Monday, July 29, 2013

◄ සැබෑ මිතුරා ►

එක්තරා ධනවත් තරුණයෙකුට මිතුරන් 1000 ක් සිටියා. තරුණයා සතුදේ මේ යහළුවන් සමග බෙදා හදාගන්න ඔහු පුරුදුව සිටියා. ඒපිළිබඳව ඔහුගේ මව සිටියේ කනස්සල්ලෙන්. දිනක් මෙය නවතා දමන ලෙස ඇය ඔහුගෙන් ඉල්ලීමක් කලා.

Sunday, July 28, 2013

කන්‍යාභාවය විකිණූ කැතරිනා නිරුවතත් විකුණයි

කන්‍යාභාවය විකිණූ කැතරිනා නිරුවතත් විකුණයි
catarina-pl-450පහුගිය අවුරුද්දෙ සැප්තැම්බර් මාසයේදී තමන්ගේ කන්‍යාභාවය ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණූ බ්‍රසීල ජාතික කෙල්ලක් ගැන ලෝකය පුරාම ප්‍රචලිත වුණා.
ඇය බ්‍රසීල ජාතික ශිෂ්‍යාවක වන කැතරිනා මිග්ලියෝරිනි.
ඇගේ කන්‍යාභාවයට ඩොලර් 780,000ක ලංසුවක් තබන්නට ජපන් ජාතිකයෙක් සමත් වුණේ තවත් තරග කරුවන් 14ක් පරාජයට පත් කරමින්..
මෙහි ඇති විශේෂත්වය කන්‍යාභාවය විකිණීම නොවේ..

ලොකයේ වැඩිම මුදලකට කන්‍යාභාවය අලෙවිවු අවස්ථාව එය නිසයි. ඒ කියන්නේ මීට පෙරත් තමන්ගේ කනාභාවය විකිණූ කෙල්ලන් ඉඳල තියෙනවා..

කන්‍යාභාවය විකිනීමෙන් පසුව ඇය නියමිත පරිදි ඇගේ කන්‍යාභාවය අර කිව්ව ජපන් ජාතිකයාට ලබා දෙන්නට ඇතැයි හිතමු.. මන්ද ඒ ගනුදෙනුව ගැන් ඊට පස්සේ කිසිම හාවක් හුවක් නැති නිසාය..
කැතරිනාට දැන් මොකද වෙලා තියෙන්නේ කියාල හොයල බැලුවාම ඇගේ අලුත් විස්තරයක් දැන ගාන්නට ලැබුණා ඡායාරූප ගොඩකුත් එක්ක.. මන් හිතන්නේ මේ ගැන මීට පෙර සිංහලෙන් ලියවිලා නැතුවත් ඇති..
තමන්ගේ කන්‍යාභාවයට අති විශාල මිලක් නියම කර ගත් කැතිරිනා තමන්ගේ නිරුවත් ශරීරයටත් විශාල අගයක් ලබා දෙන්න සමත් වෙලා.. ඈ ඇගේ සම්පූර්ණ නිරුවත් ඡායාරූප පෙළක් ලෝ ප්‍රකට නිරුවත් ඡායරූප සඟරාව වන PLAY BOY සඟරාවේ බ්‍රසීලියානු සංස්කරණයට ලබාදීල තියෙනවා.. පසුගිය ජනවාරි කලාපයේ මෙම ශෘංගාරත්මක ඡායාරූප එකතුව පළ කරල තියෙන්නේ ලොකු ගනුදෙනුවකට කියලා පැවැසුනත් ගාන කීයද කියලා දැන ගන්නට නැහැ.

ගැහැනියගේ කන්‍යාභාවයට නිරුවතට මෙතරම් මිළක් නියම වන්නේ ඇයි කියන එක විවාදාත්මක කාරනයක්..එක එක අය එක එක විදිහට මේ කාරණයට උත්තර බදිනව.. මට සරළවම කියන්න තියෙන්නේ මේක පිරිමින්ගේ upset එකක් කියල විතරයි.

