිකත්වය නොවේ. “නෙරුදාගේ ලියුංකාරයා” ඉතා කඩිනමින් පරිවර්තනය කළ කෘතියක් බවට පත්වන්නේ එහිදී පරිවර්තකයා මෙරට සමාජ සංස්කෘතික කාරණා පිළිබඳව එතරම් තැකීමක් කොට නැති කමිනි. ඇතැම් පිටුවල දැකිය හැක්කේ ලිංගිකත්වය අමුවෙන් ප්‍රකාශනය කිරීමකි. ඒවා නිර්මාණවලට වඩා ලිංගික උත්තේජක වශයෙන් විකිණෙන භාණ්ඩ බවට පත්වී ඇත. මුල් කෘති වෙනත් සංස්කෘතික තලයක තිබුණද ඒ රටවලට ඒවා එතරම් නුවූවද ‍ලේඛකයකුට මෙරට මීළඟ පරපුර පිළිබඳ වගකීමක් තිබිය යුතුය. සුමිත්‍රා රාහුබද්ධගේ ‘අත අතනෑර’ කෘතිය මෙරට සමාජය එතරම් කතාබහ නොකළේ මේ කාරණාව නිසාය. එය වෙනත් රටක කෘතියක අනුවර්තනයක් පමණක් නොව මෙරට සමාජයට තරමක් පරිබාහිර ජුගුප්සාජනක අවස්ථාද තිබිම එක් හේතුවකි.
නමුත් එහිදී ‍ලේඛිකාව අනවශ්‍ය ලිංගික කරුණු ඉස්මතු කොට නැත. චමිල ලියනගේගේ ‘කොළඹ කළුවර’ කතාව ප්‍රධාන වන්නේම විවිධ ගැහැනු පිරිමි සම්බන්ධතා සමගය. එක් තැනෙක ප්‍රධාන කතා නායිකාව වන නිත්‍යාට ඇගේ මව තමාට විවාහය සඳහා යෝජනා කළේ උමේෂ් නමැත්තා සමග සිටින අවස්ථාවක් මුණගැසේ. නමුත් එය කිසි විටෙක ලිංගිකත්වය ඉස්මතු නොකරන ආකාරයකට ලියැවී තිබිණි. එසේම බත්තලංගුඩුව නවකතාවේ එන ප්‍රධාන කතා නායකයා පියාගේ දෙවන බිරිඳ සමග ඇති කරගන්නා සම්බන්ධතාවයක් නිසා අවසානයේ ඇය ගැබිනියක් වන තැනින් කතාවද නිමාව දකී. නමුත් එය එතරම් ජුගුප්සාජනක ලෙස හුවා දැක්වීමක් දැකගත නොහැකි වූ නමුත් මෙරට සංස්කෘතිය තුළ කුඩම්මා අම්මා තරමටම සැලකෙන්නියකි. ‍ලේඛකයා එහිදී ‘එය එසේම වාර්තා කිරීම’ කෘතියට කරගත් හානියකි.
‘පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන’ කියන නම ඇසූ සැනින් සිතුවේ අර මුලින් කියා ඇති නවකතා දෙක වගේ තවත් ‍පොතක් කියාය. නමුත් එය කියවූ මට ඇති වූයේ මෙවන් අදහසකි.
නවකතාවකට වඩා නාට්‍යානුසාර දෙබස් රැගත් ‘සුද්දෙක් ඔබ අමතයි’ වැනි පිටපතක් වගේය. ඉන් අදහස් කරන්නේ මේ නවකතාව ලඝු කිරීමට නොවේ. නවකතාවේ අග භාගය හා මුල් කොටසේ ඇතැම් සිදුවීම් සමග අපට බැඳෙන කතුවරයා නොමැති නම් අපූරු නූතන කියවීමකි. මේ ‍පොත පිළිබඳව එතරම් කතාබහ නොකළත් ඔහු ඩෙරිඩියානු ප්‍රවේශයේ  (Duality) ද්විත්වය අත්හදා බැලූ බවක් පෙනේ. මේ නවකතාවේ ප්‍රධාන චරිත දෙක වන මම සහ රෝෂිනී යනු සැබෑ ප්‍රකෘති විවාහය තුළ තම අපේක්ෂා ඉටු කර ගැනීමට ගමනක් යන දෙදෙනෙකි. අප සැම කරන්නේද එයයි. විවාහය හුදෙක් අප එළිපිට කතා නොකරන (for Convenience) (අපගේ ඕනෑ එපාකම් සඳහා) යන්න අර්ථ දැක්වීමට ඔහු උදාහරණ සපයයි. සැබෑව එයයි. සමාජයේ චරිත
ගවේෂණයෙන් ලබාගත් අනුභූතීන් තම දෘෂ්ටිමය ඉලක්කයක් කරා අවසාන කොටසේදී කතුවරයා නවකතාවට බසී. එය ‘සුද්දෙක් ඔබ අමතයි’ වන්නේ එතැන් සිටය. ඒ අප දන්නා ‍ලේඛකයා බැවිණි. කතුවරයාගේ පෞද්ගලික අනුභූතීන් ‍පොදු බවට පත් කරගන්නා ශූර හැකියාවක් ඔහුගේ ‍ලේඛනයේ මුල් කොටසේ ඇත. මෙය මෑතකදී කියවූ ‍පොත් අතරින් වඩාත් රමණීය බස්වහරකින් පාඨකයාගේ කියැවීමේ රුචිය ඇති කළ ග්‍රන්ථයකි. භාෂාවේ රිද්මය, ලාලිත්‍යය, භාවික ගුණය, ඖචිත්‍යය, අතින් කතුවරයා බත්තලගුණ්ඩුවේ වෙඩිවර්ධන, රිදී තිරංගනාවී සුනේත්‍රා අත අතනෑර සුමිත්‍රා යන තිදෙනා තම නිර්මාණ ඔස්සේ යොදාගත් රමණීය බස් වහරට නවතම එක්වීම චින්තක රණසිංහය. ඔහුගේ උපමා, උපමේය, රූපක මෙන්ම උපහාසාත්මක සමාජ දෘෂ්ටිය ඒ කියැවීම තුළ මොනවට සිතුවම් කරයි.
මෑතකදී පළවූ ‘මාගම් සෝලිය’ පිළිබඳව නොකියාම බැරිය. එය කතුවරයාගේ ‘බෝදිලිමා’ කෙටි කතාව මෙන් ලියවුණක් නොවේ. පසුගිය වසර කීපය තුළ ලියවුණු ආකර්ශනීය කවරයකින් යුත් විකෘතිකාමය අතිශයින් ඉස්මතු වූ නවකතාව ලෙස මෙය හැඳින්විය හැකිය. එය යථාර්ථවාදී නවකතාවක්ද නොවේ. ඉතිහාස කතාවක්ද නොවේ. ඒ පිළිබඳව විවිධාකාර පුද්ගලයින්ගේ ප්‍රකාශ දෙවන තෙවන මුද්‍රණයක් සමග පළ වී තිබේ. ඒවා සියල්ලම පුරුෂ දෘෂ්ටිවාදයෙන්ම දක්වා ඇති අදහස්ය. ඇතැමෙක් කියා ඇත්තේ ‘අභියෝග කළ නොහැකි අභව්‍ය යැයි කිව නොහැකි දේවල් එහි අඩංගු වී ඇති බවයි’  ඇත්තය. ඒ මිනිසා තුළ සිටින නොහික්මුණු සත්වයාය. කන්‍යාවියක් දරුවකු වැදීම ආදිය ගත් කළ මැජික් රියලිසම් ගණයට වැටෙනවා යැයි කිසිවකු කීවද මෙය ආරම්භ වන්නේ ඌව වෙල්ලස්සේ සැබෑ පන්සලක් ආශ්‍රිතවය. යථාර්ථවාදී රීතියකිනි. එයින් කතුවරයා තම පර්යේෂණ හැකියාව හා ‍ලේඛන හැකියාවේ ව්‍යාජය පෙන්වයි.16-1
මේ කතාවේ රාජසිංහ රජුගේ කාලය, වසූරියෙන් මියයන මිනිසුන් ඒ යුගයේ කතාබහ කරන වාග් විලාසය අනුව එක්තරා ඓතිහාසික යුගයක් නියෝජනය කරයි. එසේම එවක පවුල් සබඳතා ඒවා බෙදී යන ආකාරය හා ලිංගික සම්බන්ධතා යන කාරණාවලට ප්‍රමුඛත්වයක් දී තිබේ. අතිශය මිථ්‍යාමතවලින් පිරී ඇත. සාමාන්‍යයෙන් කෙනෙකු මියගිය පසු ඒ තැනැත්තා හෝ තැනැත්තී තවත් ජීවත්වන කෙනෙකුට වැහෙනවා යැයි යන්න වෙනස් කොට ජීවත් වන අම්මා (ගෝමරී) තම දියණිය වන වල්ලිට වැහේ. එහි අප්‍රියකරම කොටස වන්නේ 245 පිටුවේ එන ජවනිකාවයි. වල්ලිට ගෝමරී වැසී ඇති බවත් ‍පොඩි නිලමේට කඩවර දෙයියෝ වැසී ඇති නිසාත් ඔවුන් කරන්නේ එකිනෙකාට යටත් නොවීමට ලිංගිකව හැසිරීමයි. එය කුමාර ලියනගේ කියන පරිදි ලිංගික වලිප්පුවයි. එපමණක් නොව ‍පොත පුරාම එන මිථ්‍යාව හා ගෝත්‍රික
අශිෂ්ටාචාර ක්‍රම මෙන්ම සමාජයේ මූලික ගෝත්‍රික සමාජවල තිබූ ප්‍රාථමික විශ්වාස හා ප්‍රාථමික ජීවන ක්‍රම යන්ත්‍රයක් මෙන් ජපකරමින් කෙරෙන කතුවරයාගේ ප්‍රකාශනය යනු කුමක්දැයි ප්‍රශ්නයකි. පාසල් පුස්තකාලවලට දැමීමට පෙර මෙවැනි නවකතා ‍පොත් ගුරුවරුන් කියවා සිටියොත් වඩාත් හොඳය. ඒ අතින් ඩීමන් ආනන්ද ශ්‍රේෂ්ඨය.
මාගම්සෝලිය ලියන කතුවරයා කියා ඇත්තේ ‘මාගේ කාර්යය ඉවරයි. විවේචන විචාර පාඨකයාට බාරයි’ යනුවෙනි. එය ඉතාම හොඳය. කතුවරයා අප හිතවතෙකි. එසේම ඔහුට විචාරයක්, විවේචනයක් බාර ගැනීමට නොහැකි නම් ඔහුගේ ‍ලේඛනයේ ඇති ඵලක්ද නැත. ලෝකයේ මුල්ම නිල් ‍පොත (Blue book) ලෙස අප දන්නේ Fanny hill නව කතාවයි. එහෙත් එසේම කිසිම දෙමව්පියකු තම දරුවාට නිල් චිත්‍රපටයක් බලන්නට ගෙනැවිත් දෙන්නේ නැත. (මෑතකදී එක්තරා පියකු තම දියණියන් තිදෙනාට නිල් චිත්‍රපටයක් පෙන්වූ පුවතක් ද වාර්තා විය) ලෝකයේ තවත් කතාබහට ලක්වූ එමා බොවාරි, ‍ලේඩි චැටර්ලිස් ලවර් වෙනත් රටවල නඩු හබවලට වැටුණේ සමාජ සාරධර්ම පදනම් කරගෙනය. බටහිර ලෝකයේ ටෝනි මොරිසන්ගේ ‘පැරඩයිස්’ නවකතාව චිත්‍රපටයට නැගීමේදී එහි ප්‍රධාන චරිතය රඟපෑවේ ඔප්රා වින්ෆ්‍රීය. නමුත් එය ලාංකේය සමාජය වැළඳගත්තේ හෝ ඒ පිළිබඳ දන්නේවත් නැත. එසේම ශ්‍රී ලාංකේය රචකයකුගේ ‘විරාගය’ වෙනත් රටකට එතරම් වටිනාකමක් නැතත් මෙරටට මහත් වටිනාකමක් ඇති ග්‍රන්ථයකි. ‍පොතපත පමණක් නොව කවිය, කවි කොළය පැවැති යුගයේ සොක්‍රටීස්ට වඩා ප්ලෝටෝ සදාචාරය පිළිබඳ සැලකිලිමත් වූයේ ඊළඟ පරපුර පිළිබඳව තිබූ හෘදයාංගම බව නිසාවෙනි. ඔවුන්ගේ ආචාරධර්ම හා දාර්ශනික මතවාදවලට පටහැනිව ‘එපිකිය්‍යුරස්’ වැන්නවුන් අදට වලංගු ජීවිතය යනු සුඛ විහරණය පමණක්ම බව මතු කරන ලදී. මේවාහි ඓතිහාසික අවසාන යුගයේ නූතනවාදය සමග පැමිණි පශ්චාත් නූතනවාදය ඉස්මතු වූයේ සංස්කෘතිය විසින් සාරධර්ම ලෙසින් යටපත් කොට ඇති මිනිස් ස්වභාවයන් සංස්කෘතික කඩතුරා ඉරා දමමින් කතා කිරීමයි. ඒවා කලා නිර්මාණ ලෙසින් මතුවන විට චිත්‍රපට, කවියට, සිනමාවට මෙන්ම නවකතාවටද එකසේ බලපෑවේය. මානව ස්වභාවයන් කතා කිරීම ලෝකයේ විවිධ මාධ්‍ය ඔස්සේ එක් එක් ආකාරයන්ට සිදුවීමත් සමග ශ්‍රී ලාංකේය කවිය, කෙටි කතාව, නවකතාව පමණක් නොව ‍පෝස්ටරය පවා ඒවාට හසුවිය. ඒ එක් මාධ්‍යයකටවත් නොදවෛනිව පාර වරද්දා ගනිමින් යොදාගත්තේ නව කතාවයි. ඒ බවට හොඳම උදාහරණය ‘මාගම් සෝලියයි’. මාගම්සෝලිය පිළිබඳව විචාරක ඇසින් අදහස් දක්වා ඇති සියල්ලන්ම පිරිමිය. මටද මෙහිදී කිව හැක්කේ ‘පිරිමි ගොඩයි මං විතරයි’ කියාය.
මෙය පෞද්ගලික කාරණයක් නොවේ. පශ්චාත් නූතනවාදය හා මැජිකල් රියලිසම් නොකියවා කියන කාරණාවක්ද නොවේ. මැජිකල් රියලිසම් අපි කියවූයේ ගමරාල දිව්‍ය ලෝකයේ ගිය කතාන්තරයේ පටන්ය. නවකතාවක් කියවා රස විඳීමේ නොහැකියාව නිසාද නොවේ. නවකතා පිළිබඳව යමක් කිව හැකි එකම කාන්තාව නිසාද නොවේ. හුදු සුචරිතවාදය කරපින්නා ගැනීමක්ද නොවේ. මිනිසා තුළ සිටින අභ්‍යන්තර සත්වයා කලා කෘතියක් වන නවකතාවෙන් එළියට ඇද දමන්නේ ඇයිදැයි යන ප්‍රශ්නය මට ඇති බැවිණි.
ලෝකයේ ‍පොලිස්කාරයා ලෙස හැඳින්වෙන ඇමෙරිකාව අප විශ්වාස කරන්නේ නිදහස අපරිමිතව භුක්තිවිඳින ජනතාවක් ඇති රටක් ලෙසය. මාධ්‍ය සඳහා ආචාරධර්ම හෝ සමාජ සදාචාරයත් නොමැති රටක් ලෙසය. නමුත් ශ්‍රී ලාංකේය
ළමා පරපුරට නිවැරදි අවබෝධයක් ලබාදීමට අ‍පොහොසත් වැඩිහිටියන් නිහඬව සිටියදී මායාව හා මිථ්‍යාව පුරවාගත් ‘හැරී‍පෝටර්’ ‍පොත් පෙළ කියවද්දී ඇමෙරිකාවේ තහනම් ‍පොත් ලැයිස්තුවේ මුලින්ම තිබෙන්නේ හැරී‍පෝටර්ය. ඒ ළමා පරපුර මිථ්‍යාව හා ගුප්ත බව ඔස්සේ මනෝ විකාර ලෝකවලට හුරුවීම වැළැක්වීමටය. අප වසරක් පාසා දරුවන්ට ඥාන දායාදය කරන්නන් හැටියට දරුපරපුර පිළිබඳ හැඟීමක් ‘මට මගේ ජනතාව පිළිබඳ කැක්කුමක් ඇතිවා’ යැයි පබ්ලිස් සිල්වා මහතා කියන ආකාරයට මටද මෙරට දරුවන් පිළිබඳ කැක්කුමක් ඇත.
එ නිසා පාසල් ගුරුවර ගුරුවරියෙනි, ඔබේ පාස‍ලේ දරුවන් සඳහා මෙවැනි ලිංගික වලිප්පු රැගත් ‍පොත් පුස්තකාලවලින් බැහැර කරන්නට ඔබටවත් අඩු තරමින් දායක වීමට හැකි නම් ඔබ රට වෙනුවෙන් කළ මෙහෙවරක් වනු ඇත.
අපට ලිංගික භාණ්ඩ විකිණීම නැවැත්විය නොහැකිය. එය නවලිබරල් පරිභෝජන ලෝකයේ මහා පරිමාණ ව්‍යාපාර වේ. ඒ නිසා අපට කුඩා පරිමාණයෙන් කළ හැක්කේ විකෘතිකාමය (සංස්කෘතිය විසින් යටත් කොට ඇති ස්වභාවය) ඉස්මතුකොට තරුණ දරුවන් විකෘති ලෝකවලට ඇද වැටීම වැළැක්වීමය. මෙය නව්‍යවාදය නියමාකාරයෙන් යොදා ගැනීම නොවේ. එය කළ යුත්තේ සංස්කෘතිය ප්‍රශ්න කිරීමෙනි.
මේ කතා කරන අප සියල්ලෝම වීතාරාගී වූවෝ නොවෙති. ලිංගිකත්වය මානව අවශ්‍යතාවයක් වුවත් එය එකම අවශ්‍යතාවයද නොවන්නේය. ‘මාගම් සෝලිය’ ඇගේ වෛරය 4 වැන්නක් සඳහා ලියැවුණු සිනමා පිටපතක් වැන්නකි.
බත්තලගුණ්ඩුව හා ‘නයිගලින් උපන් පුත්‍රයෝ’ වැනි මිථ්‍යාව හා සංස්කෘතිය ඉරා දැමූ කෘතිවලට රාජ්‍ය සාහිත්‍ය සම්මාන හිමිවූයේ නම් ‘මාගම් සෝලියට’ද හිමි නොවීමට ඉඩක් තිබිය නොහැකිය. මෙහි අවසාන ඵලය නම් තම දියණිය
දූෂණය කරන පියාට හුරේ තියන නැතහොත් ‍පෝරුවේදී විවාහයේ ලිංගික ක්‍රියාව පැවැත්වීමට බල කරන පරපුරක් බිහිවීමය.
අක්ෂරයට තහනමක් වැටුණේ එවැනි කෘතියක් නිසා නම් මෙවැනි ග්‍රන්ථවලට වෙළෙඳපළ විවෘතය. තීරණය සමාජයට බාරය.
අප රටේ බහුතර සමාජය පිළිගන්නා වීරයන් කොටස් දෙකකි. ඔවුන් වීරත්වයට පත්කොට ඇත්තේ මාධ්‍ය විසිනි. එක් වීරයෙක් නම් පවතින රජයකට විරුද්ධව කතා කරන වීරයාය. අනෙකා සමාජයේ ප්‍රසිද්ධියේ කතා නොකරන දේ අමු අමුවෙන් නිර්මාණයක් ඔස්සේ සමාජගත කරන වීරයාය. මේ නවකතාවලින් ඉස්මතු වන වර්තමාන වීරයා ලිංගික වලිප්පුව හැදුණු වීරයාය.

