Tuesday, December 3, 2013

◄◄ඇත්තම ඇන්ග‍්‍රි බර්ඩ්►►

ලොව සුපතළ වීඩියෝ සෙල්ලමක් වන Angry Bird සියයට සියයක්ම නිර්මාණය කළ කුරුල්ලකු නොවන බවට දැන් දැන් තහවුරු වී තිබෙනවා. මෙම ඡායාරූප පෙළින් දැක්වෙන්නේ සොබාදහමේ තවත් අපූරු දායාදයක් වන සැබෑම ‘කුපිත වූ කුරුල්ලා’යි.

රිදී හා සුදු පැහැති ඇස් ඇති මේ පුංචි කුරුළු වර්ගය හමුවන්නේ නවසීලන්තය, ඕස්ටේ‍්‍රලියාව ෆීජි ඇතුළු නිරිතදිග පැසිෆික් කලාපයේ දූපත්වලින්. පලතුරු, පාන් කැබලි සහ පිසින ලද මස් බවයි වාර්තා වන්නේ.

ස්වභාවයෙන්ම මෙම කුරුළු වර්ගයාට හිමි කෝප ගැන්වුණු පෙනුමක් සහිත 

ඇස්, මුහුණ නිසාම Angry Bird වීඩියෝ සෙල්ලම ලොව මෙතරම්ම ජනප‍්‍රිය වන්නට හේතු වූ ‘කුපිත වූ කුරුල්ලා’ නිර්මාණය වන්නට ඇතැයි සැළකෙනවා. ජංගම දුරකතනවල පවා ඉතාම ජනප‍්‍රිය වීඩියෝ ගේම් එකක් වන Angry Bird ගේ සැබෑ ස්වරූපය දැක්වෙන මෙම ඡායාරූප පෙළ ඉදිරිපත් කරමින් විදෙස් වාර්තාවල දක්වා තිබුණේ ‘කුපිත වූ කුරුල්ලා අයිපෑඩයෙන් පියඹා ඇවිත්’ යනුවෙන්. 
copy-rivira