කැතරිනාට තමන්ගේ කන්‍යාභාවයට ,නිරුවත් ශරීරයට ඉහළ වටිනාකමක් ලබා ගන්නට පුලුවන් උනත් අපේ රටේ ප්‍රශ්නය කන්‍යාභාවය තමන්ගේ අයිතියක් කියල කිසිම ගැහැනියකට කියන්න බැරි තරමට තත්වය ඛේදජනක වීමයි..

රන්දි කි‍ඳෙල්පිටිය

තෝරාගත් Play Boy brazil - images කිහිපයක් මේ ..(සංස්කරණය කරන ලදී. 16+ නම් මැනවි..ඒත් තමුන්ගේ හිරි ඔතප් බිඳේ යැයි සිතෙන්නේ නම් නොබලනු.. ඊට අපගේ වගකීමක් නැත)



catarina-pl-9


catarina-pl-6
catarina-pl-3

catarina-pl-4
catarina-pl-5

 

කෝටි 10කට කන්‍යාභාවය විකිණූවා කිව් කැතරිනා තවමත් කන්‍යාවක්‌ !

        
Catarina-Migliorini-27713තමන්ගේ කන්‍යාභාවය ලොව වැඩිම මුදලකට විකුණා දැමු තරුණිය ලෙසා පසුගිය කාලයේ මහත් ආන්දෝඅලනයක් ඇතිකළ  කැතරිනා මිග්ලිඕරිනි නම් බ්‍රසීල ජාතික තරුණිය  තමන් ‍රැවැටීමකට ගොදුරු වූ බව පසුගියදා හෙළි කර තිබුණි. එසේම ඇය තවමත් කන්‍යාවියක් බවත් ඇය පැවැසුවාය.

කැතරිනා මිග්ලිඕරිනි (Catarina migliorini) නමැති  තමන්ගේ පවිත්‍රත්වයේ සම්පත වන කන්‍යාභාවය රුපිල් දස කෝටියකට නොහොත් ඩොලර් 780,000 ට ජපනකු වෙනුවෙන් අලෙවි කළ බව කියැවිනි.

 මෙම පුවත පළ වී මාස අටකට පසු, පසුගිය සතියේ යළිත් වරක්‌ කන්‍යාභාවය විකුණූ එම දැරිය ගැන අලුත්ම පුවතක්‌ ලන්ඩනයේ "ඩේලි මේල්" පුවත්පතින් අපට අසන්නට ලැබිණි. කිසියම් පිරිසකට රැවටී මෙම දැරිය තම කන්‍යාභාවය නැති කරගෙන ඇති බව එම පුවතින් වැඩිදුරටත් කියැවිණි. සමස්‌ත ලෝක ජනතාවම විශ්මයට පත් කළ එම කතාවේ අලුත්ම තොරතුරු ඔබට දැන ගැනීම සඳහා මෙසේ සටහන් කරමු.


ජස්‌ටින් සිස්‌ලේ (Justin siselly) ඕස්‌ට්‍රේලියානු ජාතික චිත්‍රපට නිෂ්පාදකවරයෙකි. ඔහු "වර්ජින්ස්‌ වෝන්ටඩ්" (Virgins Wanted) නොහොත් 'කන්‍යාවන් ඕනෑ' නමින් චිත්‍රපටයක වැඩ පසුගියදා ආරම්භ කළේය. මෙම චිත්‍රපටයට හැබෑ ලිංගික සංවාස ජවනිකාවක්‌ ඇතුළත් කිරීමට නිෂ්පාදක ජස්‌ටින් සිස්‌ලේට අවශ්‍ය විය. ඒ සඳහා ඔහු අන්තර්ජාලය ඔස්‌සේ කන්‍යාවකගේ කන්‍යාභාවය අලෙවි කිරීමේ වෙන්දේසියක්‌ ආරම්භ කළේය. එතැනින් නොනැවතුන ජස්‌ටින් සිස්‌ලේ ඔස්‌ට්‍රේලියාවේ සිඩ්නි සහ මෙල්බර්න් නගරවල ද විශාල දැන්වීම් පුවරු ප්‍රදර්ශන කරමින් "කන්‍යාවන් උවමනායි" කියා සිටියේය. අන්තර්ජාලයේ පළ වී තිබුණ මෙම වෙන්දේසියේ තොරතුරු දුටු බ්‍රසීලයේ භෞතික විද්‍යාව හදාරන ශිෂ්‍යාවක වන කැතරිනා මිග්ලිඕරිනි තමන්ගේ කන්‍යාභාවය වෙන්දේසියේ විකිණීමට කැමැත්ත පළ කර සිටියාය.