මහාචාර්ය
අජන්තා හපුආරච්චි
කොළඹ විශ්වවිද්‍යාලය Copylakbima

Wednesday, June 26, 2013

මගේ පෙම්වතිය කා‍ලේ එයා නිළියක් ‍නෙවෙයි දැන් එයා නිළියක්, ඒත් මගේ පෙම්වතිය ‍නෙවෙයි

ජනප්‍රිය යොවුන් නළු දසුන් පතිරණ

සම්මත නළුවකුගේ බාහිර පෙනුමට අභියෝග කරමින් රංගනය ජයගත් නළු නිළියෝ අප රටේ කලා ක්‍ෂේත්‍රයේ සේම ජාත්‍යන්තරය තුළද වෙති. එවන් මගකට පිවිස සිය රංගනය තුළ වූ අපූර්වත්වයෙන් ජනප්‍රියත්වය කරා පියනගන රංගන ශිල්පියකු මෙවර රැජින කතාබහට එකතු කරගන්නට අපි සිතුවෙමු. දසුන් පතිරණ නම් මේ යොවුන් නළුවා මේ දිනවල විකාශය වන “ඒ ලෙවල් ඉවරයි” ටෙලි නාට්‍යය තුළින් ඔබ හමුවට එයි.
Dasunදසුන් සාමාන්‍ය ජීවිතයදීත් “ඒ ලෙවල් ඉවරයි” චාල්ස් වගේද ?

“ඒ ලෙවල් ඉවරයි” චාල්ස් වගේ චරිත මට සාමාන්‍ය ජීවිතයෙදිත් හමුවෙලා තියෙනවා. ඒ චරිතය සංගීතයම අරමුණු කරගෙන ජීවත්වන ගැටවර චරිතයක්. මමත් සරලව සැහැල්ලුවෙන් හිතන කෙනෙක්. මමත් හොඳ නළුවකු වෙනවාමයි කියන අරමුණින් යන කෙනෙක්.
නළුවකු වනවාමයි කියන අරමුණට ගෙදරින් ලැබුණු ප්‍රතිචාර කොහොමද ?
බොරු කියන්නේ මොකටද? ගෙදර තුළදී කවදාවත් මට “හොඳ ළමයා” කියන නම ලැබිලා නැහැ. පාසල තුළදිත් මට කවමදාවත් “හොඳ ශිෂ්‍යයා” කියන ප්‍රතිරූපය ලැබිලත් නැහැ. දෙමවුපියන්ගෙන් ගුරුවරුන්ගෙන් ඇති පදමට ගුටිකන බැණුම් අහපු කෙනෙක් තමයි මම. ඒ විදියේ පසුබිමක නළුවකු වීමට දඟලද්දී දෙමවුපියන්ගෙන් යහපත් ප්‍රතිචාර ලැබෙන්න විදියක් නැහැනේ. අම්මලට ඕන වුණේ මම ටයි එකක් දාගෙන කරන හොඳ රැකියාවක ඉන්නවා දකින්න. නමුත් ඒ අරමුණ ඉටුකර ගන්න ඒ අයට බැරි වුණා.
නමුත් අද ?
මං දන්නවා අද නම් ඒ අයට මං ගැන ටිකක් හරි සතුටු වෙන්න පුළුවන් බව.
නළුවකු වෙන්න හිතද්දී දසුන්ට නළු පෙනුම ගැන හිතුණෙ නැද්ද ?
මොකද නැත්තේ හිතුණා. මට නළු පෙනුමක් නැති බවත් මං දැන හිටියා. මම අඩි පහයි, අඟල් හතරක් උස කෙනෙක්. මුලදී නළුකම ගැන ආශාවක් තිබුණත් මට නළුවකු වන්න පුළුවන් කියන අදහස තදින්ම හිතට වැදුණේ මහේන්ද්‍ර අයියගෙ (මහේන්ද්‍ර පෙරේරා) වැඩමුළුවලට ගියාට පස්සේ. මහේන්ද්‍ර අයියටත් ඔය කියන නළු පෙනුම නෑ. ඒත් ඔහු අද අපට සිටින අති දක්ෂ නළුවෙක්. නළු පෙනුම නැතත් මට නළුවකු වෙන්න පුළුවන් කියන අදහස හිතට වැටුණම නළු පෙනුම ගැන තිබූ චකිතය ඉබේම නැතිවෙලා ගියා.
චරිතාංග රංගනයෙන් ගුණාත්මක නිර්මාණවලට දායක වන අය තරුවලටයි සරල විනෝදාත්මක නිර්මාණවලටයි දිගට හරහට දෙහි කපනවා.
මම නම් ඒ විදිහට බණින්නෙ නැහැ. සම්භාව්‍ය නිර්මාණ පෙන්වන්න සිනමාව කර්මාන්තයක් විදියට තිබිය යුතුයි. ඒ සඳහා දායක වන්නේ වාණිජ චිත්‍රපට. ඒ වගේම ‘තරු’ ත් අවශ්‍යයි.
Dasun1එහෙනම් ඔබ අගය කරන තරු ගැනත් කියන්න.

ගාමිණී ෆොන්සේකා හා විජය කුමාරතුංග දක්ෂ රංගන ශිල්පීන් විදිහට වගේම තරු ලෙසත්
ඉහළින්ම බැබලුණා. විශේෂයෙන් විජය කුමාරතුංග වැඩිපුරම ඉස්මතු වුණේ තරුවක් විදියට.
ඔබේ පරපුරේ අයගේ නම් කියන්න මැලි වන්නේ ඇයි ?
මගෙ පරපුරේ විතරක් නමෛයි මෑත කාලය පුරාම බිහිවූ නළුවන් අතර කඩවසම් අය සිටියා. ජනප්‍රිය චරිතත් තිබුණා. ඒත් මම හිතන විදියට අර මුලින් කී අය තරම් රසිකයන් අතර උන්මාදයක් ඇති කරවන අය ඒ අතර හිටියේ නැහැ.
ඒ ලෙවල් ඉවරයි ටෙලි නාට්‍යයේ “මං ගමේ කොල්ලො” ගීතය ජනප්‍රියයි. ඔබටත් ඒ තුළින් තරුවක් වන්න පුළුවනි ....
ඒ ගීතය දැන් ජනප්‍රියයි තමයි. මට ගීත ගයන්න බැහැ. ඒත් ඒ ගීතයට මා රැඟූ රංගනයට හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා.
නමුත් දසුන්ට ඒ ගීතය නිසාම සංදර්ශන වේදිකාව හරහා තරුවක් වෙන්න වුණත් ඉදිරියේදී පුළුවන් වේවි ....
අද රටේ ඒ වගේ දේවල් වෙනවා තමයි. ඒත් මම නම් එහෙම කරන්නෙ නැහැ. මට ආරාධනා ලැබුණොත් මම ඔය ගීතය ගායනා කරන “ලහිරු ප්‍රමූ පෙරේරා”ට ඒ අවස්ථාව ලබා දෙනවා. මම කරන්නේ ඒ ගායනයට අනුව අභිනය දැක්වීමක් විතරයි.
දසුන් සැබෑ ජීවිතේදීත් ගමේ කොල්ලෙක්ද ?
නැහැ. මම ඉපදුණේ. හැදුනෙ වැඩුනෙ ඉගෙන ගත්තෙ සේරම කොළඹ. මගේ පදිංචිය මරදානෙ. ඉගෙන ගත්තේ කේරි විදුහ‍ලේ.
දසුන්ගේ පවුල් පසුබිම ගැන කතා කළොත් ....
මට නංගි කෙනෙක් ඉන්නවා. තාත්තාට හෝටලයක් තියෙනවා. අම්මා නම් රැකියාවක් කරන්නෙ නැහැ.
 “ඒ ලෙවල් ඉවරයි“ ඔබේ පෙම්වතිය ඔබට වඩා වයසින් වැඩි සුදු ජාතික කාන්තාවක්
ඇගේ නම මර්සෙලා. ඇය නෙදර්ලන්ත කාන්තාවක්. ඉඳහිට ලංකාවට ඇවිත් යනවා. ඒ අතර විවිධ නිර්මාණවලට එකතු වුණා. මේ නිර්මාණය තුළදී ඇය සමග රඟපෑම මට අලුත් අත්දැකීමක් වුණා.
සැබෑ ජීවිතයේදී දසුන්ට පෙම්වතියක් ඉන්නවද ?
ඔව්.
ඇය නිළියක්ද ?
නැහැ.
අපට නම් ආරංචි නව පරපුරේ ජනප්‍රියතම නිළියක් දසුන්ගේ පෙම්වතිය බවයි
ඔය කියන කෙනා මගේ පෙම්වතිය වෙලා හිටිය කාලෙ නිළියක් නමෛයි. දැන් ඇය නිළියක්. ඒත් මගෙ පෙම්වතිය නමෛයි.
එකටම කලා ලෝකයට පිවිසිලා ටික දුරක් මේ විදියට යද්දී සම්බන්ධකම් බිඳිලා යන්නෙ ඇයි ?
අදහස් නොගැළපීම් හින්දා වෙන්වීම් සිදුවනවා.
ඇය අද තම දක්ෂතා සිනමාවටත් ගෙන ගිහින්. ඇය දසුන්ව අභිබවා යද්දී ඇතිවූ ඊර්ෂ්‍යාවටද සම්බන්ධය නතර කර දැම්මේ ?
නැහැ. නැහැ. ඇත්තටම මමත් ඇගේ දස්කම් අගය කරනවා. අපේ පරපුරේ ඉදිරියෙන්ම සිටින නිළියන් අතර ඇය ඉන්නවා. ඇයට ඊර්ෂ්‍යා කරන්න හේතුවක් නැහැ. මමත් අද යම් ස්ථාවරයක ඉන්නවා. අනෙක අපි වෙන් වුණාට අදටත් හොඳ යාළුවෝ.
ඔය දෙන්නට නිර්මාණයකදී පෙම්වතුන් විදියට රඟපාන්න සිදුවුණොත්?
කිසි ප්‍රශ්නයක් නෑ. රඟපානවා.
ආරියවංශ කුලතිලකlakbima

