Saturday, June 29, 2013

ලැබෙන්න ඉන්න දරුවා පුතෙක්ද දුවෙක්ද කියා සෙව්වාට ෂාරුක් ඛාන් අධිකරණය හමුවට

 

                        පසුගිය දිනවල ෂාරුක් ඛාන් සිදුවීම් දෙකක් සම්බන්ධයෙන් ලොව පුරා කතාබහට ලක් වූ අතර ඒ දෙකම පුද්ගලික සිදුවීම්. ඉන් එකක් සුබවාදී සිදුවීමක් වන අතර අනෙක ෂාරුක්ට අධිකරණයට යන්න සිද්ධවෙන ආකාරයේ සිදුවීමක්. මේ ගැන ඇතුළුව මෙවර ෂාරුක්ගේ අලුත්ම තොරතුරු කියවමු.
පසුගිය දිනයක කරන ලද
සමීක්ෂණයකින් ඉන්දියාවේ ජනප්‍රියම තාත්තා වන්නට ෂාරුක්ට අවස්ථාව ලැබුණා. නමුත් ඉන් ටික දිනකට පසු ෂාරුක්ට අධිකරණය ඉදිරියේ පෙනී shahrukh-khanසිටින ලෙස නොතීසි ලැබුණෙත් මේ පිය පදවිය නිසාම තමයි. ෂාරුක් හා ඔහුගේ බිරිය ගෞරී ගර්භාෂය කුලියට ගැනීමේ පදනම      මත කාන්තාවක් යොදවාගෙන තවත් දරුවෙකු ලබාගන්න මේ දිනවල සූදානම් වෙනවා. මේ දරුවා පුතෙක්ද නැතිනම් දුවෙක්ද කියලා ස්කෑන් පරීක්ෂණයකින් සොයාගන්න උත්සාහ කළ වරදට තමයි ෂාරුක්ට අධිකරණය ඉදිරියේ පෙනී ඉන්න සිදුවෙලා තියෙන්නේ.
ඉන්දියාවේ නීතියට අනුව දරුවෙකු ඉපදෙන්න පෙර ඔවුන්ගේ ලිංගිකත්වය සොයාබැලීම නීති විරෝධියි. ඊට හේතුව ඉන්දියාවේ බොහෝ දෙනෙක් ඉපදෙන්න ඉන්න දරුවා ගැහැනු දරුවෙකු නම් එම දරුගැබ ගබ්සා කරන්න හුරුව සිටීම නිසයි. ගැහැනු ළමයින් විවාහ කරදීමේදී ඉන්දියාවේ දෙමවුපියන්ට දෑවැදි සෙවීම විශාල ප්‍රශ්නයක් නිසයි එසේ කරන්නේ.
ඉහත ස්කෑන් පරීක්ෂණයට අනුව තමන්ට ලැබෙන්නේ පිරිමි දරුවෙකු බව ඛාන් යුවළ දැනගෙන තිබෙනවා. මෙහිදී මෙවර ඔවුන් පිරිමි දරුවෙකුම ලබාගන්න උත්සාහ දැරූ බවට ආරංචි පැතිරීමත් සමග ඉන්දීය වෛද්‍ය සංගමය පවා ඒ ක්‍රියාව හෙළා දකිමින් කියා තිබෙන්නේ ෂාරුක් වැනි තරුණ පරපුර පරමාදර්ශී චරිතයක් කොට සලකන අයෙකු මෙවැනි දෙයක් කිරීම වඩාත් ඉන්දියානු සමාජයට අයහපතක් බවයි. ඔවුන් එසේ කර තිබෙනවා නම් නීතියේ හැටියට උපරිම දඬුවම් පැමිණවිය යුතු බවත් වෛද්‍ය සංගමය ඉල්ලා තිබෙනවා. දැනට ෂාරුක් හා ගෞරීට දුවක් හා පුතෙකු ඉන්නවා. ෂාරුක්ගේ බිරිය ගෞරීට දැන් වයස අවුරුදු හතළිස් දෙකක් නිසා තවදුරටත් ගැබ්ගැනීම ඇයගේ මෙන්ම දරුවාගේ සෞඛ්‍යටත් අයහපත් නිසායි ඔවුන් මේ ආකාරයට වෙනත් කාන්තාවකගේ ගැබ කුලියට ගෙන දරුවෙකු ලබාගන්න උත්සාහ කරන්නේ. දැන් මේ දෙදෙනාගේ විවාහ ජීවිතයට අවුරුදු විසි එකක් වෙනවා.
ෂාරුක් රඟපාන අලුත්ම චිත්‍රපටය චෙන්නෙයි එක්ස්ප්‍රස් ලබන අගෝස්තු මාසයේදී තිරගතවීමට නියමිත අතර හැපි නිව් ඉයර් චිත්‍රපටයත් මේ වසරේදීම තිරගත වනු ඇති. චෙන්නෙයි එක්ස්ප්‍රස් ෂාරුක්ගේම නිෂ්පාදනයක්. පසුගියදා ෂාරුක් උරහිසේ ශල්‍යකර්මයකටත් මුහුණ දුන්නා. සාමාන්‍යයෙන් තම රසික, රසිකාවියන්ට ඉතා ලැදි ෂාරුක් ඔවුන්ව වැළඳගැනීමට නොපැකිළෙන නමුත් මේ ශල්‍යකර්මයෙන් පසු එසේ නොකරන ලෙස ෂාරුක් හමුවට එන රසික පිරිසෙන් ඔහු අසල රැඳී සිටින හිතවතුන් හා ආරක්ෂක නිලධාරීන් ඉල්ලා සිටිනවාලු.
ඇමෙරිකානු ඩොලර් මිලියන හයසියයක වත්කමක් ඇතැයි සැලකෙන ෂාරුක් ඛාන්ව වරක් ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් ටයිම්ස් පුවත්පත හැඳින්වූයේ “ලොව ප්‍රකටම සිනමා නළුවා” ලෙසටයි. ඇමෙරිකාවේම නිව්ස්වීක් සඟරාව ඔහු ලොව ප්‍රබලතම පුද්ගලයින් පනස්දෙනා අතරට නම්කොට තිබුණා

 
Lakbima