මෙම වෙන්දේසියේදී කැතරිනාගේ කන්‍යාභාවය විකිණී ඇත්තේ ඩොලර් 780000 ට නොහොත් අපේ මුදලින් රුපියල් දස කෝටි දාහතර ලක්‍ෂයකටය. විසිහැවිරිදි කැතරිනාගේ කන්‍යාභාවය ලබා ගැනීම සඳහා මෙම වෙන්දේසියේදී ලන්සු පහළොවක්‌ ඉදිරිපත් වූ අතර ඇය අලෙවි වී ඇත්තේ පහළොස්‌වැනි ලන්සුවටය. ඇය මිලදී ගෙන ඇත්තේ ජපනෙකි. "නට්‌සු" නමින් පෙනී සිටි මෙම ජපනා ඔහුගේ නියම නමින් පෙනී නොසිටියේය.

Catarina-Migliorini-27713-1
මෙම වෙන්දේසියෙන් පසු චිත්‍රපට නිෂ්පාදක ජස්‌ටින් සිස්‌ලේ කියා සිටියේ ඔස්‌ට්‍රේලියාව බලා පිටත්ව යන ගුවන් යානයකදී මෙම කන්‍යාව, ඇයව මිලදී ගත් පුද්ගලයාට භාර දෙන බවය. ඇයගේ කන්‍යාභාවය සිඳීමට පෙර හා පසුව වන සිද්ධීන් ඉතා රහසිගත ස්‌ථානයකදී ඇය මුණගැසී දැන ගන්නා බව ද නිෂ්පාදක ජස්‌ටින් කියා සිටියේය.

මේ අතර තම කන්‍යාභාවය විකිණීමේ ගනුදෙනුව ගැන 'Huffington Post' නමැති පුවත්පතට ප්‍රකාශයක්‌ කරන කැත්රිනා
"ජස්‌ටින් සිස්‌ලේ මාව මුලා කළා. මම ඔවුන්ට රැවටුණා මං හිතනවා සිස්‌ලේ මාව පමණක්‌ නොවෙයි තවත් බොහෝ දෙනෙක්‌ රවට්‌ටලා තියෙනවා කියල...." යැයි කියා ඇත. මෙම කන්‍යාභාව ගනුදෙනුව ගැන වැඩිදුරටත් කරුණු දක්‌වන කැතරිනා, මෙම වෙන්දේසිය සංවිධානය කළ චිත්‍රපට නිෂ්පාදක ජස්‌ටින් සිස්‌ලේ තමන්ට දෙනවා යෑයි කී මුදලෙන් (ඩොලර් හත්ලක්‍ෂ අසූ දහ) සතයක්‌වත් මේ දක්‌වා ලැබී නැතැයි ද කියා සිටියි.


කන්‍යාභාවය විකිණීමේ ගනුදෙනුවට තමා කැමැති වුවත් තමන් තවමත් කන්‍යාවක්‌ බව කැතරිනා වැඩිදුරටත් සඳහන් කරයි. තමන් කන්‍යාභාවය විකිණීමට කැමැති වූයේ එක්‌ පරමාර්ථයක්‌ මුල් කරගෙන යැයි කියන කැතරිනා මෙම මුදල් තමන්ට ලැබුණේ නම් නිවසක්‌ නැති දුගී පවුල් කීපයකට නිවාස කීපයක්‌ තනාදීමට තමන් සැලසුම් කර තිබුණේ යෑයිද කැතරිනා වැඩිදුරටත් කියා සිටියි.