මැජික් ශිල්පයේ අප්‍රකට රහස් the secret of magic

විජ්ජා ලෝකයේ දැවැන්තයකු හෙළි කරන මැජික් ශිල්පයේ අප්‍රකට රහස්

4-1යථාර්ථය අවබෝධ කර ගැනීමේ හැකියාවකින් තොර වූ ළමුන්ටත්, ලාස් වේගාස් නුවර සංචාරකයන්ටත්   විනෝදාස්වාදය උදෙසා කැපවූ විෂය ක්ෂේත්‍රයක් ලෙසට හංවඩු ගැසී තිබුණු මැජික් ශිල්පය පසුගිය පස් අවුරුදු කාලයක 4-2සිට විද්‍යා ක්ෂේත්‍රය තුළ හිමිකර ගෙන ඇති ගෞරව සම්ප්‍රයුක්ත ජනප්‍රියත්වය පුදුම එළවනසුලුය. තිස් වසරකට අධික කාලයක සිට රූපවාහිනිය ඔස්සේ මෙන්ම ලාස් වේගාස් හි සජීවී ලෙසද මැජික් සංදර්ශන පවත්වමින් මැජික් ක්ෂේත්‍රයේ නමගිය විජ්ජාකරුවන් දෙපළක් ලෙස ප්‍රකට රේමන්ඩ් ජෝසප් ටෙලර් හා පෙන් ජිලට් අතුරින් මැජික් ශිල්පයේ මතෛක් කිසිදා හෙළි නොකෙරුනු එහි ජීව ප්‍රාණය බඳු වූ රහස් කීපයක් පළමු වරට හෙළිකිරීමට පසුගිය දිනකදී ඉදිරිපත් වූයේ ජෝසප් ටෙලර්ය. ඒ විද්‍යා ක්ෂේත්‍රය තුළ විශේෂයෙන්ම ස්නායු විද්‍යා ක්ෂේත්‍රය තුළ මෑතක සිට මැජික් ශිල්පයට හිමිව ඇති අනපේක්ෂිත අවධානය කෙතරම්ද යත් ස්නායු විද්‍යාව හා මිනිසාගේ අවබෝධතා ශක්තිය සම්බන්ධයෙන් දේශන සිදු කිරීමට ඔහුට ලැබෙන ආරාධනයන් දිනෙන් දින ඉහළ යෑමේ ප්‍රතිඵලයක් ලෙසය. මැජික් ශිල්පයට හදිසියේ හිමි වූ මෙම ජනප්‍රියත්වයට හේතු දක්වමින් වරෙක ඔහුගේ මිතුරු විද්‍යාඥයකු පවසා ඇත්තේ පර්යේෂණ සඳහා මූල්‍යාධාර ලබා දෙන්නවුන් විද්‍යාගාර මීයන්ට වඩා මැජික් ශිල්පීන් වඩාත් ආකර්ෂණීය ජීවී කොට්ඨාසයක් ලෙසට සැලකීම මීට හේතුව බවයි.
4-3විද්‍යාවට කෙරෙන උපකාරයක් ලෙස මැජික් ශිල්පය සම්බන්ධයෙන් තමාගේ දැනුම සිය මිතුරු විද්‍යාඥයා හා බෙදා හදාගත් ටෙලර්ට කෘතගුණ සලකුණු වස් සිය විද්‍යාගාරයේ වූ චුම්බක අනුනාද ප්‍රතිබිම්බ (ර්අ) යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය විද්‍යාඥ මිතුරා විසින් පැහැදිලි කරමින් විශ්වාසයෙන් යුතුව ප්‍රතිඥා දෙන ලද්දේ අනාගතයේ දිනක මෙබඳු උපකරණ තමාව (ටෙලර්ව) වඩාත් දක්ෂ මැජික් ශිල්පියකු බවට පත් කිරීමට එය උපකාර වනු ඇති බවයි. ඇත්තෙන්ම එය සැක සහිතය.
4-4ස්නායු විද්‍යාඥයින් යනු උපායශීලී ලෙස රැවටීමට ලක් කිරීමෙහිලා අත්දැකීම්වලින් තොර වූ නවකයන් වන අතර මැජික් ශිල්පීන් යනු වසර දහස් ගණනක සිට මානව අවබෝධතා ශක්තිය
පිළිබඳව පාලක පරීක්ෂණයන් හි නියැළුණන් බව කීම මුසාවක් නොවේ. වරෙක තමා එකොළොස් හැවිරිදි වියේ පසුවත්දී බාලදක්ෂයන් විසින් ඉදිරියේ මැජික් පෙන්වීමෙහි නියැළුණු කුඩා ටෙලර් ඔවුන්ගේ ඇස් වසා කුඩා මාළු ටැංකියක් රෙදි කඩකින් මුවා කිරීමට දැරූ තැත වැරදී ගිය කල එම්.ආර්.අයි. විද්‍යාගාරයක පිහිටෙන් එදා ඔහුට සරදම් ලෙස එල්ල වූ ගල් පහරවලින් මිදීමේ හැකියාව තිබුණේ නම් තමා එසේ කිරීමට නොපැකිලෙන බව ටෙලර් පවසන්නේය. නමුත් සැබැවින්ම විජ්ජා උපක්‍රම යනු යන්ත්‍ර ආධාරයෙන් හඳුනා ගත හැකි වූවක් හෝ මිනිස් සංවේදනා හා සම්බන්ධ යාන්ත්‍රික විද්‍යාවක් හෝ නොව
ප්‍රේක්ෂකයන්ගේ අවබෝධතා ශක්තිය, හැසිරවීම හා සංවේදන ඉන්ද්‍රීන්ගෙන් ලැබෙන තොරතුරු ග්‍රහණය කර ගැනීම යන සියල්ලන්ගේ සංකලනයක්ම වන බැවිනි. මිනිසා සතු එකී අවබෝධතා ශක්තියේ විචලනයන් සිදු කිරීමට විජ්ජාකරුවන් සතු හැකියාව මත මැජික් ශිල්පයේ සාර්ථකත්වය මුළුමනින්ම රැඳී පවතින අතර පහතින් වනුයේ පෙන් විසින් පෙන්වා දෙන එබඳු විජ්ජා උපක්‍රමයන් කීපයකි.
1. හඳුනාගැනීමේ රටාවෙන් උපරිම ඵල නෙළීම
4-5සිය අතක පිටිඅල්ල ප්‍රේක්ෂකයා දෙසට හරවා සිටිමින් රිදී පැහැ ඩොලර් කාසි හතරක් විජ්ජා බලයෙන් ප්‍රේක්ෂකයා ඉදිරියේ මවාපාන ටෙලර් පස් වැනි කාසියක්ද එයාකාරයටම ගෙනහැර පෑමට ප්‍රථමයෙන් සිය අත්ල සිය ප්‍රේක්ෂකයන්ට දැකගැනීමට සලස්වනුයේ එහි කිසිවක් නැති බව කාටත් ඇඟවීමටයි. හොමෝ සේපියන්වරුන්ට උත්පත්තියෙන් උරුම වූ සහජ බුද්ධිය ඇසුරෙන් ප්‍රේක්ෂකයා එකී රටාව හඳුනා ගනුයේ කාසි පහම මවා පෙන්වන ලද්දේ හිස් අත්ලකින් බවය යන විශ්වාසය පෙරදැරිවය.
2. විජ්ජාවේ සැබෑ වටිනාකමට වඩා වැඩි කැපවීමක් එය සාර්ථක කර ගැනීමට දරන්න
ඔබ ආයෝජනය කිරීමට බලා‍පොරොත්තු වනවාට වඩා වැඩි කාලයක්, ශ්‍රමයක්, පුහුණුවක් හා මුදලක් කිසියම් විජ්ජා උපක්‍රමයකට වැය කිරීමට ඔබ සූදානම් නම් එවැන්නක් අතිසාර්ථක වන බව කිසිදු සැකයක් නැති බව මැජික් ශිල්පී ටෙලර්ගේ අදහසයි. ඊට නිදසුනක් ලෙස සිය සගයා වන පෙන් සමග ඉදිරිපත් වූ ‘ඩේවිඩ් ලෙටර්මන්ගේ’ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී මේසය මත වූ තොප්පියකින් සජීවී කැර‍පොත්තන් පන්සියයක් පිටතට ගත් අවස්ථාව සිහිපත් කරමින් ටෙලර් පවසනුයේ බැලූ බැල්මට සරල යැයි හැඟෙන එම උපක්‍රමය සඳහා ඔවුහු සති ගණනක් කැපවූ බවය. කීට විද්‍යාඥයකුගේද සහය ඇතිව කැමරාව ඉදිරියේ සුහදශීලීව හැසිරෙන සෙමින් ගමනේ යෙදෙන (විශේෂ පුහුණුවකින් යුතු) කැර‍පොත්තන් සමූහයක් තෝරා වෙන්කර ගත් පෙන් හා ටෙලර් හට මුවින් නොබැණ මෙම පිළිකුල් සහගත කෘමීන් සිය නිරුවත් දෑතින් ඇල්ලීමටද විශේෂ පුහුණුවක් ලැබිමට  සිදුවිය.
එමෙන්ම ඔවුන්ව රැඳවීම සඳහා තොප්පිය තුළ විශේෂිත රහස් කුටියක් තැනීමටද ඔවුන්ට සිදුව තිබිණි. නියත ලෙසම විජ්ජාවේ සැඟවුණු රස මිහිර නොදන්නා
ප්‍රේක්ෂක අපට මෙබඳු සුළු සංසිද්ධියක් වෙනුවෙන් දරන මේ සා මහත් වූ පරිශ්‍රමය වැදගැම්මකට ඇති දෙයක් ලෙස නොපෙණුනද විජ්ජාකරුවන් යනු සිය සාර්ථකත්වය වෙනුවෙන් ඕනෑම අන්තයකට වුවද යෑමට නොපසුබට වන්නන් පිරිසක් බව අපට වටහා ගත යුතුය.
3. සිනහව, තර්කානුකූලව සිතීමට බාධාවකි
පෙන් හා ටෙලර් දෙපළගේ විජ්ජා දස්කම්වල ඇති ඔවුන්ගේ අනන්‍යතාව හඟවන සුවිශේෂීත්වය වනුයේ ප්‍රහසනාත්මකව සිය විජ්ජා උපක්‍රම ඉදිරිපත් කිරීමයි. සිනහවෙන් කුල්මත්ව සිටින්නකුගේ මනසට තාර්කිකව සිතීමේ හැකියාව නොමැති බව වටහාගෙන සිටින පෙන් ද ටෙලර් දෙපළ සිය ඇස් බැන්දුමේ ප්‍රේක්ෂකයන්ගේ ඇස් වසා සිදුකළ යුතු සීරුමාරු කිරීම හැමවිටම ප්‍රහසනාත්මක ඉදිරිපත් කිරීමක් අතරතුරදී සිදු කිරීමට පරෙස්සම් වන්නේය.
4. ප්‍රේක්ෂක මනස රැවටීමට අවම ලෙස එකවර  උපක්‍රම දෙකක් හෝ භාවිතා කිරීම
ටෙලර් හා පෙන් විසින් ලාස් වේගාස් හි ඉදිරිපත් කරනු ලබන බොහෝ සංදර්ශනවලදී නරඹන්නන් මවිත කරවන තවත් අපූරුම අංගයක් වනුයේ පුහුණු සුනඛයකු මෙන් ක්‍රියාශීලීව දස්කම් දක්වන අජීවී (එහෙත් සජීවී ලෙස දස්කම් පාන) බෝලයකි. ප්‍රේක්ෂකාගාරයේ සිට කිසිසේත් දැකීමට නොහැකි තරම් සියුම් වූ රැහැනකින් වෙහෙස වනු ලබන බෝලය ලී වළල්ලක් තුළින් කිහිප වාරයක් පනිමින් පණ ඇති සත්වයකු ලෙස හැසිරෙන්නේ බලා සිටින්නකුට එය නූලකින් මෙහෙයවනු ලබන බවත් සිතීමට හෝ අවකාශ නොදෙමිනි. එය නූලකින් මෙහෙයවනු ලබන බවක් යමෙකුට ආරම්භයේදී සිතුණද වළලු දස්කම් මගින් එකී ආරම්භක සිතුවිල්ල අහෝසි කර දමන්නේ එවැන්නන් කිසිසේත් නූලක් ආධාරයෙන් සිදුකළ නොහැකි බව කාටත් හැඟී යන පරිදි ඉතාම කාර්යශූර ලෙස ටෙලර් විසින් බෝලය මෙහෙයවන නිසාය. ඒ මාස දහඅටක් පුරා දැඩි කැපවීමෙන් යුතුව සිදුකරන ලද පුහුණුවීම්වල ප්‍රතිඵලයක් ලෙසය.