කැතරිනා තම කන්‍යාභාවය වෙන්දේසියේ අලෙවි කිරීමට ඉදිරිපත් වූයේ හොඳ පරමාර්ථයකින් වුවත් මුළු ලෝකයාම ඇය දෙස බැලුවේ වපර ඇසකිනි. මුළු ලෝකයාගේම අපවාදය ඇය වෙත එල්ල වූයේ ඉන් පසුවය. වෙසඟනකට හැර වෙන කෙනකුට මෙවැනි දෙයක්‌ කළ නොහැකි බව ඔවුහු චෝදනාකර සිටියහ. ඇත්ත වශයෙන්ම ඇය වෙසඟනකැයි ඔවුහු වැඩිදුරටත් කියා සිටියහ.

Catarina-Migliorini-auctions-off-virginity-again
මෙම වෙන්දේසිය නිසා තමන් ලෝක අපවාදයකට ලක්‌වී සිටින බව දන්නේ යෑයි 'Folha' නමැති පුවත්පතට ප්‍රකාශයක්‌ කරමින් කියා සිටි කැතරිනා තමන් එවැනි ගැහැනියක්‌ නොවේ යැයිද කියා සිටියාය.
"මේ වෙන්දේසිය ඒ අයගේ බිස්‌නස්‌ එකක්‌. මෙයට ඉදිරිපත් වීමෙන් මට ලෝකය පුරා කරක්‌ ගැසීමටත් චිත්‍රපටයක රඟපෑමටත් ලැබෙනවා.... එපමණක්‌ නොවෙයි.. චිත්‍රපටයේ රඟපාල මට වෙනම මුදලක්‌ හොයා ගන්නත් පුළුවන්කම තිබුණා" ඇය 'Folha' පුවත්පතට කියා සිටියාය.

මෙම වෙන්දේසියෙන් පසු තමන්ගේ කන්‍යාභාවය මිලදී ගත් "නට්‌සු"නමැති ජපන් කාරයා හමුවීම සඳහා සිඩ්නි නගරයේ අවන්හලකට ගිය බව කියන කැත්රිනා එහිදී තමන්ට මුණ ගැසුණේ කැත පුද්ගලයකු බව ද චිත්‍රපට නිෂ්පාදක ජස්‌ටින් සඳහන් කළ රූප ලක්‍ෂණ ඔහුට නොතිබුණේ යැයි කියා සිටියාය. "මේ නිසා නට්‌සු සහ තමන් අතර කිසිම ලිංගික සංවාසයක්‌ නොවූ බව ද ඇය වැඩිදුරටත් කියා සිටියාය.

මෙම වෙන්දේසියේදී චිත්‍රපට නිෂ්පාදක ජස්‌ටින් සිස්‌ලේ තමන්ට දීමට පොරොන්දු වූ මුදලෙන් සතයක්‌වත් නොගෙවූ බව කියන කැතිරිනා. තමන් නට්‌සු හමුවීම සඳහා ඔස්‌ට්‍රේලියාවට ගිය ගමන් වියදම්වත් නොදුන් බව කියා සිටියාය.." මොහු ප්‍රොඩාකාරයෙක්‌... මොහු මේ වෙන්දේසිය සංවිධානය කරල තිබුණේ ඔහුගේ චිත්‍රපටයට ප්‍රචාරයක්‌ ලබා ගැනීමේ අරමුණින් බව දැන් පැහැදිලිය. මගේ කන්‍යාභාවය අලෙවි කිරීමේ මුවාවෙන් ජස්‌ටින් ඔහුගේ චිත්‍රපටයට හොඳ ප්‍රචාරයක්‌ ලබා ගත්තා. අනිත් කාරණය තමයි මාව අලෙවි කළ ජපන්කාරයා "නට්‌සු" නමැති පුද්ගලයෙක්‌ මාව මිලදී ගත් බව චිත්‍රපට නිෂ්පාදක ජස්‌ටින් කියතත් එහෙම කෙනෙක්‌ සිටියේ නැති බව දැන් මට පැහැදිලියි". මෙම වෙන්දේසිය නිසා කැතරිනා මිග්ලිඕරිනි නමැති භෞතික විද්‍යාව හදාරන ශිෂ්‍යාවට ලෝක ප්‍රසිද්ධියක්‌ ලැබුණ බව ඇත්තකි. මෙම වෙන්දේසිය නිසා තමන් වංචාකාරයන් පිරිසකට අසු වූ බව ඇය වැඩිදුරටත් කියා සිටියාය.
( noc)