5. උපක්‍රමය රාමුවෙන් පිටතට ගැනීම
මැජික් සංදර්ශනයක් අතරතුරදී සිය පිට කබාය උනා පසෙකට විසි කරන ටෙලර් සිය කමිස සාක්කුවෙන් පිටතට ගනුයේ විශාල මකුළුවෙකි. කබාය උනා දැමීම ප්‍රේක්ෂකයා වටහා ගත් ආකාරයට ටෙලර් විසින් සිය පහසුව තකා සිදුකරන ලද්දක් නොව එකී මුවාවෙන් මකුළුවා පිටතට ගැනීමට සිදුකළ උපක්‍රමයකි.
6. ඔබ ඔබටම කියාගන්නා බොරුව හැර ඔබ රවටන අන් යමක් තවත් නොමැත
ටෙලර් විසින් ඉහත සඳහන් කළ ඔහුගේ මැජික් බෝලය සම්බන්ධ ඇස්බැන්දුමට පදනම සපයන ලද්දේ 1907 වසරේදී ඩේවිඩ් පී. ඇබට් නම් වූ ඔමාහා විජ්ජාකරුවා විසිනි. දක්ෂ විජ්ජා ශිල්පියකු වූ ඇබට්ගේ ප්‍රකට සංදර්ශන අංගයක් වූයේ රත්‍රන් පැහැති බෝලයක් ඔහු වටා නිදැල්‍ලේ පාවීමට සැලැස්වීම වූ අතර සිය සංදර්ශනය නිමවීමෙන් පසුව මෙම
සුවිශේෂී බෝලය අමතක වීමෙන් සංදර්ශන කුටිය තුළට දමා ගිය වාර බොහෝය. ඇබට්ගේ විජ්ජා දස්කම් දැකීමෙන් අපමණ පුදුමයට පත්ව සිහි
එළවාගත නොහැකිව සිටින කුතුහලයෙන් පිරුණු
ප්‍රේක්ෂකයන් වේදිකාවට පැමිණ මෙම
සුවිශේෂී විජ්ජාවට බඳුන් වූ බෝලය සියතින්ම අතගා බැලීමට මැලි නුවූවා සේම අධික බරකින් යුතු එවැන්නක් එසේ නිදැල්‍ලේ පාවෙන්නේ කෙසේදැයි කියා ප්‍රසිද්ධියේ මවිත වීමටද පසුබට නොවූහ. නමුත් ඇත්තෙන්ම විජ්ජාව සඳහා යොදා ගන්නා ලද බෝලය 140ඨ ක් වැනි අඩු බරැති සැහැල්ලු වූවක් වූ අතර ඇබට් විසින් ඕනෑකමින්ම අතපසු කොට දමා යන ලද බෝලය එහි අධි බර ඇති අනුරුවක්ම පමණක් විය.
වටහාගත යුතු කරුණ නම් මැජික් ශිල්පියෙකු විසින් ඔබටම යමක් අතපත ගා නිරීක්ෂණය කිරීමට ඉඩ දේ නම් ඉන් ඔහුගේ බොරුව බිඳලිය නොහැකි ලෙස ස්ථාවර වන බවය.
7. ප්‍රේක්ෂකයාටම යම් තේරීමක් කිරීමට ඉඩදීම යනු තමා ස්වාධීනව ක්‍රියා කළ බව ඔහුට ඇඟවීමකි
විජ්ජා ශිල්පියා හා සම්බන්ධ අඳුරුම තේරුම් ගැනීමට අපහසුම මනෝවිද්‍යාත්මක රහසක් ලෙස ටෙලර් විසින් හඳුන්වනු ලබන මෙය පැහැදිලි කිරීමට ඔහු විසින් කරදාසි කුට්ටමක් ඇසුරෙන් කළ විජ්ජාවක් පියවරෙන් පියවර පැහැදිලි කරනුයේ හෝ සඳහන් කළ සියලුම රහස් ප්‍රායෝගිකව යොදන අයුරු එකම විජ්ජාවක කැටිකර දක්වමිනි.
විජ්ජාව - කඩදාසි කුට්ටමක් ගන්නා ටෙලර් ප්‍රේක්ෂකයා ඉදිරියේ එය කීප වරක් හොඳින් කලවම්කොට තවත් කීප වාරයක් කපනුයේ එහි ඇති එකිනෙකට වෙනස් කරදාසි නරඹන්නාට පැහැදිලිව දිස්වන අයුරිනි. ඉන්පසුව කරදාසි කුට්ටමේ මුහුණත් පහළට සිටින සේ හරවා ඉන් තමන් කැමති කරදාසියක් තෝරා ගැනීමට නරඹන්නකුට ඉඩ හරින ටෙලර් එහි තවද එකී ප්‍රේක්ෂකයා වෙතින්ම අසා ගන්නේය. (උදා හාරත රැජිණ) ඉන් අනතුරුව එකී කරදාසි සියතට ගන්නා ටෙලර් එය සිය මුවේ රඳවාගෙන සපා ඉතා අපහසුවෙන් යුතුව එය ගිලින ආකාරයත් එය සිය උදරය වෙත ගොස් ජීර්ණය වී රුධිරය ඔස්සේ සිය දකුණු පාදය වෙත යන අයුරු පෙන්වමින් විසුලු සහගත රංගනයක යෙදෙන්නේ ප්‍රේක්ෂකාගාරයම සිනා සයුරේ ගිල්වමිනි.
සිය දකුණු පාදය ඔසවා පෙන්වන ටෙලර් එහි වූ පාවහන් ඉවත් කොට ‘හාරත රැජිණ’ ඉවතට ගැනීමට කාඩ්පත තෝරා දුන්
ප්‍රේක්ෂකයාට ඉඩ හරිනුයේ සියල්ලන් මවිතයට පත් කරමිනි. එසේම ටෙලර් විසින් විජ්ජාව සඳහා යොදාගත් කඩදාසි කුට්ටම දැක ගැනීමට ප්‍රේක්ෂකයාට ඉඩ ලැබුණෙහොත් ටෙලර්ගේ දකුණු පාදයෙන් මතුවූ හාරත රැජිණ එහි නොමැති බවද ඔහුට නිරීක්ෂණය කිරීමට හැකිවනු ඇත.
විජ්ජාවේ සැඟවුණු රහස සියල්ලටම පෙරාතුව මෙබඳු තාත්වික ඇස්බැන්දුම් සඳහා පෙර සූදානම අත්‍යවශ්‍යය. හාරත රැජිනක් සිය දකුණූ පාවහන තුළටද ඉස්කෝප්ප ආසියා කොළයක් සිය වම් පාවහනටද කාලාබර තුනක් සිය පසුම්බියටද රුවා ගන්නා ටෙලර් එකී කරදාසි පත් තුනෙහි පිටපත් පමණක් ආධාරයෙන් සම්පූර්ණ කරදාසි කුට්ටමක් නිර්මාණය කර ගන්නේ ඒ සඳහා කරදාසි කුට්ටම් දහඅටක් වැය කරමිනි. (නො. 2 වටිනාකමට වඩා වැඩි වියදමක් සාර්ථකත්වය වෙනුවෙන් දැරීම) කාඩ් කුට්ටම කිහිප වාරයක් කැපීමට ලක් කරන ටෙලර් ඒ තුළ වන එකිනෙකට වෙනස් කාඩ් පත් තුන ප්‍රේක්ෂකයාට දැකගැනීමට ඉඩ හරින අතර නරඹන්නාගේ නිගමනය නම් එයද එකිනෙකට වෙනස් කාඩ්පත් පනස් දෙකකින් යුතු සාමාන්‍ය කඩදාසි කුට්ටමක් බවය. (නො (1) හඳුනා ගැනීමේ රටාව) ඉන් කාඩ්පතක් තෝරා ගන්නා ප්‍රේක්ෂකයා සිතනුයේ තමන්ට තෝරා ගැනීමක් සිදු කිරීමටද අවස්ථාවක් ලැබුණු බවයි. (නො. (7) තෝරා ගැනීම යනු නිදහස නොවේ) ප්‍රේක්ෂකයා විසින් තෝරා දුන් කාඩ්පත ප්‍රේක්ෂකාගාරයේ සිනහ හඬ මැද ගිල දමන ටෙලර් (නො. (3) සිනහාව තර්කානුකූල සිතීමට බාධාවකි) එය සිය දකුණු වම් පාදය වෙත ගමන් කළ බව අඟවමින් සිය පාවහන තුළ වන හාරත රැජිණගේ කාඩ්පත පිටතට ගැනීමට එය තෝරා දුන්
ප්‍රේක්ෂකයාටම ආරාධනා කරන්නේ මුළු ප්‍රේක්ෂකාගාරයම පාවහනෙන් මතුවන කාඩ්පත දෙස විස්මයෙන් මුව අයා බලා සිටින අස්වැසිල්ලෙන් තමා මතෛක් භාවිතා කළ කාඩ්පත් තුනක අනුපිටපත්වලින් පමණක් සමන්විත කඩදාසි කුට්ටම සාමාන්‍ය කුට්ටමකට ක්ෂණිකව හුවමාරු කර ගැනීමටද අවස්ථාව ලබා ගනිමිනි.  (නො. 4 උපක්‍රම දෙකක් සංයෝජනය කිරීම) මෙම කුට්ටමද ටෙලර් විසින් සඟවා ගනු ලැබූ පෙර කී කාඩ්පත් තුන කල් ඇතිව ඉවත් කරන ලද්දකි. අනතුරුව එකී කඩදාසි කුට්ටමද ප්‍රායෝගශීලී ටෙලර් විසින් කුතුහලයෙන් මඩිනු ලැබූ
ප්‍රේක්ෂකයා අතට පත් කරන්නේ ඔහුටම එය පරීක්ෂාකොට බලා තමා විසින් ටෙලර්ගේ පාදයෙන් මතු කරගත් කාඩ්පත එහි නොමැති බව සැකහැර තහවුරු කර ගැනීමටය.
(නො. 6 ඔබ ඔබටම කියා ගන්නා බොරුව) සංගීතය, සිතුවම්කර්මය හෝ කාව්‍ය නිර්මාණකරණය සේම විජ්ජා ශිල්පයද සෞන්දර්යත්වයෙන් අනූන වූ සුන්දරත්වය හඳුනන විෂය ක්ෂේත්‍රයක් බව ටෙලර්ගේ පිළිගැනීමක් වුවද ඒ සෑම විජ්ජා උපක්‍රමයකම අවසන් හරය වනුයේ ප්‍රේක්ෂකයාගේ අවබෝධතා ශක්තිය උරගා බැලීමය. එනම් සිහි උපක්‍රමය ප්‍රේක්ෂකයා මුළුමනින්ම රැවටීමට ලක් කිරීමට තරම් ප්‍රමාණවත් වන්නේද යන්නයි. වසර ශතවර්ෂ ගණනාවක් පැරණි දත්ත සාම්පලයන්ට හිමිකම් කියන විජ්ජාකරුවන්ගේ විජ්ජා ශිල්පයන් යථාර්ථයක් බවට පත්වන තුරුම සිටින වාරයක් අසීමිත පිරිසක් විසින් චිරාත් කාලයක් මුළුල්‍ලේ අනුකරණයට ලක්කොට තිබෙන්නකි. එවැනි වූ ඓතිහාසික පාරම්පරික අත්දැකීම්වලින් සපිරි විජ්ජා කර්මයද ස්නායු විද්‍යාව අතර වත්මනෙහි ස්ථාපනය කිරීමට උත්සාහ දරන මෙම අපූරු සබැඳියාව සම්බන්ධයෙන් කිව යුතු වන්නේ දැනුමෙන් පරිපූර්ණ යැයි සිතා සිටින මෙම ස්නායු විද්‍යාඥයින් පස් සාම්පල එකතු කරමින් සිටින්නේ විජ්ජාකරුවන් විසින් සියවස් ගණනාවකට එපිට සිට සිතියම් ගතකොට කැණීම් කටයුතු සිදුකරන ලද දැවැන්ත කඳු වැටියක් බඳු විෂය පරිචයක් පිළිබඳව බවයි.
රුක්ලන්ති පෙරේරා Reader’s Digest ඇසුරිනිlakbima

Sunday, June 23, 2013

‘ගණිකා වෘත්තිය’ප්‍රසිද්ධියේ කතා කරන්න එන්නැයි මා ඔහුට අභියෝග කරනවා

‘ගණිකා වෘත්තිය’ කතාවෙන් නිළියන්ට අපහාස කරන්න එපා

සංජය ලීලාරත්නපසුගිය සතියේ එක්තරා රූපවාහිනී නාළිකාවක පැවැත්වූ දේශපාලනමය සාකච්ඡා වැඩසටහනකදී එක් දේශපාලනඥයෙක් අපේ රටේ නිළියන් පිළිබඳ දරුණු ප්‍රකාශයක් කළා. ඒ මොහොතේ එම වැඩසටහනට ආරාධිත අමුත්තකු වශයෙන් සහභාගි වී සිටි මේ රටේ ප්‍රවීණ නළුවකු හා චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන සංජය ලීලාරත්න ඔහුට එරෙහිව සිය වෘත්තීය සහෝදරියන් වෙනුවෙන් විශේෂ ප්‍රශ්න කිරීමකට එක් වුණා. එහෙත් මේ වැඩසටහනේ ස්වරූපය අනුව ඔහුට මේ පිළිබඳ දිගින් දිගටම කරුණු ඉදිරිපත් කිරීමේ අවස්ථාව අහිමිව ගියා. මේ නිසා ඒ පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීමට පසුගිය දිනක අපේ සාකච්ඡාව ඔහු වෙත යොමු කළා. අපි මුලින්ම ඔබ සහභාගි වූ එම දේශපාලනමය සාකච්ඡා වැඩසටහන පිළිබඳ කතා කරමු.‘සිරස’ නාළිකාව විකාශය කරන ‘සටන’ වැඩසටහන සාමාන්‍යයෙන් පෙළ ගැසෙන්නේ කාලීන විෂයක් සම්බන්ධයෙන් මේ රටේ දේශපාලනඥයින් කිහිප දෙනෙකු ගෙන්වා සාකච්ඡාමය ස්වරූපයෙන්. නමුත් ඔය කියන දවසේ ‘සටන’ වැඩසටහනේ මාතෘකාව වෙලා තිබුණේ කාලීන සිදුවීමක් පිළිබඳ නොවෙයි. එදා කතා කළේ සර්වකාලීනව බලපාන ප්‍රශ්නයක් පිළිබඳ. ඒ තමයි ‘ආචාර ධර්ම’ කියන පුළුල් මාතෘකාව. එම වැඩසටහනට ඔබ සහභාගි වුණේ කුමන පදනමකින් ද? මේ වැඩසටහන සඳහා හැම දවසකම ආරාධිතයන් 40 දෙනෙකුට සහභාගි විය හැකියි. එදා මේ 40 දෙනා අතර මමත් ආරාධිතයෙක්. මේ ආරාධිතයින් අසුන්ගෙන සිටින සභා ගර්භයේ තමයි මමත් හිටියේ. ඉස්සරලම මේ සාකච්ඡාවේදී මුලින්ම සිද්ධ වුණේ ඇතැම් දේශපාලන පක්ෂ නියෝජනය කරපු නියෝජිතයන් තමන් විසින්ම ආචාර ධර්ම නැතිකර ගැනීම. මට හිතුණා සමහරු කතා කළේ දේශපාලන වෛර යටි හිතේ තැන්පත් කරගෙන ද කියලත්. මෙතැනදී ප්‍රධාන මාතෘකාව වූ ‘ආචාර ධර්ම’ සමඟ බද්ධ වෙලා කතා කළේ එච්. ආර්. මිත්‍රපාල නියෝජ්‍ය ඇමැතිවරයා සහ අතුරලියේ රතන හිමියන් විතරයි. අනිත් අයගෙන් මම දැක්කේ සහ මට තේරුණේ ඒ අයගේ යටි හිතේ තිබෙන දේශපාලන වෛරය මේ මාතෘකාවෙන් කතා කරන්න උත්සාහ දැරීමයි. ඒ මඟින් වුණේ ඔවුන්ගේ ආචාර ධර්ම නැතිකරගත්ත එක විතරයි. මේ මාතෘකාවේදී මේ රටේ එක්තරා දේශපාලනඥයෙක් ‘නිළියන්’ පිළිබඳ බරපතළ ප්‍රකාශයක් කළා. ඒ කතාබහ ඇතිවුණේ කොහොම ද? කාටත් හිතාගන්න බැරුව ඇති මෙතනට ඒ ප්‍රශ්නය ආවේ කොහොම කියන්න. මේ සාකච්ඡාවේදී එක පාරටම සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා “ජනප්‍රිය සුපිරි නිළියෝ අද ගණිකා වෘත්තියේ යෙදෙනවා” කියලා ප්‍රකාශයක් කළා. මේක කිව්වම පොඩි නොසන්සුන් බවත් එම සභා ගර්භයේ ඇතිවුණා. එයා කතා කරලා ඉවර වුණාට පස්සේ හතර වැනි වටය එනවා ප්‍රේක්ෂකයන්ට ප්‍රශ්න අහන්න පුළුවන්. එතැනදි ඔබ මේ ගැන ප්‍රශ්න කළා?ඔව්. මම කිව්වා ඔබතුමා පෞද්ගලික න්‍යාය පත්‍රයන්ට ගිහින් ආචාර ධර්ම ඔබතුමා විසින් ම කඩා ගන්නවා. ඒකට කමක් නෑ. නමුත් ඔබතුමා මෙතනදි වෙනත් වෘත්තිකයෙක් පිළිබඳ කතා කරලා, විවේචනය කරලා ඒ අයට ලොකු අපහාසයක් කළා. ‘ඔබතුමා කිව්වා ‘ජනප්‍රිය, සුපිරි නිළියෝ අද ගණිකා වෘත්තියේ යෙදෙනවා කියලා.’ මම එතුමාගෙන් ඇහුවා අද මේ රටේ මොන යම් හෝ අධිකරණයක් මඟින් සුපිරි, ජනප්‍රිය නිළියක් ගණිකා වෘත්තියේ යෙදිලා කියලා වැරදිකාරියක් බවට පත්කරලා තිබෙනවා ද? එසේ නැත්නම් කුමන හෝ පොලීසියකින් සුපිරි නිළියක් ගණිකා වෘත්තියේ යෙදිලා කියලා අත්අඩංගුවට අරගෙන තියනව ද? කියලා. ඔබේ ප්‍රශ්නයට ඔහුගේ නිසි උත්තරයක් ලැබුණේ නෑ නේද? ඔව්. ඔහු කිව්වා, ඔහු ඒ කරපු ප්‍රකාශය මම වැරදි ලෙස තේරුම් අරන් කියලා. එහෙම ප්‍රශ්න කරපු එකත් හොඳයි වරදක් වුණා නම් ඒක ඔහුට නිවැරදි කරගන්නත් පුළුවන් කියලා කිව්වා. ඒකෙන් අපට ගම්‍ය වෙන්නේ ඔහු වරදක් කළා කියන එකනේ. එයා ඒකේ පැටලිලා, එරිලා, දඟලල එක හුස්මට විනාඩි 5 ක් විතර කතා කරගෙන කතා කරගෙන ගියා. දිගින් දිගටම ඔබට ප්‍රශ්න කරන්න අවස්ථාවක් නොලැබුණේ ඇයි? මට විතරක් නොවෙයි මුළු සභා ගර්භයේ ම හිටපු සියලු දෙනාටම ඔහුගෙන් ප්‍රශ්න ඇසීමේ අවශ්‍යතාව තිබුණා. ඒ නිසා මම ළඟ හිටපු සිරස මයික්‍රෆෝනය බාරව හිටිය නිලධාරිනිය ගෙන් ඉල්ලීමක් කළා. මට කතා කරන්න අවස්ථාවක් දෙන්න කියලා. නමුත් ඇය කිව්වා එක ප්‍රශ්නයයි අහන්න පුළුවන්. ඒකට උත්තර දුන්නට පස්සේ දිගින් දිගටම කතා කරන්න බෑ කියලා. මම කියන්නේ ඒ වගේ සීමා දැම්මම, ඒ වගේ රාමුවක් ඇතුළට අපි කොටු කළාම අරයට කැමැති දේවල් කියලා එයා නිහඬ වෙනවා. ඒක නිවැරදි කරන්න හෝ ඒක පැහැදිලි කරන්න හෝ තවත් ප්‍රශ්නයක් අහන්න ඉඩ දෙන්නේ නෑ. ඒක හරි අසාධාරණයි. ඔහු තම ප්‍රකාශයෙන් වැරදි මතයක් සමාජගත කළාම මේ රටේ ජනතාව, නිළියන්ට ආදරේ කරන ප්‍රේක්ෂකයින් අහන්න ඕන ප්‍රශ්නෙ මම එදා එතනදි ඇහුව. ඒකට ඔහුට කෙළින් උත්තරයක් දී ගන්න බැරි වුණා. ඔහු කිව්වා මේ රටේ ආර්ථිකය හා වෙනත් හේතු මත නිළියන් ඒ තත්ත්වයට පත්වෙලා තිබෙනවා කියලා. නමුත් මම කියන්නේ ආර්ථිකය හෝ මොන යම් හෝ දෙයක් මත මේ රටේ නිළියෝ ගණිකා වෘත්තියේ යෙදෙන්නේ නෑ. ගණිකාවෝ නිළියෝ වෙන්න උත්සාහ කරන්න එනවා. නමුත් මේ රටේ නිළියෝ කියලා අපි සම්මතයේ පිළිගන්නේ අඩු ගාණේ චිත්‍රපට 3 - 4 වගකිව යුතු චරිත නිරූපණය කරලා තිබෙන්න ඕන. එහෙම නැතිනම් එක දිගට විකාශය වන ටෙලි නාට්‍යවල සැලකිය යුතු චරිත නිරූපණය කරලා තියෙන්න ඕන. එහෙම නැතුව ප්‍රධාන නිළිය කඩයට එන දර්ශනයක කඩෙන් සීනි අරන් ගිය එක්කෙනෙයි, පාන්, විස්කෝතු අරන් ගිය එක්කෙනයි කැමරාවට අහු වෙනවා. නමුත් ඒ අය නිළියෝ නොවෙයිනේ. මේ මන්ත්‍රීවරයා තව ලොකු වරදක් කළා. පාර්ලිමේන්තුව විවේචනය කරමින් ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට ඉන්නවා. ඊළඟ දේ තමයි මෙයත් එක්ක ඉන්න සහෝදර මන්ත්‍රීවරියක් ලංකාවේ සුපිරිම, ජනප්‍රියම නිළිය මාලිනී ෆොන්සේකා. ඇය මන්ත්‍රීවරියක් ලෙස පාර්ලිමේන්තුවේ ඉන්නවා. එතකොට මාලිනී ෆොන්සේකා ගණිකාවක් ද? මෙයා කොහොම ද හෙට දවසේ මාලිනී ෆොන්සේකා මහත්මියත් සමඟ සභා ගර්භයේ ඉඳගන්නේ. දේශපාලන පක්ෂ කෙසේ වෙතත් පාර්ලිමේන්තු උත්තරීතර සභාව නියෝජනය කරන ඔහුගේ සහෝදරියක් ඇය. ඒගොල්ල වාමාංශික ව්‍යාපාර කරන, ජනතාව වෙනුවෙන් හඬ නඟනවා යැයි කියන දේශපාලන පක්ෂ නියෝජනය කරන්නන්. එහෙම කියමින් ඒ අය පරිභව කරන්නේ මේ රටේ ජනතාවට. වෙනත් වෘත්තිකයන්ට. මම විශේෂයෙන් කියන්න ඕන මේ රටේ කලාකරුවෝ කියන්නේ කවුරුවත් කරන්නේ නැති සේවයක් කරන පිරිසක්. බුද්ධාගමෙත් කියලා තිබෙනවා කෙනෙකුගේ හිත සනසන්න පුළුවන්නම් ඒක විශාල පිනක් කියලා. කලාකරුවෝ මේ රටේ ජනතාව කොයිතරම් සතුටට පත් කරනව ද? මගේ ප්‍රකාශය ඇහුවම මෙතුමා හිරවෙලා, පැටලිලා, කලාකරුවෝ උත්තරීතරයි කියලත් එතුමාට කියන්න සිද්ධ වුණා. අවසාන වශයෙන් මේ බරපතළ ප්‍රකාශය වෙනුවෙන් කලාකරුවෙක් වශයෙන් ඔබේ ක්‍රියාමාර්ගය මොන වගේ ද? මගේ සහෝදරියන් මේ වන විටත් මේ ප්‍රකාශය වෙනුවෙන් කලබල වෙලා ඇති. මන්ත්‍රී වරයෙක් විදියට එතුමා එතුමාගේම සහෝදර ස?හෝදරියන් විවේචනය කළාට, ඔවුන්ට අපහාස කළාට අපි එහෙම කරන ජාතියක් නොවෙයි. අපි අපේ සහෝදරත්වය ගෞරවයෙන් රැකගන්න ජාතියක්. අපි අතර නිර්මාණ පිළිබඳ විවිධ අදහස් හා මතවාද තිබුණට මෙවැනි තත්ත්වයකදී අපි අපේ. ඒ නිසා මේ ප්‍රකාශය ඉදිරිපත් කළේ ලංකාවේ ජනප්‍රිය නාළිකාවක ප්‍රසිද්ධ වැඩසටහනක් ඔස්සේයි. මේක ලංකාවේ සියලු නිළියන්ට කළ අපහාසයක්. අද තොරතුරු තාක්ෂණය දියුණුම යුගයක අපි ඉන්නේ. මේක මේ වන විටත් පිටරටවල ඉන්න ශ්‍රී ලාංකිකයෝ, විදේශිකයෝ අතරට ගිහින් ඉවරයි. ඒ නිසා එතුමා මේ ප්‍රකාශය ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ නිවැරදි කරන්න ඕන. සමස්ත ශ්‍රී ලංකාවේ සියලුම නිළියන් ගෙන් එතුමා සමාව ගත යුතුයි.

හිලරි ගේ චරිතයට බෑ කියයි Which Actress Should Play Hillary Clinton? (Other than Scarlett Johansson)

 


ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වූ බිල් ක්ලින්ටන් ගේ බිරිඳ වන හිලරි ක්ලින්ටන්ගේ චරිතය ඇතුළත් වන චිත්‍රපටයක් ළඟදීම රූපගත වීමට නියමිතයි.
‘රොඩ්හැම්’ නම් වූ මේ චිත්‍රපටයේ හිලරිගේ චරිතය රඟපෑමට ජනප්‍රිය නිළි ස්කාලට් ජොහැන්සන් ව තෝරා ගන්න එහි අධ්‍යක්ෂ ජේම්ස් පොන්සෝල්ට් තීරණය කර තිබුණා. ස්කාලට්ව මේ චරිතයට තෝරා ගැනුණේ ඇය සමඟ තරග කළ තවත් ජනප්‍රිය නිළියන් කිහිප දෙනෙකු පරාජය කරමින්.චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා සූදානම් වුණේ ඉක්මනින්ම එහි රූපගත කිරීම් ආරම්භ කරන්නයි.
  ඒත් ඒ වැඩ කටයුතු ප්‍රමාද කරන්න ඔහුට සිදුවුණා. හේතුව හිලරිගේ චරිතය නිරූපණය කිරීමට ස්කාලට් අකැමැති වීමයි. ඇය පවසා ඇත්තේ දේශපාලනයට සම්බන්ධ චරිත නිරූපණය කිරීමට තමන් තුළ කැමැත්තක් නැති බවයි.
මේ අකැමැත්ත නිසාම ඇය ‘රොඩ්හැම්’ චිත්‍රපටයේ තිර රචනයවත් කියවා නැහැ.මේ චිත්‍රපටය ‘රොඩ්හැම්’ යනුවෙන් නම් කර ඇත්තේ හිලරි විවාහ වීමට කලින් ඇයගේ වාසගම රොඩ්හැම් ලෙස භාවිත කළ නිසයි.