මෙතැනින් බලන්න >>
කන්‍යාභාවය විකිණූ කැතරිනා නිරුවතත් විකුණයි

Tuesday, July 16, 2013

ඔවුන්ගේ අදරය පිවිතුරුය.එසේනම් සිදු වුයේ කුමක්ද?

                                      ඇය ඔහුට ඇගේ පන මෙන් ආදරය කලාය.ඔවුන් ජීවත වූයේ ඔව්න්ගේම ලෝකයක් තනාගෙනය.ඔවුන්ගේ මෙම ආදරය උසස් පෙල ආරම්භ වීමත් සමග තවත් දලු ලා වැඩැන්නට විය.ඔවුන් දිනක් ඔව්න්ගේ අදරයේ සිමාවෙන් වලින් ඕබ්බට පැන ගියේය.දිනක් පන්තියේ ගුරුවරයාට පන්තියට පැමිනීමට නොහැකි වුවේය..එදින මොව්න් දෙදනා පන්ති අවසන් වේලාව පැමිනෙන තුරු ලැගුම්හලක ගතකලේ තම ජිවිතයේ සුන්දරම හෝරාවන් කිහිපය එය යයි සිතමිනි.එම හෝරාවන් අතරතුර පෙම්වතාගේ දුරකතනයෙන් ඇගේ පින්තුර කිහිපයක් ගත්තේ ඇයගෙ අනුදැනුමද ඇතිවය.ඔව්න් දෙදෙනාගේ සිතේ ආදරය මිස වෙන කිසිවක් නොවිය.. දින සති ගෙවි ගියේය.ඔව්න්ගේ බැදීම් තවත් වැඩි විය. දින සති ගෙවි ගියේය.ඔව්න්ගේ බැදීම් තවත් වැඩි

විය.ඔව්න් නිතර නිතර ඒසේ මුන ගැසුනේය.තව තවත් පින්තුර හා විඩියෝ ඔහුගේ දුරකතනයේ සටහන් විය.එක දිනක් ඔහුගේ දුරකතනය බිම වැටී ක්‍රියවිරහිත වීම හෙතුවෙන් ඔහු එය දුරකතන වෙලදසැලකට

ගෙනගොස් දෝෂය නිවරදි කරගැනීමට ලබාදී අවේය.වෙලදසැලෙහි සිටි අයියා එය ගෙනගොස් දොෂය නිවැරදි කර ටිකක් දුරකතනය පරික්ෂා කිරිමේදී ඔහුගේ ඇස් වලට මෙම ජායාරුප හසුවුයේය.. මොහු එම ජායරුප හා වීඩීයෝ සියල්ලම ඔහුගේ දුරකතනයට ලබාගත්තේ තාක්ෂණයේ දියුනුවේ ආදාරයෙනි.පෙම්වතා දුරකතනය ‍රැගෙන ගෙදර ගියේ තම පෙම්වතිය සමග මලක් 2ක් කැඩිමටය..වේලදසැලෙහි අයියා ගෙදර ගියේ ජායාරුප හරි ආකාරයට බලා ගැනිමටය..