Saturday, June 22, 2013

ගැබිනි සමයේ හිතට දැනෙන බය නැති කරගන්න මේ ලිපිය ඔබට උදව් වේවි

 

Pregnantමවක වීම ඕනෑම කාන්තාවකගේ සිහිනයක්. ඒ නිසාම තමාට දරු ගැබක් පිහිටා ඇති බව මුල් වරට දැනගත් විට එම කාන්තාව තුළ ඇති වන සතුට ඉතා විශාලයි. නමුත් ඒ සතුට සමගම බියක් චකිතයක් දැනීමත් වළක්වන්න බෑ. සාමාන්‍යයෙන් පළමු දරුවා බිහිකරන කාන්තාවක් තුළ බියක් චකිතයක් ඇතිවීම අතිශය ස්වභාවිකයි. නමුත් දවෛනි තුන්වෙනි හෝ ඊටත් පසුව තවත් දරුවකු බිහිකරන කාන්තාවකට වුවත් මේ බිය දැනෙනවා. මුලින් දැනෙන්නේ ඒ පිළිබඳ අත්දැකීමක් නැති කම නිසා දැනෙන චකිතය සමග ඇතිවන බියයි. ඊළඟට දැනෙන්නේ ප්‍රසූතිය පිළිබඳ කලින් අත්දැකීම් ඇති නිසා දැනෙන බියයි.
කොහොම වුණත් මොන ආකාරයට දැනුණත් බය කියන්නෙ බයමනේ. මේ බය නැතිකරගන්නෙ කොහොමද කියලා අපි මුලින්ම කරුණු විමසා සිටියේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ආර්.එන්.ජී. රාජපක්ෂ මහතා වෙතිනුයි. මේ ඒ මහතා පළ කළ අදහස්.
දරුවකු බිහිකිරීම ස්ත්‍රී පක්ෂයට පමණක් සීමා වූ අතිශය සාමාන්‍ය දෙයක්. මෙය මනුෂ්‍ය ස්ත්‍රීන්ට වගේම තිරිසන් ගැහැනු සතුනටත් ‍පොදුයි.
අපේ බොහොමයක් කාන්තාවන් දරුවකු බිහිකිරීම සම්බන්ධයෙන් බියක් ඇතිකරගන්නෙ එහිදී ඇතිවන වේදනාව ගැන සැලකිල්ලට ගනිමිනුයි. සාමාන්‍යයෙන් දරු ප්‍රසූතියකදී දරුවා හිරවීම, මවට අධික රුධිර වහනයක් ඇතිවීම ආදි වූ විවිධ සංකූලතා ඇතැම් අවස්ථාවලදී සිදුවීමට බැරිකමක් නැ. නමුත් එවැනි දේවල් ගැන බියවන කාන්තාවන් අඩුයි. තමන්ට ඊට පෙර එවැනි අත්දැකීමක් ඇත්නම් හෝ තමන් දන්නා කියන කෙනෙකුට එවැනි දෙයක් සිදුවූයේ නම් එවිට බියක් ඇතිවන්න පුළුවන්. එසේ නැත්නම් කාන්තාවන් බියවන්නෙ ප්‍රසූත වේදනාව පිළිබඳවයි.
නමුත් පවුලට අලුතින් සාමාජිකයකු එකතුවීම පිළිබඳ සතුටින් සිත පුරවාගෙන ඒ වෙනුවෙන් සූදානම්වීමේදී බිය බොහෝවිටම අඩුවී යනවා.
ඒ වගේම ගැබිනි මවක් තුළ නිසි සෞඛ්‍ය අධ්‍යාපනයක් තිබිමත් ඉතාමත්ම වැදගත්. ගැබිනි මව්වරුන් නොකඩවා සායනවලට සහභාගිවෙනවා නම් කලට වේලාවට වෛද්‍යවරුන් හමුවෙනවා නම් ප්‍රමාණවත් දැනුමක් මේ සම්බන්ධයෙන් ලබාගන්න පුළුවන්. එසේ දැනුමක් ඇතිවිටත් බිය ඉබේම වගේ අඩුවෙනවා.
ප්‍රසූත වේදනාව විඳීමම හැර එයට කළ හැකි කිසිවක් නෑ කියලා බොහෝ දෙනෙක් සිතුවත් වේදනාව අඩු කළ හැකි ක්‍රමත් තිබෙනවා. කොන්දට බෙහෙතක් විද හිරි වැට්ටවීමේ එපිඩියුරල් (epidural) ක්‍රමය මින් එකක්. නමුත් මේ ඖෂධ ඉතා මිල වැඩිවීම, මේ වෙනුවෙන් වෙනම නිර්වින්දන වෛද්‍යවරයකු යෙදවීමට සිදුවීම වැනි බොහෝ ප්‍රායෝගික අපහසුතා හේතුවෙන් මෙය අපේ රටේ එතරම්ම භාවිතා වන්නේ නෑ.
වේදනාව අඩුකිරීම සඳහා වේදනානාශක වායු (Nitrous Oxide) ඇල්ලීම තවත් ක්‍රමයක්.
මේ දෙකටම වඩා සුලබව අපේ රටේ භාවිතා කෙරෙන්නේ ප්‍රසූත වේදනාව අඩුකිරීමට පෙතිඩීන් (Pethidine) ඖෂධය ලබාදීමයි. මෙම ඖෂධය අපේ රටේ ග්‍රාමීය රෝහල්වල පවා තිබෙනවා.
ගැබිනි සමය තුළ සැමියාගේ ආදරය අවධානය මැනවින් ලැබිමද බිරිඳගේ බිය අඩුවීමට පිටිවහලක් වෙනවා. තවත් විශේෂතම දෙයක් වන්නේ තමන්ට ඒ සමයේදි ප්‍රතිකාර කරන වෛද්‍යවරයා පිළිබඳ විශ්වාසය ඇතිකර ගැනීමයි. එවිටද බිය අඩුවී යනවා.
ඒ විශේෂඥ වෛද්‍ය රාජපක්ෂ මහතාගේ අදහස. ප්‍රසූතිය පිළිබඳ බිය අඩුවීමට තවත් ඉතා වැදගත් දෙයක් වන්නේ තමන්ගේ ආගම පැත්තෙන් ලද හැකි පිටිවහලයි. මේ පිළිබඳව අප හා කරුණු දැක්වූයේ පූජ්‍ය තලල්‍ලේ චන්දකිත්ති හිමිපාණන්ය.
පුරාණයේ ගැබිනි මාතාවන් සම්බන්ධයෙන් අනුගමනය කරන ලද චාරිත්‍ර විධි තිබුණා. මෙය ධර්ම ග්‍රන්ථවල සඳහන් වන්නේ 'ගැබ්
පෙළහර' නමින්. 'ගබ්භ පාටිහාරියං අදාසි' යනුවෙන් දක්වන එමගින් විස්තර කෙරෙනුයේ ගැබිනි මවක් දරු ප්‍රසූතිය අපේක්ෂාවෙන් සිටින කාලය තුළ ඇගේ සිත සතුටු වන අයුරින් ගේදොර වටපිටාව පරිසරය සකස් කරදීමයි. මෙය මූලිකවම කළ යුත්තේ ස්වාමි පුරුෂයා විසින්. දරුවා පිළිසිඳ ගත් මොහොතේ පටන් ප්‍රසූත කිරීම දක්වා කාලය තුළ ස්වාමි පුරුෂයා හැම අතින්ම තම බිරිඳට සහාය දිය යුතුයි. විශේෂයෙන්ම ගැබිනි මවගේ සිතට ඇතිවන චිත්ත පීඩාවන් වළක්වාලීම පිණිස ස්වාමි පුරුෂයා තමන්ගේ පැවැත්ම යහපත් කර ගත යුතුයි. සැමියා දුරාචාර බහුල අයෙක් නම් එවැනි සැමියකු දැකීමෙන් පවා බිරිඳක් තුළ භය, ත්‍රාසය, ශෝකය හා කලකිරීම ඇතිවිය හැකියි. මේවා ගැබ තුළ සිටින දරුවාට සෘජුවම බලපානවා.
බුදුන් වැඩ සිටින කාලයේ ගැබිනි මව්වරුන් පන්සලට පැමිණ තෙරුවන් වැඳීමේදී දෙවරක් තෙරුවන් සරණ ගියා. එසේ කරන්නේ කුමක් නිසාදැයි විමසන විටදී ඔවුන්ගේ පිළිතුර වුණේ පළමුව තෙරුවන් සරණ ගියේ තමා වෙනුවෙන් සහ දෙවනුව තෙරුවන් සරණ ගියේ කුසේ හිඳින දරුවා වෙනුවෙන් බවයි. එසේ ශ්‍රද්ධාවෙන් තෙරුවන් සරණ යන, පන්සිල් සුරකින,  තම ගැබිනි මව්වරුන්ට දරු ප්‍රසූතියේදී පීඩාවක් හිරිහැරයක් සිදුනොවීමට ඒ පැවැත්ම බෙහෙවින් උපකාර වෙනවා. එසේ සිතා සත්‍යක්‍රියා කිරීම තුළින් මානසික ආතතියෙන් භීතියෙන් තොරව දරු පසූතියට මුහුණ දිය හැකියි. එබැවින් තමා පුරුදු කළ කුමන හෝ යහපත් ක්‍රියාවක් සිහියට නංවා ගෙන, ඒ සත්‍යානුභාව බලයෙන් තමාටත් දරුවාටත් යහපතක්ම වේවායි නිතර නිතර සිහිකිරීම හා පැතීම විශාල මානසික ශක්තියක් ඇතිකිරීමට ඉවහල් වෙනවා.
සාකච්ඡා කළේ ඉන්දු පෙරේරාlakbima

Friday, June 21, 2013

මුදල් වංචාව කළේ උපේක්ෂාගෙ පියා බව ඇත්තක්ද? (Upeksha Suwarnamali)

උපේක්ෂා ස්වර්ණමාලි පිළිතුරු දෙයි


Upekshaකෙටි කලක් තුළදී රංගන ක්‍ෂේත්‍රය හා දේශපාලන ක්‍ෂේත්‍රය තුළ දිගු ගමනක් පැමිණි උපේක්ෂා ස්වර්ණමාලි මේ දිනවල “සිහින විලක්” ටෙලි නාට්‍යය තුළින් ආලින්දයට ගොඩවදිනවා. උපේක්ෂා පුවත් මවන්නියක් වුණේ ඇගේ කලා දිවිය, දේශපාලන දිවිය වගේම පුද්ගලික දිවිය ගැනත් මැවුණු විවිධ පුවත් හින්දාමයි. පසුගියදා උපේක්ෂා ගැන අලුත්ම ආරංචියක් අසන්නට ලැබුණා. ඇගේ සම්බන්ධීකරණ ‍ලේකම්වරයා විසින් කරන ලද මුදල් වංචාවක් ගැනයි මේ ප්‍රවෘත්තිය ඇසුණේ. අදාළ පුද්ගලයා විසින් රැකියා දෙන බවට මිනිසුන් රැසකගෙන් මුදල් ලබාගෙන ඇති බවත්, උපේක්ෂාගේ නම පාවිච්චි කරමින් ඔහු මෙම කාර්යය සිදුකළ බවත් ආරංචි මාර්ග පවසනවා. මේ පුවත ගැන දැනගන්න අපි උපේක්ෂාට කතා කළා. ඇය බොහොම හෘදයාංගම විදියට අපේ කතාබහට එකතු වුණා. කතාබහ අතරේ අපි උපේක්ෂාගේ කලා ජීවිතේ තොරතුරු ටිකකුයි, පුද්ගලික ජීවිතේ තොරතුරු ටිකකුයි විමසන්නත් අමතක කළේ නැහැ.
උපේක්ෂා, ඔබේ නම පාවිච්චි කරලා ඔබේ මාධ්‍ය ‍ලේකම් මූල්‍ය වංචාවක් කළාය කියන චෝදනාව ඇත්තද?
මූල්‍ය වංචාවක් සිදුවී ඇති බවට වූ ප්‍රවෘත්තිය සත්‍යයක්. ඇත්තටම එවැනි චෝදනාවක් පුද්ගලයෙකුට එල්ලවී තියෙනවා. ඒත් ඒ පුද්ගලයා මගේ මාධ්‍ය ‍ලේකම් නොවෙයි.
ඒ පුද්ගලයා කවුද?
ඔය කියන තැනැත්තා හා මා අතර ඥාති සම්බන්ධතාවක් තිබෙනවා. ඒත් ඒක ළඟ සම්බන්ධයක් නමෛයි. කාලෙකින් අප හමුවෙලත් නැහැ. මේ පුද්ගලයා හඳුනන කෙනකුට රැකියාවක් අවශ්‍ය බව කියමින් කාලෙකට ඉස්සර මොහු මගෙන් උදව් ඉල්ලා සිටිනවා. ඒ විදියේ උදව්වක් ඉල්ලූවිට මා ඒ උදව්ව කළා. ඒ ලිපිය ප්‍රයෝජනයට අරගෙන තමයි මේ මනුස්සයා මේ වැඩේ කරල තියෙන්නේ.
ඔබට මෙය ආරංචි වුණේ කොහොමද?
‍පොලීසියෙන් තමයි මට දුරකථනයෙන් කතා කරලා මේ ගැන කිව්වෙ. ඒ වෙලාවේ මම පැහැදිලිව ප්‍රකාශ කළා අවශ්‍ය පරීක්ෂණ කරලා ඔහු වරදකරු Upeksha1බව ඔප්පු කරලා නිසි නීතිමය පියවර ගන්න කියලා. ඒ විතරක් නමෛයි ඔහු පදිංචි තැනත් මම ‍පොලීසියට දන්වා සිටියා.
මොකක්ද උපේක්ෂා මේ සිද්ධිය ගැන දරන මතය?
මම රටේ නීතියට ගරු කරන කෙනෙක්. මගේ අම්මා තාත්තා හෝ නීති විරෝධී ක්‍රියාවක් කළා නම් දඬුවම් ලැබිය යුතුයි කියන තැනයි මම ඉන්නේ.
අදාළ පුද්ගලයා පවසා තිබෙනවා නේද ඔහු ඔබේ තාත්තා බව?
ඒක සම්පූර්ණ බොරු කතාවක්. ඥාති සම්බන්ධයක් තිබුණත් කාලෙක ඉඳන් අපි ළඟින් ඇසුරු කරලාවත් නැහැ.
ඔහු ඔබේ දේශපාලන කටයුතුවලට සහය දීලා තියෙනවද?
නැහැ.
මේ සිදුවීමෙන් ඔබේ කීර්ති  නාමයට කැළලක් වීම ගැන මොකද හිතෙන්නේ?
දේශපාලන චරිතවලට මේ වගේ දේවල් සිදුවනවා. තමන් යම් යම් ප්‍රබල දේශපාලනඥයන් ළඟින් ඇසුරු කරන බව කියමින් නොයෙක් අයථා ක්‍රියා කළ අය ගැන පුවත් වාර්තා වී තිබෙනවා. මට දුක මේ මනුස්සයට රැවටිලා තමන්ගේ අතේ තිබුණු මුදල නැති කරගත් අය ගැනයි. ඇයි මිනිස්සු මේ තරම් මෝඩ වෙන්නෙ. කාට වුණත් කියන්න පුළුවනි ‘මම අහවල් දේශපාලනඥයාගේ ‍ලේකම්’ කියලා. ඒසේ කියූ පමණින් ඇයි රැවටෙන්නේ. මේ ලිපිය කියවන පාඨක පිරිසෙන් මම ඉල්ලා සිටිනවා මින් පසුවවත් මෙවැනි දේට රැවටෙන්න එපා කියලා. ඒ වගේම මෙවැනි වංචනිකයින් ගැන දැනගන්න ලැබුණහම වහාම ‍පොලීසියට දන්වන ලෙස මා ඉල්ලා සිටිනවා.
උපේක්ෂාගෙ කලා දිවිය ගැන කතා කළොත්?
මා රඟපෑ “සිහින විලක්” ටෙලි නාට්‍ය මේ දිනවල විකාශය වනවා. “සින්ඩ්‍රැල්ලා” චිත්‍රපටය ළඟදීම තිරගත වේවි. තව නිර්මාණ කිහිපයකුත් ඉදිරියේදී ප්‍රේක්ෂකයින් අතරට ඒවි.
“සිහින විලක්” හා “සින්ඩ්‍රැල්ලා” හි ඔබේ පෙම්වතා වූ අකලංක ගනේගම ළඟදීම විවාහ වනවාලු නේද?
ඔව්. මම ඒ ගැන සතුටුයි. මොකද කියනවා නම් අකලංක මගේ හොඳ යාළුවෙක්. ඉතින් ඔහුගේ ජීවිතේ අලුත් ඇරඹුමට මමත් සතුටු වෙනවා.
ඒ විවාහ උත්සවයට අනිවාර්යයෙන්ම උපේක්ෂාට ආරාධනා කරන බව අකලංක ‘රිද්ම’ට පැවසුවා.
එදාට මම ලංකාවේ හිටියොත්, විශේෂ දේශපාලන කටයුත්තක් නොතිබුණොත් අනිවාර්යයෙන්ම මම ඒ විවාහ උත්සවයට සහභාගි වනවා.
අකලංක හා ඔබ පෙම්වතුන් බවට රාවයක් පසුගිය කාලෙ පැතිර ගියා...?
අපි දෙන්නා එක දිගට නිර්මාණ කිහිපයකම පෙම්වතුන් විදියට රඟපෑවා. ඒ කාලයේ තමයි මගෙ විවාහය බිඳී යාමත් සිදුවුණේ. ඒකයි ඒ විදියේ කතාවක් පැතිරිලා ගියේ.
ඔබේ නම විකුණලා යම් අය වංචනික කටයුතු කරනවා. නළුවන්ගේ නම් ඈඳලා ඔබට කට කතා පැතිරෙනවා. ආදරය හා රැකවරණය දෙන කෙනෙක් ළංකර ගත්තා නම් මේ වගෙ දේවල් වෙන්නේ නැහැ නේද?
සමහර වෙලාවට මටත් ඔය විදියට හිතෙනවා. තවත් සමහර වෙලාවට විවාහය ගැන හිතද්දි ලොකු කලකිරීමක් හිතට එනවා. දැනට මං ඉන්නේ ඔය සිතුවිලි අතර දෝලනය වෙමිනුයි. මේ හිත හැදිලා විවාහ විය යුතුයි කියා හිතුණොත් සුදුසු කෙනෙකු ලැබුණොත් මමත් විවාහ වේවි.
ආරියවංශ කුලතිලකlakbima

Wednesday, June 19, 2013

කේම්බි‍්‍රජ් යන සිරිමල් එතනා-‘ගෙඟ් ගිලෙන්න යද්දි අප්පුවා පැනලා බේරගත්තා’


‘අයියන්ඩි පැල් රකින දාට මං බලන් ඉන්නෙ එළිය වැටෙන කල් ’’
සිරිමල් එතනා එහෙම කියන්නේ අප්පුවාටය. හැබැයි එහෙම කීවේ මේ අප්පුවා කෙදිනක හෝ රජවෙන බව නොදැනය. හේ කවරකුවත් නොව පරාක‍්‍රමබාහු රජතුමාය. ඔහුගේ තාරුණ්‍යයේදී ඔහුට පෙම්බැඳි මේ සිරිමල් එතනා කවුද? ඇය

Sunday, June 16, 2013

මාරි ඇන්ටනට් බිසවට මරණය කැන්දූ ප්‍රංශයේ ‘පාන් උන්මාදය’ (marie antoinette)

 