ඔහු ගෙදර ගොස් සියල්ල බලා අනුන්ගේ සතුටින් ඔහුද යම් සතුටක් ලබුවා පමනක් නොව තම මිතුරන්ටද ඒව පෙන්වුයේ ඛෙදාහදා ගැනීම තනිවම බුක්ති විදිනවාට වඩා වටින නිස වෙන්නට පුලුවන.මෙසේ කලය ගත වුනේය.ඔහු හා ඇය මේ කිසිවක් සිහිනෙකින්වත් සිතා සිටියේ නැත.තාක්ෂණයේ දියුණුවටද පින්සිද්ධ වන්නට ජයාරූප සහ වීඩීයෝ රටපුරා හා අන්තර්ජතිකවද විසීරී ගියේය.ටිකෙන් ටික ඇය පරේ යනවිට කොල්ලන් විහිලු කිරිමටද,පස්සෙ ඒමටද පටන්ගත්තේය.එහෙත් ඒවා ඇය එතරම් ගනන්ගත්තේ නැත.

එහේත් හදිසියේ ඇගේ අයියා නිවසට පැමින යාකා නටන්නට විය.ඔහු ඇයට තම දුරකතනයෙන් දමා ගසා කියුවේ ලබලපන් උඛෙ හපන්කම්ල කියාය. ඇයට කිසිත් අදහාගත නොහැකිව දුරකතනය දෙස බැලුවේය.එහි තිබුනේ ඇයගේ පෙම්වතා විසින් ලබගත් ජායරුපය.ඇගේ මවද මෙ කලබලය ඇසි දිවවිත් දුරකතනය උදුරා බැලුවේය.අම්මාට මතක එපමනය.මව සිහිසුන්ව වැ‍ටුනාය.මවට සිහිය එන විට ඇයගේ ආදරනීය දියනිය මෙලොව සමුගෙනය.ඇයගේ පෙම්වතාද ඇය සියදිවිනසාගැනිම නිසා සියදිවිනසගෙන ඇත.ඔවුන්ගේ අදරය පිවිතුරුය.එසේනම් සිදු වුයේ කුමක්ද?

සිදුවුයේ ඔවුන්ගේ සිමාවෙන් එහාට යාමද?

සිදුවුයේ වෙලදසැලේ අයියා අහින්සක ජිවිත විනාශ කල එකද?

සිදුවුයේ තාක්ෂණයේ දුයුණුවේ ආනිසන්සද?

නැත මම සිතනා පරිදි සිදුවුයේ..

අදරයෙන් හැදු දරුවන් දෙදෙනෙකු අහින්සක දෙමාපියන්,සහෝදර සහෝදරියන්ට අහිමවීම

ඔව්න් ඉගෙනුම ලැබූ පාසල්වල කීර්තිනාමය බිදවැටීම

රටට යහපත් පුරවැසියන් දෙදෙනකු නැතිවීමත්ය.

එය සිදුවුයේ කලින් සදහන් කල හෙතු නිසාය..

දැන් අපිට ඒ පිලිබදව කලහැකි කිසිවක් නොමැත.එහෙත් අපිට කලහැකි දෙයක් ඇත.එනම්..

අම්මේ තාත්තේ - ඔබේ දරුවන් පිලිබදව හොද සැලකීමෙන් ජීවත් වෙන්න.ඔව්න් පිලිබදව හොද අවධානයක් දෙන්න.ඔව්න් සමග සුහදසීලිව ඉන්න.ඔව්න්ට හොද නරක කියා දෙන්න.

ඔහු / ඇය - ආදරේ කරන්න, ආදරේ විදින්න, ඒත් සීමාවෙන් එහාට යන්න ඒපා.ඒම යනවනම් දෙමපියන් ගැනත් හිතන්න.ආදරේ කරනකෙනාගෙ ජායරූපයක් තියගන්න.ඒත් ඒ ජයාරුපය ඔයාගේ අදරේට ගැලපෙන,අදරේ කරන කෙනාට කිසි හානියක් නොවෙන 1ක් වෙන්න වගබල ගන්න..

අයියේ / අක්කේ- මේ වගේ වෙලවකදී කලබල වෙන්න එපා.මේ වගෙ වෙලවකදි ඔයල එයලා ලගින් ඉන්න ඕන. නැතිනම් එයාල තනි වෙනවා.කලබල නොවි මේ වවෙලවෙදි වැඩ කරන්න,ඔයාලට පුලුවන් එයලට හොදනරක කියල දෙන්න..