4-1
අප්‍රේල් මාසයේ උදෑසන පැරිසියේ පාන් හා බේකරි නිෂ්පාදන අලෙවි සලක දොර විවෘත කොට ගනිමින් ඇතුළට පැමිණෙනුයේ කළු පැහැ වැහි කබායකින් හා ‘ප්‍රින්ස්ටන්’ බේස්බෝල් කැප් තොප්පියකින් සැරසුණු පැසුණු හිසින් යුතුවූ, හැට හැවිරිදි වියේ පසුවන බුද්ධිමත් පෙනුමින් යුතු පාරිභෝගිකයෙකි. ප්‍රංශයටම ආවේණික වූ පැලුම් රේඛාවලින් යුතුව දිගු සිහින් පාන් ගෙඩි කීපයක්ම සිය දෑතෙහි දරාගෙන සිටින ඔහු අලෙවි සල් විකිණුම් සහයිකාවගෙන්ද මිලයට ගැනීමට ඉල්ලා සිටිනුයේ එවැනිම පාන් ගෙඩියකි. ඇගේ ප්‍රශ්නාර්ථය මුසු බැල්ම තමන්ට ආගන්තුක වූ දෙයක් නොවන බවට වන පෙනුමක් ආරූඪ කරගනිමින් අලෙවි සලෙන් පිටතට පිළිපන් මහාචාර්ය ස්ටීවන් එල්. කප්ලන් සිය පාන් සංචාරයෙන් විනාඩි දහයක් 4-2ගෙවුණු තැන සිටින්නේ ‍පොත් රාක්ක හා විවිධාකාර පාන් වර්ග දැක්වෙන චිත්‍ර හා ‍පෝස්ටර්වලින් බිත්ති වැසී ගිය සිය නිවසේ විසිත්ත කාමරයේය.
කාමරයේ මැද වන මේස රෙද්දක් එලූ ඕවලාකාර මේසය මත වූ පාන් ලෑල්ලක් මත තැන්පත් වූ එක් පාන් ගෙඩියක් එකත්පස්ව බලා හිඳිනුයේ නිව්යෝර්ක් නුවර පිහිටි කෝර්නෙල් විශ්වවිද්‍යාලයේ යුරෝපීය ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයා වන කප්ලන් විසින් තමාගේ පැටිකිරිය උදාහරණ සහිතව දිග හරින තුරුය. පාන් ගෙඩියට අමතරව මේසය මත වනුයේ ඔහු විශේෂවේදීත්වය උසුලන විෂය පථය වන පාන් පිළිබඳව ඔහුගේ සිසුවකු විසින් උපාධිය සඳහා ඉදිරිපත් කළ පිටු අටසියයකින් යුත් නිබන්ධයයි. පැත්තක වන බිත්තියක සම්පූර්ණ ඉඩකඩ අයත් කොටගෙන සිටින්නේ පාන් පිළිබඳව මහාචාර්ය කප්ලන් විසින් සම්පාදනය කළ කෘති අතුරින් එකක් වන ‘ප්‍රංශය හා එහි පාන් උන්මාදයක ඉතිහාසය’ යන්නෙහි කවරය සඳහා දෑතින්ම ඔසවා ගත් ප්‍රංශ පාන් තොගයක්ද සහිතව කැමරාවට සිනාසෙන මහාචාර්යවරයාගේ රුව රැගත් ‍පෝස්ටරයකි. ප්‍රංශ පාන් පිළිබඳව දීර්ඝ එමෙන්ම ගවේෂණාත්මක විස්තරයකට ඔහු මුල පුරන්නේ හොඳින් පුළුස්සන ලද පාන් ගෙඩියක් හඳුනා ගන්නා ආකාරය විස්තර කරමිනි. මහාචාර්ය කප්ලන්ට අනුව එවැන්නකට තට්ටු කළ විට බෙරයකින් නැගෙන්නාක් බඳු රැව්දෙන හඬක් පාන් ගෙඩියෙන් නිකුත් විය යුතුය. පර්යේෂණය සඳහා එතෙක් වේලා මේසය මත සූදානමින් තිබු පාන් ගෙඩිය සිය කන සමීපයට ගෙන ඊට වැරෙන් තට්ටු කරන කප්ලන්ගේ මුහුණ අඳුරු වලාවකින් වැසී යනුයේ එය ඔහු අපේක්ෂා කළ තත්ත්වයෙන් එනම් ප්‍රංශ ප්‍රමිතියට තැනුවක් නොවන නිසාය. ප්‍රංශ පාන් පිළිබඳව සිය උන්මාදය ඇරඹි අතීතය වෙත සිය මතකය විහිදුවමින් මීට වසර පනහකට එපිටදී පැරිසියේ සංචාරයක නිරත වූ සිසුවෙකුව සිටි සමයේදී ලක්ෂම්බර්ග් උද්‍යානයේ බංකුවක වාඩි වී සිය පළමු ප්‍රංශ පාන් ගෙඩිය රසවිඳි ආකාරය සිහිපත් කරන කප්ලන් පවසන්නේ එදා තමා පළමු වරට අත්විඳි සිත මන්මත් කරවන ඒ රසය කිසිදා අමතක නොවන බවයි. අද වන විට ඇමරිකානු ජාතික මහාචාර්ය කප්ලන් යනු ප්‍රංශ පාන් පිළිබඳව ලොව සිටින අංක එකේ  විශේෂඥයකු පමණක් නොව පාන් ප්‍රමිතිය තහවුරු කිරීමේ ලා වන දැවැන්ත මෙහෙයුමක නිරතව සිටින්නෙකි. ප්‍රංශ සංස්කෘතිය තුළ පාන්වලට හිමිව ඇති
සුවිශේෂී ස්ථානය කොතරම්ද දේශපාලනමය, සමාජීය හා ආගමික වශයෙන් පාන් සතු වැදගත්කම හුවා දැක්වීමෙහිලා කප්ලන් විසින් සිදුකළ සේවය ප්‍රංශ රජය විසින් දෙවරක්ම ඇගයීමටද ලක්කොට තිබෙන්නේද ඔහු විදේශිකයකු යන්න පවා නොතකා හරිමිනි. (ප්‍රංශ ජාතිකයින් දේශීයත්වයට මුල් තැන දෙන්නන් ලෙස ප්‍රකටය) වරෙක සිය බිරිය වූ ‘මාරි ක්‍රිස්ටීන්’ සමග ‘පාන් සොයා ගියෙමි’ යන කෘතිය (ඛිඩඥපජඩඥල තඥ චඪද) වෙනුවෙන් පැරීසියේ හොඳම පාන් අලෙවි කරනු ලබන බේකරි හල් සොයා ගිය මහාචාර්යවරයාට මාස හයක කාලය තුළදී දිනකට පැය පහක් බැගින් පාන් රස බැලීමට සඳහාම වැය කරන ලද්දේ ඒ හේතුවෙන් සිය බිරියගේ ශරීර බරද කිලෝ ග්‍රෑම් හතකින් ඉහළ නංවමිනි. ඒ ඇය රස බැලූ පාන් කැබලි සියල්ලම ගිල දැමීමට තරම් ගිජු වූ නිසා බව පවසන කප්ලන් පාන් ආහාරයට නොගෙන රස බැලීමෙන් පමණක් සෑහීමට පත්වීමට වගබලාගෙන තිබුණි. එම සංචාරයේදී පමණක් ඔවුන් දෙපළ විසින් ආවරණය කරනු ලැබූ බේකරි සංඛ්‍යාව හයසියයකි. දිගු වටකුරු ප්‍රංශ පාන්වලටම ආවේණික වූ ඇල පැලුම් රේඛා දක්වමින් කප්ලන් කියා සිටින්නේ ඒවා බැලූ බැල්මට පාන් ගෙඩියේ පෙනුම හැඩ කිරීමට යොදා ගත්තක් ලෙස පෙනී ගියද සැබවින්ම ඒවා පාන් පිළිස්සීමේදී ඒවායේ ඇතුළත වාතය තදබද වීමෙන් පාන් ගෙඩිය පැලී යාම වැළැක්වීමට යොදා ගන්නා උපක්‍රමයක් බවයි. පාන් ගෙඩියේ ප්‍රමිතිය පිළිබඳව ගුණ දොස් දැක්වීම සඳහා ශබ්දය, රස, සුවඳ හා ස්පර්ශය යන සිව් සංවේදතාවන් යොදා ගන්නා කප්ලන් මීළඟට පාන් ගෙඩිය හරි මැදින් පලා ඒ තුළට සිය නාස් පුඩු ඇතුළු කරනුයේ සාමාන්‍යයෙන් නියම ප්‍රමිතියට අනුකූලව නිෂ්පාදනය කරනු ලැබූ ප්‍රංශ පාන් ගෙඩියකට ආවේණික වූ බ්ලැක්චෙරි, ලෙමන්, හතු, වැල්මී සාරය වැනි ප්‍රණීත සුවඳවල මිශ්‍රණයක් ඉන් නිකුත් වේදැයි බැලීම සඳහාය. ඒ හරියටම මිදි යුෂ බඳුනකින් වහනය වන සුවඳ ආඝ්‍රාණය කිරීම සඳහා මධුවිත බඳුන රිද්මයානුකූලව කවාකාරව සොලවන්නාක් මෙන්ය. කෙසේ වුවද මෙවර ඔහුගේ පරීක්ෂාවට බඳුන් වූ පාන් ගෙඩිය කිසිසේම ප්‍රමිතියට අනුකූලව සකස් නොකළ ඊටම ආවේණික වූ ගති ලක්ෂණවලින්ද තොරවූ ‘කමකට නැති’ නිෂ්පාදනයකි.
කප්ලන්ගේ නීර්ණයන්ට අනුව ප්‍රංශ පාන් ගෙඩියක් (ඕචඨභඥබබඥ) සතුවිය යුතු ගති ලක්ෂණ රාශියකි. එහි ඇතුළත ඇම්බර පැහැයට හුරු ක්‍රීම් පැහැයකින් යුතු විය යුතු සේම ඒ තුළ වන කුහරයන්ද මී වදයක මෙන් ඒකාකාරී රටාවකට නොව ප්‍රමාණයෙන් අසමාන ලෙස පිහිටීමෙන් කියා පාන්නේ පිටි මෝලිය ඇනීම හා පිපීම නියමාකාරයෙන් සිදු වූ බවයි. එමෙන්ම පාන් නිෂ්පාදන ක්ෂේත්‍රයේ හසල නිපුණයකු වන කප්ලන්ගේම මිණුම් දඬුවලට 4-3අනුකූලව නියම ප්‍රංශ පාන් කැබැල්ලක් සපන විට දැනෙන මිහිරි ආශ්වාදය අමතකව ගිය අතීත මතකයක මිහිරියාව යළි සිහිපත් කළ යුතු බව ඔහු තරයේ අදහන්නකි. එතෙක් වේලා පරීක්ෂාවට බඳුන් කරනු ලැබූ පාන් ගෙඩිය ඉවත දැමූ ඔහු යළිත් වීදියට පිළිපන්නේ ‘ඔහු විසින්ම හඳුන්වනු ලබන ආකාරයට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රංශ පාන් ලෙස සැකයකින් තොරව හැඳින්විය හැකි පාන් මිලදී ගත හැකි පාන් දෙවොල වෙත පිය නැගීමටය. ‘ඇ‍ලේෂියාමෙට්රෝ දුම්රිය ස්ථානය අසල ඩොමිනික් සයිබ්‍රොන් ලෙස එල්ලූ නාම පුවරුවකට යටින් වන දොරටුවෙන් කප්ලන් ඇතුළු වනුයේ අලුත පිළිස්සුණු නැවුම් පාන්වල ප්‍රණීත සුවඳ හමන බේකරි අලෙවි සලකටය. එක් දිගු බිත්තියක් වටා පැතිර ගත් පයින් දැවයෙන් කළ රාක්කයක තට්ටු පිරී යන සේ ඇසිරී ඇත්තේ දිගු දිගටි හැඩ ගත් පාන්, රවුම් පැතලි හැඩයේ පාන් යනාදී විවිධ හැඩ ගත් පාන්වලිනි.
කලක සිට දන්නා හඳුනන බව කියා පාන සුහදශීලී සිනහවකින් මුව සරසාගත් බේකරි අලෙවිසල් හිමියා වන ‘ඩොමිනික් සයිබ්‍රොන්’ විසින් කප්ලන්ව පිළිගනු ලබන්නේ මෙම හමුව අනපේක්ෂිත නොවූවක් බව කාටත් පැහැදිලි වන අයුරිනි. සිය නම මසන ලද ඒප්‍රනයකින් සැරසී පිටි තැවරුණු දෑත් හා පාවහන් සහිතව සිය කාර්යබහුල අලෙවි ස‍ලේ කඩිසර ලෙස සේවයේ නියැළෙන සයිබ්‍රොන් කලෙකදී බේකරි කෑම පිළිබඳ සූපවේදියකු ලෙස අන්‍යයන්ගේ අවන්හල්වල සේවයේ යෙදුණද ඒවායේ භාවිතා කෙරුනු පාන්වල අඩු ප්‍රමිතිය පිළිබඳව හටගත් කලකිරීම නිසාවෙන් තමාගේම පාන්  නිෂ්පාදන හලක් ඇරඹීමට පෙළඹුණෙකි. පාන්  නිෂ්පාදනයෙහිලා ඔහු දක්වන නිපුණතාව කෙතරම්ද යන්න දිනකට ඔහුගෙන් පාන් මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයින් දෙදහස ඉක්මවූ පිරිසක් පැමිණීමෙන්ම පහසුවෙන්ම වටහා ගැනීමට හැකි වනවා ඇත. සයිබ්‍රොන් විසින් පුළුස්සන ලද ප්‍රංශ පාන් ගෙඩියකින් කැබැල්ලක් සමෛන් කල්පනාකාරී ලෙස සපන මහාචාර්ය කප්ලන්ගේ දෙනෙත් කාන්තියෙන් බැබලීමට පටන් ගන්නේත් මුහුණේ ජයග්‍රාහී සිනහවක් දිස් වන්නේත් අවසානයේදී සැබෑම ප්‍රංශ පාන් ගෙඩියක රස මිහිර සයිබ්‍රොන්ගේ පාන් දෙවො‍ලේදී විඳ ගැනීමට ලැබිමේ ප්‍රීතිය නිසාය. එම පාන් කැබැල්ලෙන් මතුවන එකිනෙකට වෙනස් වූ වැල්මී හා බ්ලැක්චෙරි, බතල, වියළි ඇප්‍රිකට් වැනි විවිධ රසයන් හඳුනා ගැනීමටද තරම් කප්ලන්ගේ රස ග්‍රන්ථීන් දියුණුය. ඒකාකාරී අමිහිරි රසයෙන් යුතු
සෙසු පාන් අතර
සුවිශේෂී අනන්‍යතාවයකින්
යුතු ඉහළ ප්‍රමිතියේ පාන් නිෂ්පාදනය කිරීමේ රහස හෙළි කරමින් සයිබ්‍රොන් කියනුයේ ඇණවුමට අනුව පිටි තෝරා ගැනීම සඳහා තිරිඟු යායක් පරීක්ෂා කිරීමට යාමේ සිට
නිෂ්පාදන ක්‍රියාවලියේ සියලුම පියවර තමාගේ පිළිගත් සම්මතයන්ට අනුව සිදුකරන බවයි. පිටි සඳහා හොඳම තිරිඟු අස්වැන්න තෝරා ගැනීමට පෙර පාන් සාම්පල තොග කීපයක් සකස් කිරීමට මෙන්ම සෑම වසරකදීම මෙම තෝරා ගැනීම පටිපාටිය ඒ ආකාරයෙන්ම අනුගමනය කිරීමටද සැලකිලිමත් වන සයිබ්‍රෝන් කිසි විටෙක සිය නිෂ්පාදන සඳහා ආහාර රසකාරක හෝ වෙනත් කල් තබා ගැනීමේ ද්‍රව්‍ය ආදිය එකතු නොකිරීමට පරෙස්සම් වන්නේය. පිටි ගබඩා කෙරෙනුයේද පළිබෝධයන් පලවා හැරීම සඳහා ස්වභාවික ක්‍රමවේදයන් කෙරෙහි පමණක් විශ්වාසය තබමින් වන අතර සිය පාන්වල රසය ඉහළ යාමට ප්‍රධාන හේතුවක් ලෙසද සයිබ්‍රෝන් පිළිගනුයේ රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් තොර වීමයි. කොටින්ම ප්‍රංශ නීතියට අනුව ‘ඤඥ බපචඤඪබඪධද’  යන වර්ගීකරණය යටතේ එන පාන් නිෂ්පාදන සඳහා කිසිදු රසායනිකයක් එක් කිරීමටද තහනම්ය.
පැය පහමාරක කාලයක් පුරා සිදුකරන ලද පිටි ඇනීමෙන් පසුව පිටි පිපීම සඳහා අවස්ථා දෙකකදී කාලය ලබාදෙන අතර පිපුම්කාරක මිශ්‍රණය සාදා ගනුයේද සයිබ්‍රොන්ගේම වට්ටෝරුවකිනි. ඊට පැණි කුරුඳු, ඉඟුරු, වැනිලා හා සාදික්කා වැනි කුළු බඩුද අඩංගුය. ඊස්ට් හා උතුරු දිග ප්‍රංශයෙන් විශේෂයෙන් ගෙන්වන ලද ලුණුද පාන් මිශ්‍රණයට එකතු වුවද ඒ සෙසු බේකරිකරුවන්ගේ පාන් නිෂ්පාදනවලට සාපේක්ෂව ඉතාම අවම ප්‍රමාණයකිනි. මෙයාකාරයේ සංකීර්ණ ක්‍රියාවලියකින් පසුව බිහිවන සයිබ්‍රෝන්ගේ සම්ප්‍රදායික පාන් ගෙඩියක රස පිළිබඳ නැවත අමුතුවෙන් කිව යුතු නොවේ.
වාර්ෂිකව පැරීසිය විසින් සංවිධානය කරනු ලබන පැරිස් නුවර හොඳම ප්‍රංශ පාන් නිෂ්පාදකයා තේරීමේ තරගයෙන් 2010 වසරේදී තෙවන ස්ථානය හිමිකර ගත් සයිබ්‍රොන් ජපානයේදී පාන් අලෙවිසල් පහළොවකද සාඩම්බර හිමිකරුවෙකි. මෙවර හොඳම පාන් නිෂ්පාදකයා තේරීමේ තරගයට සයිබ්‍රොන් සහභාගි නොවූ අතර එහිදී පළමු ස්ථානය හිමි කරගත් ‘සෙබස්තියන් මවුවික්ස්’ හට ඇ. ඩොලර් පන්දහස් තුන්සියයක ත්‍යාග මුදලකට අමතරව ප්‍රංශ ජනාධිපති මන්දිරයට වසරක් පුරා පාන් සැපයීමේ විරල ගෞරවයද හිමිවිය. එකක් යුරෝ 1.05ක් බැගින් වූ අවම මිලක් යටතේ අලෙවි කෙරෙන ජනපතිවරයකුට පවා සුදුසු මවුවික්ස් පාන් ඒ නිසාම ඕනෑම තරාතිරමක ප්‍රංශ වැසියකුට රස විඳීමේ බාධාවක්ද නොවේ. පාන් යනු ප්‍රංශ වැසියන්ට එතරම් වැදගත් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩයකි.
සයිබ්‍රොන් පවසන ආකාරයට පාන්වලින් තොර ප්‍රංශ ආහාර වේලක් පිළිබඳව සිතා ගැනීමට හෝ නොහැකිය. ප්‍රංශ වැසියන්ගේ ජීවිතය හා නොබිඳිය හැකි බැඳීමකින් යුතුව බැඳී සිටින පාන් ප්‍රංශ වැසියන් විසින් හඳුනාගනු ලබන්නේ ඔවුන් කිරි දරුවන්ව සිටින කාලයේ පටන්ය. මන්ද බිලිඳුන්ට පාන් රස විඳීමට දෙන ලෙසට පැරිසියේ ළමා වෛද්‍ය
විශේෂඥයින් අනුමත කරන බැවිනි. ප්‍රංශය හා පාන් අතර ඇති සබඳතාව අද ඊයේ ඇරඹුනක් ද නොව දිගු ඉතිහාසයකට හිමිකම් කියන්නකි. ක්‍රි.ව. 1789 දී ප්‍රංශ බැස්ටිලයද ආක්‍රමණය කරමින් මාරි ඇන්ටනට් බිසව හා 16 වන ලුවී රජුව කැරලිකරුවන් විසින් ගිලටීනයට කැප කරන ලද්දේද පාන් මිල ඉහළ නැංවීම නිසාවෙනි. තුන්වන පාන්තිකයන්ගේ දරිද්‍රතාවය පිළිබඳ අවබෝධයකින් තොරවූ සුකොමල ඇන්ටනට් බිසවට මරුවා සමග යන්නට සිදු වූයේද පාන් නැත්තම් කේක් කන්නැයි කීමට තරම් ඇයට පාන් හා කේක් අතර වෙනසක් නොදැනුණු නිසාය. අදටද ප්‍රංශ වැසියන් හා පාන් අතර ඇති සබැඳියාවේ වෙනසක් සිදුව නැත. ස්වභාවයෙන්ම ඉවසීම නොහඳුනන ප්‍රංශ ජාතිකයින් පාන් මිලදී ගැනීම සඳහා ඔවුන්ට ආගන්තුක වූ ඉවසීමක් ප්‍රකට කරමින් දිනපතා බේකරිහල් අසල දැකිය හැකි දිගු ‍පෝලිම්වල රැඳී සිටින්නේ ඒ නිසාය.
 
රුක්ලන්ති පෙරේරාlakbima