මේ කථාවේ වෙලදසැලෙ ඉන්න අයියල වගේ අය - ඔයාලා මොනදේ කරත් ඊට කලින් ටිකක් හිතන්න වෙන්න පුලුවන් දේ ගැන.ඒ වගේ දෙයක් දැක්කොත් බලන 1 සදාරනයි කියමුකො.ඒ මිනිස්සුන්ගේ හැටි කියමුකෝ.ඒත් අයියේ මේ දේ ඔයගේ නදගිට,අක්කට හරි දුවෙකුට හරි උනොත්..? මොනද ඔයාටත් හිතේන්නේ?

දෙයක් උනාම කෑගහනවට වඩා වෙන්න කලින් වලක්වන 1 හොදයි කියලයි හිතන්නේ.ආයේ මේ වගේ දේවල් වෙන 1 වලක්වන්න හිත්ක් තියෙනම් හරි කැමැත්තක් තියෙනම් හරි අනිත් අයටත් මේක බලන්න ීය්රු කරන්න.. අද වෙන කෙනෙකුට උන දේ හෙට ඔයාට,ඔයාගේ අක්කට,නදගිට,දුවට,නෑදෑයෙකුට,යාළුවෙකුට උනත් වෙන්න පුලුවන්.ඒනිස සාමාජය දැනුවත් කරන්න අපි සමග එකතු වෙමු..

උපුටා ගැනීම rusithuwam  බොලොගෙයනි

Tuesday, July 2, 2013

මාස 06 ත් මාස 12 ත් අතර දරුවන්ට සරම්ප එන්නත වහා ලබා දෙන්න (vaccination for sri lanka )

 


kondayaරටපුරා කුඩා දරුවන් අතර මේ වනවිට සරම්ප රෝගය වසංගතයක් ලෙස පැතිර යාමට පටන් ගෙන ඇති බැවින් මාස 06 ත් මාස 12 ත් අතර දරුවන්ට සරම්ප එන්නත වහා ලබා දීමට සෞඛ්‍ය අමාත්‍ය තීරණය කර තිබේ. රෝගයට ගොදුරු වූ දරුවන් 500 කට අධික පිරිසක් මේ වනවිට හමු වී ඇති බැවින් ඔවුන්ගෙන් කීප දෙනෙකුගේ රෝග තත්ත්වය නියුමෝනියා දක්වා වර්ධනය වී ඇති බවත් ඔවුන්ට ප්‍රතිකාර ලබා දී සුවපත් කළ බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා සඳහන් කළේය.

නියුමෝනියා තත්ත්වය වැඩි වර්ධනය වුවහොත් කන් බිහිරී වීම, මොළයට හානි වීම, පාචනය, අන්ධවීම වැනි දරුණු තත්ත්වයන් පවා ඇති විය හැකි බව අද (01) වසංගත රෝග විද්‍යා අංශයේ පැවැති මාධ්‍ය හමුවකදී හෙළිදරව් විය.

ඒ අනුව දිවයින පුරා සිටින වයස මාස 06 ත් 12 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන දරුවන්ට සරම්ප එන්නත ලබා දීම ජුලි 05 වන දින උදේ 9.00 සිට සවස 4.00 දක්වා කාලය තුළ සියළුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලදී ආරම්භ කරන බව වෛද්‍ය මහීපාල මහතා කීය.

ජුලි 05 වන දින එන්නත ලබා ගැනීමට නොහැකි වන දරුවන්ට ජුලි 6, 13, 20, 27, යන දිනවලදී ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලදී එම එන්නත ලබා ගත හැකිය.

දරුවාට වයස අවුරුද්ද සම්පූර්ණ වීමේදී සරම්ප එන්නත ලබා දීම මෙතෙක් සිදු කළද මෙම එන්නත් මාත්‍රාව ලබා දෙන්නේ දැනට රට පුරා පැතිර යන සරම්ප වසංගත තත්ත්වයෙන් දරුවන් ආරක්ෂා කර ගැනීමේ අදිටනින් බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

ශ්‍රියානි විජේසිංහlakbima